ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.
ඒ අනුව අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ දසවන දිනය ලෙස මෙය වාර්තා වේ.
ඒ සමග කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයන් දෙදෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4 ක් බව සඳහන්.
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා මරණ 819 ක් වාර්තා වී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා මරණ සංඛ්‍යාව 907 කි.