ඔක්තෝබර් 30: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් නොමැතිව අලුතින් ආසාදිතයින් සිව් දෙනෙක්

Coronavirus restrictions ease in Melbourne after the 2nd wave

Daniel Andrews - Premier of Victoria Source: AAP Image/Erik Anderson

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් නොමැතිව අලුතින් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 2.4 සිට 2.6 දක්වා මදක් ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් දෙදෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන බවද සඳහන්.


Share
Published 30 October 2020 9:39am
By Madhura Seneviratne

Share this with family and friends