නොවැම්බර් 10: අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ එකොළොස් වන දිනය වාර්තා වේ

What are the new Covid restrictions in Victoria from 10 August?

Melbourne'da tam kapanmanın devam edip etmeyeceği önümüzdeki günlerde açıklanacak vaka sayılarına bağlı. Source: Daniel Pockett/Getty Images

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.

ඒ අනුව අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ එකොළොස් වන දිනය ලෙස මෙය වාර්තා වේ.

ඒ සමග කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් එක් ආසාදිතයෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4 ක් බව සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා මරණ 819 ක් වාර්තා වී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා මරණ සංඛ්‍යාව 907 කි.


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends