ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් එක් කොරෝනා මරණයක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 15 ක් වාර්තා වෙයි.
ඒ අනුව අද (06/10) වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 807 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 895 කි.
ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 10.6 ක් දක්වා තවදුරටත් පහත වැටී ඇත.
නමුත් පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වන ප්‍රභවය හඳුනා නොගත් ආසාදිතයින් 13 දෙනෙකු තවමත් ප්‍රාන්තයෙන් වාර්තා වන බවද සඳහන්.