ඔක්තෝබර් 27: වික්ටෝරියානු ප්‍රාන්තය කිසිදු කොරෝනා ආසාදිතයෙකු හෝ මරණයක් හෝ වාර්තා නොවූ දෙවැනි දිනය ද වාර්තා කරයි

What are the new Covid restrictions in Victoria from 10 August?

Melbourne'da tam kapanmanın devam edip etmeyeceği önümüzdeki günlerde açıklanacak vaka sayılarına bağlı. Source: Daniel Pockett/Getty Images

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

ඒ අනුව අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ දෙවැනි දිනය ලෙසද මෙය සටහන් වේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 2.8 ක් දක්වා යළි පහත වැටී තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.2 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 6 දෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන බවද සඳහන්.


Share
Published 27 October 2020 9:05am
By Madhura Seneviratne

Share this with family and friends