Key Points
- ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ආසන 49ක් දිනා තිබේ
- මෙම ප්‍රතිඵල ඔස්සේ "බලාපොරොත්තුව සැමවිටම වෛරය පරදවන" බව පෙනී යන බව අගමැති Daniel Andrews පවසයි
- නොමිළේ ළමා රැකවරණ, රෝහල් සහ නොමිලේ TAFE පාඨමාලා පුළුල් කිරීමේ ධනාත්මක සැලැස්මක් ලබාදෙන බව අගමැති පවසයි
මෙවර වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය ශක්තිමත්, ස්ථාවර බහුතර ලේබර් රජයක් සඳහා වූ ප්‍රබල ඡන්දයක් බව මැතිවරණයෙන් ජයගත් හිටපු වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews සිය ආධාරකරුවන්ට පවසි.
"නායකත්වය යනු ජනප්‍රිය දේ කිරීම නොවන අතර, නායකත්වය යනු හරි දේ කිරීම" වශයෙන් ලේබර් පක්ෂයේ නිරූපකයකු වන Paul Keating තමාට වරක් පැවසූ බවත් මෙල්බර්න් ආසනයේ මල්ග්‍රේව් හි පැවති උත්සවයකදී ඔහු සඳහන් කළේය.
මේ අනුව වික්ටෝරියානු වැසියන් මෙවර මැතිවරණයෙන් අනුමත කොට ඇත්තේ එය වන බවත් Daniel Andrews සඳහන් කොට තිබේ.
ඊයේ (26/11) රාත්‍රී 10.50 ට පමණ වික්ටෝරියානු ප්‍රාන්ත විපක්ෂ නායක Matthew Guy, Doncaster හි සිය පාක්ෂිකයින් ඇමතීම සිදු කල අතර, ඔහු කියා සිටියේ වික්ටෝරියානු ප්‍රාන්තයේ යහපත් කාලය පසුපසින් නොව ඉදිරියෙන් පැවතිය යුතු බවයි.

Voters at St Anthony's Catholic Church voting centre in Melbourne are among two million who cast their ballots on election day. Source: AAP / James Ross
ඉදිරි වසර 04 සඳහා ලේබර් පක්ෂය වික්ටෝරියා ප්‍රාන්තය පාලනය කරනු ඇති අතර, Daniel Andrews තුන්වන ධුර කාලයක් සඳහා නායකත්වය ලබා දීම සිදු කරයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ප්‍රාන්ත රජය තුල COVID-19 ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් පසුබෑමක් පවතින නමුත් මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ "බලාපොරොත්තුව සැමවිටම වෛරය පරාජය කරන" බවද මැතිවරණ ප්‍රතිපල වලින් අනතුරුව Daniel Andrews පැවසීය.
එමෙන්ම ඔහු කියා සිටියේ “අපි විද්‍යාව කෙරෙහි අපගේ විශ්වාසය තුළ එක්සත්ව සිටියෙමු, එමෙන්ම අපි අපගේ ඇදහීම සහ එකිනෙකා කෙරෙහි සැලකිල්ලෙන්ද සිටිමු" වශයෙනි.
ඉදිරියේදී නොමිළේ ළමා රැකවරණ, රෝහල් සහ නොමිලේ TAFE පාඨමාලා පුළුල් කිරීමේ ධනාත්මක සැලැස්මක් ලබාදෙන අතර රාජ්‍ය විදුලි කොමිෂන් සභාව නැවත ස්ථාපිත කිරීම සිදු කරන බවටද Daniel Andrews ප්‍රතිඥා දීම සිදු කළේය.
ඊයේ (26/11) රාත්‍රියේ ලේබර් පක්ෂයට සිය පාලන කටයුතු සිදු කිරීම සඳහා අවම වශයෙන් ආසන 49ක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කිරීම සිදු විය.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ද Twitter පණිවුඩයක් නිකුත් කරමින් Daniel Andrewsට සිය සුබ පැතුම් පළ කළේය.
"What a great win," වශයෙන් එම පණිවුඩයේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය වන Annastacia Palaszczuk ද සිය සුබපැතුම් එක්කර තිබු අතර ඇය Twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය "විශිෂ්ට ජයග්‍රහණයක්" වන බවයි.
ඊයේ (26/11) සවස් වරුවේදී, ලේබර් පක්ෂ Paul Mercurio ලිබරල් පක්ෂය සඳහා වැඩි බලයක් පැවති Hastings හි ආසනය දිනා ගැනීම සිදු විය.
එමෙන්ම හිටපු වෘත්තීය ටෙනිස් ක්‍රීඩක ලිබරල් පක්ෂ අපේක්ෂක Sam Groth ද Nepean ආසනයේ ජය තහවුරු කිරීමට සමත්ව තිබේ.
ඔහු මාධ්‍ය කියා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත්වන බවයි.
මෙම ආසනය 2018 වසරේදී ලේබර් පක්ෂ අපේක්ෂක Chris Brayne ජයගැනීම සිදු විය.
කෙසේ නමුත් ජ්‍යෙෂ්ඨ ලිබරල් සාමාජික Georgie Crozier, Seven මාධ්‍ය වෙත පැවසුවේ ප්‍රාන්ත වැසියන් කලින් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඇය කලකිරීමට පත්ව සිටින බවයි.
තම පක්ෂය වික්ටෝරියානු ප්‍රාන්තයට කැපවී සහ මහන්සි වී කටයුතු කල නමුත්, ලිබරල් සන්ධානයේ පණිවුඩය පැහැදිලිවම වික්ටෝරියානු ජනතාව ලබා ගෙන නොමැති බවත් ඇය සඳහන් කොට සිටී.
Greens පක්ෂ නායක Adam Bandt මේ සම්බන්ධයෙන් පවසන්නේ, තම පක්ෂය වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයකදී හොඳම ප්‍රතිඵලය කරා ගමන් කරමින් සිටින බවයි.
ඊයේ දිනයේදී ඇතැම් මැතිවරණ මධ්‍යස්ථාන වල ඡන්ද පත්‍රිකා වල හිඟයක් පැවතීම හේතුවෙන් මැතිවරණ දිනයේදී ඇතැම් වික්ටෝරියානු ඡන්ද මධ්‍යස්ථාන වලදී වික්ටෝරියානුවන් හට හිස් ඡන්ද පත්‍රිකාවල ඡන්දය ලිවීමට පවා සිදුවූ බව වාර්තා වේ.
වික්ටෝරියානු මැතිවරණ කොමිසමද ඊයේ රාත්‍රියේ ඡන්ද පත්‍රිකා හිඟය තහවුරු කරමින් Twitter පණිවුඩයක් නිකුත් කිරීම සිදු කළේය.
"ප්‍රාන්ත ඡන්දදායකයින්ට හිස් ඡන්ද පත්‍රිකා ලබා දීම සිදු කල අතර, ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයින්ගේ නම් අත් අකුරින් ලියා තිබේ. මෙම තත්ත්වය තුළ මෙය පිළිගත හැකි ප්‍රවේශයකි" වශයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණ කොමිසම මෙහි සටහන් කොට තිබේ.
වික්ටෝරියානුවන් මිලියන දෙකකට ආසන්න සංක්‍යාවක් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සිදු කළ අතර, සෙනසුරාදා (26/11) සවස 6 ට ඡන්ද විමසීම අවසන් විය.
ලියාපදිංචි වී ඇති මිලියන 4.4 ක් වූ වික්ටෝරියානු වැසියන්ගෙන් අඩක් පමණ කලින්, ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කොට තිබිණ. මේ හේතුවෙන් මැතිවරණ රාත්‍රියේ ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බවටද මැතිවරණ කොමිසම අනතුරු ඇඟවීමක් සිදු කොට තිබිණ.
එමෙන්ම Daniel Andrews ද ඡන්දය ප්‍රකාශ කිරීමේ සම්ප්‍රදාය බිඳ දමමින් සිය බිරිඳ Catherine සහ ඔහුගේ දරුවන් සමඟ Mulgrave හි ඔහුගේ මැතිවරණ කොට්ඨාශයෙන් පිටත මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂත්වයකි.