අද උදෑසන වන විට (03/08) වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 429 ක් වාර්තා වී තිබේ.
එමෙන්ම ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 13 ක්ද වාර්තා වී ඇත.
එම මරණ 13 ත් සමග වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 136 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 221 ක් දක්වා ඉහළ නැග තිබේ.
අද උදෑසන වන විට අලුතින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 36 දෙනෙකු හට වයිරසය ආසාදනය වී ඇත්තේ දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු මගින් වුවද සෙසු 393 දෙනා හට වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ තවමත් විමර්ශනය කරමින් පවතී.
අද උදෑසන වන විට අලුතින් වාර්තා වූ කොරෝනා මරණ වලින් 8ක්ම aged care මධ්‍යස්ථාන වල වාසය කළ වියපත් පුද්ගලයෝ වුහ.
වික්ටෝරියානු ප්‍රාන්තයට බලපාන නව කොරෝනා නීති පිළිබඳ ප්‍රාන්ත අගමැති Daniel Andrews තව සුළු මොහොතකින් නිවේදනය කිරීමට නියමිතය.