Breaking

ඇමෙරිකානු ජනාධිපති Donald Trump ට සහ බිරිඳ Melania ට කොරෝනා වැළඳේ

US President Donald Trump and First Lady Melania Trump have tested positive to COVID-19.

US President Donald Trump and First Lady Melania Trump have tested positive to COVID-19. Source: AP

ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ බිරිඳ Melania Trump COVID-19 වයිරසයට ධනාත්මක වී ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ නිවේදනය කර ඇත.

Donald Trump ගේ සමීපතම උපදේශිකාවක් ලෙස කටයුතු කරන Hope Hicks හට කොරෝනා වයිරසය වැළඳීමෙන් අනතුරුව Donald Trump සහ ඔහුගේ බිරිඳ Melania Trump කොරෝනා පරීක්ෂාව සිදු කරගෙන තිබේ.

එම පරීක්ෂණ වල ප්‍රතිඵල වලින් ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
තමන් සහ තම බිරිඳ ස්වයං නිරෝධායනය වීම හැකි ඉක්මණින් ආරම්භ කරන බවද Donald Trump සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරණයට මසක් පමණ කාලයක් තිබියදී Donald Trump හට කොරෝනා වයිරසය ආසාදනය වීම විශේෂ පුවතක් වී තිබේ.

 


Share
Published 2 October 2020 3:53pm
Updated 12 August 2022 3:16pm
By Maani Truu, Madhura Seneviratne


Share this with family and friends