මුස්ලිම් රටවල් හතේ වැසියන්ට ඇමෙරිකාව තහනම් කිරීම නීත්‍යානුකූල බව ඇමෙරිකානු රජය පවසයි.

Trump's controversial travel ban is legal.

Source: AP

ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසින් මුස්ලිම් රටවල් 7ක වැසියන් හට අමෙරිකාවට සංක්‍රමණය වීමට පනවා ඇති තහනම නීත්‍යානුකූල බව ඇමෙරිකානු රජය පවසයි.

Donald Trump ගේ මෙම විධානය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නීත්‍යානුකූල ද නැතිද යන්න නොබෝ දිනකින්ම ප්‍රකාශ කිරීමට නියමිත බව සඳහන්.

මෙම තීන්දුව නීත්‍යානුකූල නොවන බව පවසමින් Trump ගේ තීන්දුවට එරෙහිව Seattle හි මධ්‍යම රජයේ විනිසුරුවරයෙකු විසින් තාවකාලික තහනමක් පනවා තිබුණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම නියෝගය ව්‍යවස්ථානුකූල එකක් බව රජයට විශ්වාස බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් Sean Spicer පවසයි.

Donald Trump ගේ මෙම විධානය හේතුවෙන් ඇමරිකාවේ සරණාගත වැඩසටහන සහ මුස්ලිම් රටවල් 7 වැසියන් හට ඇමෙරිකාවට සංක්‍රමණය වීම නවතා දමනු ලැබීය.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends