භාණ්ඩ ප්‍රවාහනය කළ රියදුරෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව උතුරු හා බටහිර මෙල්බර්න් කලාප වල McDonald's අවන්හල් 12 ක් වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
අදාළ McDonald's අවන්හල් විෂබීජහරණය කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා මෙසේ වසා දැමුණු බව වාර්තා වේ.
වයිරසය ආසාදිත එම රියදුරා මීට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ Fawkner ප්‍රදේශයේ McDonald's අවන්හල් සේවකයාගේ ඥාතියෙකු බව හඳුනාගෙන තිබේ.
අදාළ රියදුරාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බවද වාර්තා විය.
එම රියදුරු සමග ගැවසුණු McDonald's අවන්හල් වල සේවකයින් හට කොරෝනා පරීක්ෂාව සිදු කරගන්නා ලෙසත් දින 14 ක කාලයක් සේවයට වාර්තා නොකරන ලෙසත් දැනුම් දී ඇති බව McDonald's සමාගමේ නියෝජිතයෙකු පැවසීය.
වසා දැමුණු එම McDonald's අවන්හල් 12 පහත පරිදී වේ.
- Melton East
- Laverton North
- Yallambie
- Taylors Lakes
- Campbellfield
- Sunbury
- Hoppers Crossing
- Riverdale Village
- Sandown
- Calder Highway Northbound/Outbound
- Calder Highway Southbound/Inbound
- BP Rockbank Service Centre Outbound

Source: SBS Sinhala