ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කාබන් විමෝචනය අඩු කරන නිවැසියන්ට මුදල් සහ වට්ටම් ලැබෙන්නේ මෙහෙමයි

කාබන් විමෝචනය අඩු කිරීමේදී ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ රජය විසින් ලබාදෙන දීමනා හෝ සහන පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

A fanned out pile of Australian money next to a power meter.

As energy prices continue to rise, Australians are being reminded to think about how they can improve the energy efficiency in their homes. Source: Getty / MarkPiovesan

ඉදිරි මාසවලදී ඔස්ට්‍රේලියානුවාසීන්ගේ බලශක්ති බිල්පත් තවත් ඉහළ යන බවට මේ වන විට පුරෝකථනය කර තිබේ.

එනිසාම ඔවුන්ගේ බිල්පත් සහ හරිතාගාර වායු විමෝචනය එකවර අඩු කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින් පිරිනමනු ලබන විවිධ දිරිගැන්වීම් පිළිබඳ නිවැසියන්ට සිහිපත් කිරීම් සිදුකරයි.

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ රජය විසින් ලබාදෙන එවැනි දීමනා හෝ සහන පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
LISTEN TO
SINHALA INT MEN'S MENTAL HEALTH 18/04 image

අධික ජීවන වියදම නිසා මුහුණ දෙන මානසික පිඩනය අඩු කරගන්න, ඕස්ට්‍රේලියාවේ පුරුෂ පාර්ශවය දැන සිටියම යුතු කරුණු

SBS Sinhala

17:26

සූර්ය කෝෂ/ පැනල සවි කිරීමට සහය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී නිවැසියන්ට ඔවුන්ගේ විදුලි බිලෙහි පිරිවැයෙන් කොටසක් පියවා ගැනීම සඳහා වට්ටමක් ලැබෙන නමුත් ඔවුන්ට එම වට්ටම සූර්ය බලශක්තිය සඳහා හුවමාරු කර ගැනීමට දැනට අවස්ථාව තිබේ.

සම්පුර්ණයෙන්ම ස්ථාපිත කිලෝවොට් 3 ක සූර්ය පැනල පද්ධතියක් වෙනුවෙන් වසර 10 ක් සඳහා ඔවුන්ගේ වසරකට ඩොලර් 285 ක වට්ටමක් අහිමි වන බව සඳහන්.

නිවැසියන්ට සූර්ය බලශක්තිය සමඟ ඔවුන්ගේ බලශක්ති බිල්පත් කපා හැර වසරකට ඩොලර් 600 ක් ඉතිරි කර ගත හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

වික්ටෝරියා ප්‍රාන්තයේ ද සූර්ය බලශක්තිය නිවෙස්වලට ලබා ගැනීමේදී ප්‍රාන්ත රජයේ සහන හිමිවේ.

කුලියට ලබාදී ඇති නිවෙස්වලටද වික්ටෝරියා ප්‍රාන්තයේ සූර්ය බලශක්තිය ලබාගැනීමේ වට්ටම් හිමිකරගත හැකිවේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය පිරිනමන සූර්ය වට්ටම් අතර කුලී නිවසක සූර්ය පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඩොලර් 1,400 ක වට්ටමක් ද ඇතුළත් වේ.

කුලී නිවාස සපයන්නන් ඔවුන්ගේ දේපලවල වටිනාකම සහ ආකර්ෂණය සඳහා ආයෝජනයක් ලෙස සූර්ය පද්ධතියක් ස්ථාපිත කිරීම සලකා බලනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය විශ්වාස කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Solar Homes වැඩසටහනෙහි හිමිකරුවන්ට සූර්ය පැනල, බැටරි සහ උණු වතුර පද්ධති සඳහා වට්ටම් ද ලබා දේ.

$10,000 දක්වා වටිනා ටස්මේනියා ප්‍රාන්තයේ Energy Saver ණය මුදල සූර්ය පද්ධති, බැටරි ගබඩා ඒකක, සහ ගෘහාශ්‍රිත විශාල විදුලි උපකරණ, වැනි භාණ්ඩ සඳහා හෝ double glazing වැනි heating සහ cooling සඳහා උපකාරී වන නිවාස වැඩිදියුණු කිරීම් සඳහා වැය කළ හැකිය.
කිලෝවොට් 3 ක සූර්ය පද්ධතියක් මඟින් විදුලිබල පද්ධතියෙන් එන බලශක්තිය මත සාමාන්‍ය නිවසක බලශක්ති යැපීම තුනෙන් දෙකකින් අඩු කළ හැකි බව සූර්ය බලශක්ති සමාගම්වල ඇස්තමේන්තු යෝජනා කරයි.

සූර්ය බලශක්තිය සඳහා සියලු නිවාස සුදුසු නොවන බවද කිව යුතුය.

බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ පිරිවැය අඩු කිරීම සඳහා වෙනත් සුදුසු විකල්ප සොයා ගැනීම පිණිස බලශක්ති තක්සේරුවක් සම්පූර්ණ කිරීමට සුදුසුකම් නොලබන අය මේ සඳහා දිරිමත් කරනු ලැබේ.
The view of a side of a house with solar panels on a corrugated tin roof.
A scheme in NSW gives low-income earners an opportunity to have a solar system installed on their home. Source: AAP / Tracey Nearmy

විදුලි මෝටර් රථ සඳහා ණය

ACT හි Sustainable Household Scheme හෙවත් "තිරසාර ගෘහාශ්‍රිත වැඩසටහන" වසර 10ක් දක්වා කාලයක් තුළ ආපසු ගෙවීමට ඩොලර් 15,000 දක්වා පොලී රහිත ණය ලබා දෙයි.

බලශක්ති කාර්යක්ෂමතා විකල්ප වෙත යාමේදී ACT පදිංචිකරුවන්ට එවැනි ණයක් විදුලි මෝටර් රථ සඳහා ද ලබා ගත හැකිවේ.
LISTEN TO
sinhala_240423_economicoutlook_long.mp3 image

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ලෝක ආර්ථික දැක්මට අනුව ඔස්ට්‍රේලියානු ආර්ථිකය කොයිබටද?

SBS Sinhala

22:20
මෝටර් රථ ගැනුම්කරුවෙකුට ඩොලර් 15,000 ට අඩු, ගුණාත්මක මට්ටමේ භාවිත කරන ලද විදුලි වාහනයක් (EV) සොයා ගැනීමට හැකි වන අතර, මෙම වැඩසටහන මඟින් ACT පදිංචිකරුවන්ට විදුලි මෝටර් රථයක් මිලදී ගැනීමේ තැන්පතුවක් සඳහා ද අදාළ ණය භාවිතා කිරීමට ඉඩ ලබා දේ.

පොලි ගෙවීමට අවශ්‍ය නොවන නිසා මෝටර් රථ හිමියන්ට දහස් ගණනක මුදල් ඉතිරි කර ගත හැකි අතර පසුව විදුලි මෝටර් රථය නිසා අඩු පිරිවැයේ ප්‍රතිලාභ ලබා ගත හැකිය.

ACT රජයට අනුව, විදුලි මෝටර් රථයක ධාවන පිරිවැය කිලෝමීටර 100කට ඩොලර් 4කට සමාන වන අතර, සාම්ප්‍රදායික මෝටර් රථයක මිල කිලෝමීටර 100කට ඩොලර් 15ක් පමණ වේ.
The back half of a blue sedan, with a charger connecting the car to a charging station.
Interest-free loans available in the ACT could help contribute to the cost of buying an electric vehicle. Source: AAP / Jono Searle

ඔබේ බලශක්ති භාවිතය පාලනය කරන්න

Victorian Energy Upgrades වැඩසටහන මඟින් නිවෙස්වලට සහ ව්‍යාපාරවලට වට්ටම් සහිත බලශක්ති-කාර්යක්ෂම නිෂ්පාදන (discounted energy-efficient products) ස්ථාපනය කිරීමෙන් මුදල් හා බලශක්තිය ඉතිරි කර ගැනීමට අවස්ථාව ලබා දේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජයට අනුව, මෙම වැඩසටහනෙන් බලශක්ති ඉතිරිකිරීම් හරහා වසර 2025 දී ප්‍රාන්තයේ විදුලි පරිභෝජනය 7% කින් සහ බලශක්ති පද්ධති පිරිවැයෙන් ඩොලර් බිලියන 3.8 කින් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.

සාමාන්‍ය පවුලකට සෑම වසරකම බලශක්ති පිරිවැය මත ඩොලර් 120 සිට ඩොලර් 1,100 දක්වා ඉතිරි කර ගත හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඇස්තමේන්තු කරයි.
ආලෝකය, වායු සමීකරණ, උණු වතුර පද්ධති සහ pool pumps හරහා සමස්ත ගෘහස්ථ බලශක්ති භාවිතය අඩු කිරීමට උපකාර කිරීමට සැලසුම් කර ඇති නවීකරණයන් ගණනාවක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරිපත් කරයි.

ACT හි Concession සහ Veterans’ Affairs Gold කාඩ්පත් හිමියන්ට hot water heat pumps, reverse cycle heating and cooling systems සහ විදුලි උදුන upgrade කිරීම් වැනි සඳහා වට්ටම් ලබා ගත හැකිය.

සුදුසුකම් ලත් නිවාස හිමියන්ට ඩොලර් 5,000 දක්වා වට්ටම් සඳහා ඉල්ලුම් කළ හැකිය.


Share
Published 25 April 2023 6:32pm
By Aleisha Orr, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends