කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීමට ලොව පුරා රටවල් කිහිපයක්ම මේ වන විටත් උත්සාහ දරමින් සිටියි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වයිරසයට එරෙහි වියහැකි එන්නතක් නිපදවීම සඳහා දකුණු අර්ධගෝලයේ පළමු මිනිස් අත්හදා බැලීම අද (26/05) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී ආරම්භ කෙරේ.

Source: AAP
කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා වූ දකුණු අර්ධගෝලයේ පළමු මිනිස් අත්හදා බැලීම
කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා වූ දකුණු අර්ධගෝලයේ පළමු මිනිස් අත්හදා බැලීම අද ද (26/05) මෙල්බර්න් නුවරදී ආරම්භ කෙරේ.
මෙම අත්හදා බැලීමේ වැඩසටහන සඳහා පුද්ගලයින් 130 දෙනෙකු සහභාගී කරවගැනෙන බව වාර්තා වේ.
ඉන අනතුරුව මේ සතියේදී එම අත්හදා බැලීමේ වැඩසටහන බ්‍රිස්බේන් නුවරටද ගෙනයාමට බලධාරීහු අදහස් කරති.
මෙම එන්නත දැනට NVX-CoV2373 නමින් හැඳින්වෙන අතර ඔස්ට්‍රේලියාවේ විශාලතම සහ ප්‍රමුඛතම සායනික පර්යේෂණ සංවිධානයක් වන Nucleus Network විසින් මෙම එන්නත පරීක්ෂා කිරීමේ මුල් අදියරේ කටයුතු මෙහෙයවනු ලබයි.
මෙම අත්හදා බැලීමේ වැඩසටහන සඳහා සහභාගී කරවා ගැනෙන පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 59 ත් අතරේ පසුවන සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් බව ABC පුවත් සේවය වාර්තා කරයි.
කොරෝනා වයිරසයට එරෙහිව කරන සටනේදී මෙම එන්නත අත්හදා බැලීම සුවිශේෂී පියවරක් බව වෛද්‍ය පර්යේෂණ පිළිබද වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ ලේකම් Frank McGuire පැවසීය.
"මෙය කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා වූ දකුණු අර්ධගෝලයේ පළමු මිනිස් අත්හදා බැලීමයි. එය වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආරම්භ කිරීමට හැකිවීම ඇත්තෙන්ම මහත්වූ සතුටට කරුණක්." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
මෙම ප්රතිකර්මය ඇමෙරිකානු ජෛව තාක්ෂණික සමාගමක් වන Novavax විසින් වැඩි දියණු කරන ලද අතර මේ මගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්ත ප්‍රතිචාර වැඩි කිරීම ඉලක්ක කරයි.
එමෙන්ම සිරුරේ මධ්‍යස්ථ ප්‍රතිදේහ ඉහළ මටමින් උත්තේජනය කිරීමක්ද මෙම එන්නත මගින් සිදු කිරීමට අපේක්ෂිතය.
මෙම අත්හදා බැලීමේ මූලික ප්‍රතිඵල ජූලි මාසයේදී අපේක්ෂා කෙරේ.

The Australian Government has inked deals for more possible novel coronavirus vaccines. Source: AAP
ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් සමාව ඉල්ලයි
කොරෝනා වයිරසය චීනයේ පර්යේෂණාගාරයක් තුළ නිපදවූ බවට පවසමින් නිකුත් කළ ඇමෙරිකානු රාජ්‍ය ලියවිල්ලක් සිඩ්නි පුවත් පතක් භාවිත කිරීම සම්බන්ධයෙන් කැන්බරා නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් සමාව ඉල්ලයි.
ලොව වඩාත් බලවත් බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා කණ්ඩායමක් වන Five Eyes සන්ධානය ට සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා මිටියක් සම්බන්ධයෙන් සිඩ්නි නුවර Saturday Telegraph පුවත් පත විස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කර තිබුණි.
එම ලිපියේ තොරතුරු වලට පාදක කරගෙන තිබුණේ කොරෝනා වයිරසය චීනයේ පර්යේෂණාගාරයක් තුළ නිපදවූ බවට පවසන ඇමෙරිකානු රාජ්‍ය ලියවිලල්කි.
නමුත් වයිරසය නිපදවීම පර්යේෂණාගාරයකට සම්බන්ධයක් ඇති බවට එහි කිසිදු නව සාක්ෂියක් අඩංගු නොවූ බව සඳහන්.
අදාළ ලියවිල්ලේ කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කර ඇති බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ Rory Medcalf පැවසීය.
ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව යන රටවල් පහේ බුද්ධි අංශ එකතුවක් ලෙස Five Eyes සන්ධානය බිහිවී තිබේ.

Source: SBS Sinhala