ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අවදානම් වැඩිම මාර්ග සහ මංසන්ධි අනාවරණය කරගෙන තිබේ.
Royal Automobile Club of Victoria හෙවත් RACV විසින් සිදුකළ නවතම සමීක්ෂණයක් හරහා මෙම තොරතුරු රැස්කරගෙන ඇත.
RACV සමීක්ෂණය
මෙම RACV සමීක්ෂණයට මෙල්බර්න් වැසියන් 5,000 ක් පමණ ප්‍රතිචාර දැක්වූ අතර මෙල්බර්න් නගරයේ වඩාත්ම භයානක ලෙස සැලකෙන මංසන්ධි සහ මාර්ග හඳුනා ගැනීමට ඒවා උපකාරී විය.
මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්කල මංසන්ධියක ආරක්ෂාව වඩාත් සැලකිලිමත් විය යුතු ක්ෂේත්‍රය වන බවත් රියදුරන්ගේ අනාරක්ෂිත හැසිරීම්, එනම් වේගයෙන් රිය පැදවීම සහ අක්‍රමවත් ලෙස රිය පැදවීම සෙසු අවදානම් සාධක ලෙසත් අදාළ ප්‍රතිචාර දක්වන්නෝ දන්වා සිටියහ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මාර්ගයේ අඩු වේග සීමාවක් පැනවීම හරහා මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරන බව මෙම සමීක්ෂණයට සහභාගී වූ තුනෙන් එකක් පවසා තිබේ.
ඒ අනුව මාර්ගයේ මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව යනු ආරක්ෂිත වේගය සහ ආරක්ෂිත මාර්ග පමණක් නොව රියදුරු හැසිරීමත් ඊට ඇතුළත් බව මෙම ප්‍රතිඵල පෙන්වා දී ඇතැයි RACV පවසයි.
RACV විසින් මෙම සමීක්ෂණයේ සොයාගැනීම් අදාළ නගර සභා වෙත ලබාදෙනු ඇති අතර ආරක්ෂාව අඩු අවදානම වැඩි බවට හඳුනාගත් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා පෙනී සිටිනු ඇත.
LISTEN TO

ජූලි 10 දින සිට ඔස්ට්‍රේලියාවේ Child Care Subsidy වෙනස් වුණේ මෙහෙමයි
SBS Sinhala
07:57
මෙල්බර්න් නුවර වැඩිම අවදානමක් ඇති මාර්ග 10
| මාර්ගය | මාර්ගයේ අවදානම් කලාපයට හසුවන උප නගර |
1 | Mount Alexander Road | Essendon, Moonee Ponds, Ascot Vale |
2 | Dandenong Road | Windsor, Prahran, Caulfield |
3 | Sydney Road | Brunswick, Coburg |
4 | North Road | McKinnon, Oakleigh, Clayton |
5 | Calder Freeway | Keilor Park, Keilor, Taylors Lakes |
6 | Clyde Road / Berwick-Cranbourne Road | Berwick, Clyde |
7 | Point Cook Road | Point Cook, Seabrook |
8 | St Kilda Road | Melbourne |
9 | Barkly Street / Hopkins Street | Footscray |
10 | Western Freeway | Melton, Rockbank |
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම රැකියා ඇබෑර්තු ඇති ප්‍රාන්ත සහ ක්ෂේත්‍ර මෙන්න
SBS Sinhala
03:12
මෙල්බර්න් නුවර වැඩිම අවදානමක් ඇති මංසන්ධි 10
| මංසන්ධිය | මංසන්ධිය හසුවන උප නගරය |
1 | Mount Alexander Road / Keilor Road | Essendon |
2 | Princes Freeway / Geelong Road Exit | Werribee |
3 | Wellington Road / Dorning Road | Narre Warren East |
4 | Bay Street / Liardet Road | Port Melbourne |
5 | Twickenham Crescent / Loyola Grove | Richmond |
6 | Racecourse Road / Flemington Road | North Melbourne |
7 | Point Cook Road / Sneydes Road | Point Cook |
8 | Flemington Road / Royal Parade | North Melbourne |
9 | Lorimer Street / Wurundjeri Way | Docklands |
10 | Williamstown Road / Beacon Road | Port Melbourne |