Breaking

සැප්තැම්බර් 17: මෙල්බර්න් නුවර දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව තවත් පහළට

The number of daily coronavirus cases in Melbourne is down further

The number of daily coronavirus cases in Melbourne is down further Source: Getty Images/Benjawan Sittidech

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 8 ක් සමග ආසාදිතයින් 28 ක් වාර්තා වේ.

ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 745 කි.

එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (17/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 832 කි.

මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 50 ට වඩා පහත බැස ඇති බවත් එය සුබදායී තත්ත්වයක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ එම සාමාන්‍ය අගය 44.4 ක් ලෙස සටහන් වේ.


Share
Published 17 September 2020 9:16am
Updated 17 September 2020 9:21am
By Madhura Seneviratne

Share this with family and friends