ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු යාවත්කාලීන කර තිබේ.
ඒ අනුව වික්ටෝරියානු 190 සහ 491 වීසා සඳහා අගෝස්තු මාසයේදී ලැබුණු Registrations of Interest හෙවත් ROI ප්‍රමාණය සහ ඒවායින් වීසා නාමයෝජනා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී සලකා බැලු අවම ලකුණු මට්ටම පිළිබඳ තොරතුරු වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.
Highlights
- 2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 4,220 ක් ලැබුණු නමුත් ඉන් 226 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
- 2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 525 ක් ලැබුණු නමුත් ඉන් එකකට පමණක් ආරාධනා පත්‍රයක් නිකුත් කර ඇත.
- වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ ඉලක්කගත අංශ 7 ක් යටතේය.
190 වීසා වැඩසටහන
2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා සඳහා 3,500 ක කෝටාවක් වෙන් කර තිබේ.
2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 4,220 ක් ලැබුණු නමුත් ඉන් 226 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
එයින් අයදුම්කරුවන් 105 දෙනෙකු 190 වීසා සඳහා තම අයදුම්පත් මේ වන විට යොමු කර ඇතැයි ද වාර්තා වේ.

Source: Getty Images
491 වීසා වැඩසටහන
2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා සඳහා 500 ක කෝටාවක් වෙන් කර තිබේ.
2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 525 ක් ලැබුණු නමුත් ඉන් එකකට පමණක් ආරාධනා පත්‍රයක් නිකුත් කර ඇත.
491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.
මේ හරහා 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Target sectors වලට අනුව ලැබී ඇති ROI සහ සලකා බැලු අවම ලකුණු
වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 7 ක් යටතේය.
ඒ ඒ ඉලක්කගත අංශ වෙත අගෝස්තු මාසයේදී ලැබුණු ROI සහ ඒවා සඳහා වීසා නාම යෝජනා දීමට සලකා බැලූ අවම ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.
01. Advanced Manufacturing
190 වීසා සඳහා ලැබුණු ROI - 484
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95
491 වීසා සඳහා ලැබුණු ROI - 54
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත
02. Agri-food
190 වීසා සඳහා ලැබුණු ROI - 192
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
491 වීසා සඳහා ලැබුණු ROI - 70
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත
03. Digital
190 වීසා සඳහා ලැබුණු ROI - 901
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත
491 වීසා සඳහා ලැබුණු ROI - 181
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත
04. Health
190 වීසා සඳහා ලැබුණු ROI - 1,902
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
491 වීසා සඳහා ලැබුණු ROI - 175
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත
05. Life Sciences
190 වීසා සඳහා ලැබුණු ROI - 165
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95
491 වීසා සඳහා ලැබුණු ROI - 15
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත
06. Medical Research
190 වීසා සඳහා ලැබුණු ROI - 82
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90
491 වීසා සඳහා ලැබුණු ROI - 02
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත
New Energy, Emissions Reduction and Circular Economy
190 වීසා සඳහා ලැබුණු ROI - 543
190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95
491 වීසා සඳහා ලැබුණු ROI - 36
491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත