බරපතල රෝගාබාධ වළක්වා ගැනීමට හැකි ඉක්මනින් වාර්ෂික Flu එන්නත ලබා ගන්නා ලෙස ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලීමක්

ෆෙඩරල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව පසුගිය වසරේ මුල් මාස දෙකට වඩා ඔස්ට්‍රේලියාවේ මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් 100 ගුණයකින් වැඩි වී ඇත.

A person administers a flu vaccine.

Australians are expected to face a surge of influenza infections this year ahead of the vaccine rollout starting soon. Source: AAP / David Cheskin

ඔස්ට්‍රේලියාවේ Flu හෙවත් ඉන්ෆ්ලුවන්සා රෝගීන් මේ වන විට විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඉන්ෆ්ලුවන්සා සමයේ උච්චතම අවස්ථාවට පෙර Flu ආසාදනයෙන් ආරක්ෂා වන ලෙස බලධාරීහු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිති.

ෆෙඩරල් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව පසුගිය වසරේ මුල් මාස දෙකට වඩා ඔස්ට්‍රේලියාවේ මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ඉන්ෆ්ලුවන්සා රෝගීන් 100 ගුණයකින් වැඩි වී ඇත.

මේ අනුව විශේෂයෙන් තරුණ ඔස්ට්‍රේලියානුවාසීන්ව ඔවුන්ගේ ඉන්ෆ්ලුවෙන්සා (flu) එන්නත ලබා ගැනීම එළඹුණු විට එය ලබා ගැනීමට දිරිමත් කරනු ලැබේ.

Flu යනු ඉතා වෙනස් රෝගයක්

COVID-19 මෙන් නොව, ඉන්ෆ්ලුවෙන්සා හේතු ගණනාවක් නිසා බාල සහ තරුණ ප්‍රජාවට දැඩි ලෙස බලපායි.

එන්නත් එකකට වඩා වැඩි ප්‍රමාණයක් මිශ්‍ර ලෙස ගැනීමට සිදුවීමේ තෙහෙට්ටුව සහ දෙමාපියන් අතර ඇති දෙගිඩියාව මිශ්‍ර වීම කුඩා දරුවන් රෝහල්ගත වීමේ වැඩි අවදානමකට ලක් කර ඇති බව මෙල්බර්න් ළමා රෝග විශේෂඥ වෛද්‍ය Daryl Cheng පැවසුවේය.

Flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා යනු ඉතා වෙනස් රෝගයක් බවද ඔහු පැවසීය.

Flu වයිරසය අවුරුදු පහට අඩු දරුවන්ට බලපාන අතර, ඔවුන් රෝහල් ගත කිරීමට වැඩි සම්භාවිතාවක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු ළමුන්ගෙන් අඩකට ඉන්ෆ්ලුවෙන්සා සඳහා එන්නත් ලබා දී ඇති බව මෙල්බර්න් හි Royal Children's රෝහලේ සමීක්ෂණයකින් හෙළි විය.

ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 එන්නත් එකට ලබා ගැනීම ආරක්ෂිත බව සෑම දෙමාපියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු නොදැන සිටි අතර, 43% ක් ඉන්ෆ්ලුවෙන්සා එන්නත එතරම් වැදගත් නොවන බව විශ්වාස කළ අතර තුනෙන් එකක් දරුවන්ට ඉන්ෆ්ලුවෙන්සා රෝගය බරපතල ලෙස බලපාන බව නොදැන සිටියහ. 
LISTEN TO
Omicron subvariant Web image

ඕස්ට්‍රේලියාවේත් ශීග්‍රයෙන් පැතිරීමේ අවදානමක් තිබෙන XBB.1.5, Omicron උප ප්‍රභේදය ගැන ඔබ දැනගතයුතු කරුණු

SBS Sinhala

09:53

ඔස්ට්‍රේලියානුවන්ට flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගත හැක්කේ කවදාද?

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) මාර්තු මාසයේදී නිකුත් කරන ලද එහි නවතම උපදෙස් ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි ඉන්ෆ්ලුවෙන්සා එන්නත් මේ මස අග සිට ලබා ගත හැකිය.

ATAGI මෙම සතිය මුලදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට සිය සායනික උපදෙස් නිකුත් කර ඇති අතර, ඔස්ට්‍රේලියානුවන් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍යයෙන් ජුනි සිට සැප්තැම්බර් දක්වා උච්චවන ඉන්ෆ්ලුවෙන්සා සමය ආරම්භ වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගත යුතු බව ප්‍රකාශ කළේය.

නමුත් මෙම වසර මුලදී ඉන්ෆ්ලුවෙන්සා සමය පැමිණීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

පුද්ගලයෙකුට 2022 අගභාගයේදී හෝ 2023 මුලදී 2022 ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගත්තේ නම් 2023 වසර සඳහා වන ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගත හැකිවූ විට එයද ලබාගන්නා ලෙස ATAGI නිර්දේශ කරයි.

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇති පුද්ගලයින්ට නොමිලේ ලබා දේ.

ගැබිණි මව්වරුන්, වයස අවුරුදු 65 සහ ඊට වැඩි අය, ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන් සහ කුඩා දරුවන් එම ඛාණ්ඩයට ඇතුළත් වේ.
People with bags in an airport terminal
Australia's flu numbers are boosted by travellers returning from overseas. Source: Getty / NurPhoto

වසර මුලදී ඉන්ෆ්ලුවන්සා රෝගීන් වැඩි වන්නේ ඇයි?

ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවන්සා රෝගීන් සංඛ්‍යාව උතුරු අර්ධගෝලයේ සිට ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන සංචාරකයින් විසින් වැඩි කිරීමට උපකාරී වී ඇත.

යුරෝපයේ සහ ඇමෙරිකාවේ ශීත ඍතුවේ මාසවලදී රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.

මෙම එන්නත ලබා ගැනීම සඳහා නිශ්චිත කාල වකවානුවක් ඇති අතර එය දින නියමයක් නොමැතිව කල් දැමිය යුතු දෙයක් නොවන බව මෙල්බර්න් ළමා රෝග විශේෂඥ වෛද්‍ය Daryl Cheng පැවසුවේය.

ඉන්ෆ්ලුවන්සා එන්නත ප්‍රමාණවත් තරම් ඉක්මනින් සූදානම් කර නොමැති නම් සහ ඉන්ෆ්ලුවන්සා සමය කලින් ආරම්භ වුවහොත් ප්‍රතිශක්තිකරණයට බලපෑම් ඇති විය හැකි බවද ඔහු පැහැදිලි කළේය.

වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ කවුද?

පසුගිය වසරේ උණ රෝගීන්ගෙන් 56% ක් වයස අවුරුදු 16 ට අඩු ළමුන් ය.

වයස අවුරුදු පහේ සිට නවය දක්වා ළමුන් රෝහල්ගත වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, එම පිරිසට ජනගහනයේ සාමාජිකයින් 100,000 කින් 2,154 කි.

වයස අවුරුදු 5 ට අඩු ළමුන්ගේ එම අගය 1859 කි.

ඉන්ෆ්ලුවන්සා රෝගය බොහෝ වයසින් අඩු අය ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑ බැවින් ඔවුන්ව නියුමෝනියාව වැනි ද්විතියික ආසාදනවලට නිරාවරණය කරමින් අවසානයේ ශ්වසන ආධාරක යෙදීම සහ ආහාර සපයන බට දැමීම දක්වා තත්ත්වය බරපතල කරවයි.

"දරුණු අවස්ථා වලදී, දරුවන්ගේ සිරුරු යථා තත්ත්වයට පත් කිරීමට heart and lung machine හෙවත් හෘදය සහ පෙනහළු ක්‍රියා කරවීමේ යන්ත්‍රවල සහාය අවශ්‍ය විය හැකියි. අවාසනාවකට මෙන්, ඇතැමුන් සුවය නොලබන අතර ඉතා සුළු ප්‍රමාණයක් මියයති," වෛද්‍ය Cheng පැවසීය

මෙනිසාම ඉන්ෆ්ලුවනසා එන්නත ලබා ගැනීම වැදගත් වන බවත් එය දරුණු රෝග සහ ඇතැම් විට සම්ප්‍රේෂණය වළක්වන බවත් මේ බව දෙමාපියන් දැනුවත් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

Share
Published 13 March 2023 2:30pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends