ප්‍රවේසමෙන් : ඉදිරි දින හතර ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 4 කට දැඩි උණුසුම් කාලගුණයක්

The BOM has forecast three days of heatwave conditions starting from Friday December 28

The BOM has forecast three days of heatwave conditions starting from Friday December 28 Source: bom.gov.au

අද දිනද (27 Dec) ඇතුළුව ඉදිරි දින කිහිපය තුලදී ප්‍රාන්ත 4 කට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපානු ඇතැයි කාලගුණ කාර්යාංශය පවසයි. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට සාමාන්‍යයෙන් වසරේ මෙම කාල වකවානුවේදී පවතින උෂ්ණත්වයට වඩා අංශක 10 සිට 14 දක්වා ඉහල උෂ්ණත්වයක් වාර්තා වන බව කාලගුණ කාර්යාංශය පවසයි.

එසේම බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිල්බාරා දිස්ත්‍රික්කය ආශ්‍රිතව වර්ධනය වන මෙම උණුසුම් වායුධරා දකුණු ඔස්ට්‍රේලියාව හරහා, නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වලට ද ඇතුළු වෙනු ඇති ද වාර්තා වේ. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනිකොන දීග ප්‍රදේශයට වසර 100 කට පසු අඛණ්ඩවම එළඹෙන දින 4 තුලදී අංශක 40 ක උෂ්ණත්වයක් සහිත කාලගුණයක් පවතිනු ඇතැයි ද සඳහන්.

මේ වන විට VIC, NSW, WA , SA මෙම යන ප්‍රාන්ත වලට total fire ban තත්වයක් හෙවත් ගිණි සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් තහනම් ලෙසට ප්‍රකාශයට පත්කොට තිබේ.

මේ හේතුවෙන් තම පවුලේ සාමාජිකයින් ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසට Ambulance Victoria හි ජස්ටින් ඩන්ලොප් දැනුම් දී සිටී.

එසේම මෙවැනි දිනවල ජනයා එළිමහනේ ජලශ්‍රිතව කාලය ගත කිරීමට පෙළඹෙන හෙයින් කල් තියාම ඒ පිළිබඳව සුදානම් වන ලෙසට Life Saving Victoria හි ප්‍රධාන විධායක නිලධාරී නයිජල් ටේලර් පවසයි.

------------------------------------------------------------------------------------

````SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන `````

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

--------------------------------------------------------------------------

Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS Sinhala program, The Bureau of Meteorology


Share this with family and friends