කොරෝනා වසංගතය පවතින කාලයේදී කුලී නිවාස වල නිවාස කුලිය සඳහා සහනයක් දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුවෙයි

Rent

Source: Getty Images

කොරෝනා වසංගතය පවතින කාලයේදී තම කුලී නිවාස වල නිවාස කුලිය අඩු කරන කුලී නිවාස හිමියන්ට ආදායම් බදු කප්පාදුවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.

කොරෝනා වසංගතය හමුවේ පැමිණෙන ආර්ථික අර්බුද නිසා පීඩාවට පත්වන කුලී නිවැසියන් හට සහනයක් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි වල භාණ්ඩාගාරික අමාත්‍යවරු සාකච්ඡා පවත්වන බවද වාර්තා වේ.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends