ඔබත් මෙය දුටුවාද? ඔස්ට්‍රේලියාවේ Coles සහ Woolworths සුපිරි වෙළඳසැල් වලට එරෙහි 'ලේබල්' ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන පවුල් ජීවන වියදම ඉහළ යාමෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවකදී ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් දැවැන්තයින් දෙදෙනෙකු ඔවුන්ගේ ලාභ ලබන ආකාරය පිළිබඳව සමාජ ක්‍රියාකරීන්ගේ අවධානය යොමු වී තිබේ.

A split image showing two yellow tickets on supermarket shelves. On the left is one with a Coles logo that reads "Special: Down, down affordability is down! (But our shareholders love it)." On the right is one with a Woolworths logo that reads "Special: We've made over $1 billion in profits whilst you can't even afford bread."

These yellow labels don't highlight a discount. Instead, they draw attention to the profits of Australian supermarket chains during a time in which the cost of living is high. Source: Twitter / @MissDissentEats

Key Points
  • මෙම විරෝධතා ව්‍යාපාරය විසින් Woolworths සහ Coles රාක්ක වල ඇති සැබෑ ලේබල් මෙන් පෙනෙන පරිදි ලේබල් අතින් සාදා තිබේ.
  • ජීවන වියදම් කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන ටස්මේනියානු කණ්ඩායමක් විසින් මුලදී මෙම ලේබල් නිර්මාණය කරන ලදී.
  • Coles සහ Woolworths යන සමාගම් දෙකම මෑතකදී ඩොලර් බිලියන ගණනක ලාභයක් වාර්තා කර ඇත.
සුපිරි වෙළඳසැල් රාක්කයක වල ඇති යම් නිෂ්පාදනයක් යටතේ තිබෙන කහ පැහැති ටැග් සාමාන්‍යයෙන් යම් ආකාරයක වට්ටමක් හෝ විශේෂ මිල ගණන් පෙන්නුම් කරන නමුත් මෙම සාදන ලද ලේබල් එවැනි ඒවා නොවේ.

පසුගිය සති කිහිපය තුළ රටේ විශාලතම සිල්ලර වෙළඳසැල් දාම වල රාක්කවල අනවසරයෙන් මෙවැනි ලේබල් දර්ශනය වී තිබුණි

මෙම වෙළඳ ලේබල් ගරිල්ලා ව්‍යාපාරය පිටුපස සිටින අය පවසන්නේ ඔවුන්ට මේ පිළිබඳව සංවාදයක් ආරම්භ කිරීමට අවශ්‍ය වූ බවයි.

'විශේෂ' පණිවිඩයක් යැවීම සඳහා අනවසර‍ ටැග්

Woolworths සහ Coles වෙළඳ සැල් වල රාක්ක මත ඇති ලේබල් මෙන් පෙනෙන පරිදි නිවසේදී සාදන ලද ලේබල් ඕස්ට්‍රේලියාව පුරා වෙළඳසැල්වල තබා තිබේ.

ඒවා මගින් මෙම සුපිරි වෙළඳසැල සමාගම් පසුගිය වසර තුළ ඔවුන්ගේ ව්‍යාපාර තුළ උපයා ඇති විශාල ලාභය , විධායක නිලධාරීන්ගේ ඉහළ වැටුප්, ආහාර සඳහා දැරිය හැකි මිල සහ ආහාර නාස්තිය යන කරුණු පිළිබඳ ගැටළු ඉස්මතු කරයි.


Woolworths ලාංඡනයක් සහිත 'විශේෂ' ලෙස ලේබල් කර ඇති එක් පණිවිඩයක මෙසේ සඳහන් වේ. "මේ කාලය දුෂ්කර බව අපට වැටහෙනවා, ඒ නිසා අපි අපගේ ප්‍රධාන විධායක නිලධාරියාට දිනකට ඩොලර් 20,000 කට වඩා ගෙවනවා

Coles ලාංඡනයක් සහිත තවත් එක් ලේබලයක මෙසේ දැක්වේ " Down, down, භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇත! (නමුත් අපගේ ව්‍යාපාරයේ කොටස් හිමියන් එයට කැමතියි.)

නිර්මාණය කරන ලද ලේබල් පිටුපස Grassroots නම් ටැස්මේනියානු කණ්ඩායමක්

ලේබල් පිටුපස සිටින කණ්ඩායම වන Grassroots Action Network Tasmania (GRANT) වෙනුවෙන් SBS ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වූ ඩැනී කාර්නි පැවසුවේ මෙම ලේබල් "ජනතාවගේ කෝපය සහ බලාපොරොත්තු විරහිත බව ප්‍රකාශ කිරීමක්" ලෙස නිර්මාණ කළ බවයි.

තමා සිටින කණ්ඩායම ප්‍රමාණයෙන් හා සම්පත්වලින් කුඩා මට්‍ටමේ එකක් වන බැවින් ජීවන වියදම් අරගලය සහ ඒ ආශ්‍රිත ගැටළු ගැන සංවාදයක් ඇති කිරීමට මීට වඩා පුළුල් උපාය මාර්ගයක් ඔවුන්ට නොමැති බව කාර්නි පැවසුවේය.
A man with glasses.
Danny Carney is part of Grassroots Action Network Tasmania, the group behind the labels. Source: Supplied
කෝටිපතියන් , Woolworths සහ Coles වැනි සමාගම් හැර අන් සියල්ලන්ටම මෙම කාලය ඇත්තෙන්ම දුෂ්කර වන අතර, යම් අවස්ථාවක දී ඔබට එය දරා ගත නොහැකි වූ විට ඒ වෙනුවෙන් යමක් කිරීමට සිතෙනු ඇතැයි කාර්නි වැඩිදුරටත් පැවසීය.

“අප සතුව ඇති ක්‍රමය යටතේ මෙම සමාගම් විසින් ඔවුන්ගේ කොටස් හිමියන් වෙනුවෙන් ලාභ ඉපයිය යුතු නමුත් එය ආහාර මිලදී ගැනීමට උත්සාහ කරන සාමාන්‍ය මිනිසුන්ගේ වියදමින් සිදු කිරීම වැරදි සහගත වේ"


"දැනට පවතින ක්‍රමය යනු ඒ සඳහා ඇති එකම මාර්ගය නොවන අතර ඊට හාත්පසින් වෙනස් ක්‍රමයක් ගැන අපට සිතිය හැකියි. අපට ජීවත් වීමට අවශ්‍ය ආහාර සහ නිවාස යන මේ සියල්ල ලාභය සඳහා විකුණනු නොලබන ලෝකයක් ගැන අපට සිතිය හැකිය. එවැනි ලෝකයක් තැනීමට අප උත්සාහ කළ යුතුයි."
GRANT කණ්ඩායම විසින් පළමුව දේශීය ව්‍යාපෘතියක් ලෙස මෙම ලේබල් නිර්මාණය කර ඇති අතර, පසුගිය සතියේ වෙළඳසැල්වල පළමු කහ ලේබල් නිකුත් කිරීමත් සමඟ ඒ ගැන ජනතාවගේ උනන්දුව ගැන ඔවුන් විමතියට පත් වූ බව කාර්නි පවසයි.

පසු ගිය සති අන්තයේ මේ සියල්ල සිදු වූ අතර අනපේක්ෂිත ලෙස මෙම විරෝධතාවයේ විවිධ පණිවිඩ රැගත් නිර්මාණය කරන ලද ලේබල් , සමාජ මාධ්‍ය තුළ වයිරල් වී තිබේ. නමුත් ඒ ආකාරයට මෙම ලේබල් වයිරල් වීම මගින් ජනතාව දුෂ්කරතා වලින් කෙතරම් පීඩාවට පත් වී කෙතරම් වෙහෙසට පත් වී ඇත්ද යන්න පැහැදිලි වන බව කාර්නි වැඩිදුරටත් පැවසීය.

සිය වෙළඳ සැල්වල සාමාජිකයින් විසින් වෙළඳසැල්වල තබා ඇති මෙම අනවසර ටැග් ඉවත් කර ඇතැයි Woolworths සමාගමේ ප්‍රකාශකයෙකු පැවසූ අතර Coles නියෝජිතයෙකු පැවසුවේ ඔවුන් මෙම ලේබල් පිළිබඳ දැනුවත් බවයි.

අධික ලාබ ලබන ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්

පසුගිය අගෝස්තු මාසයේ අග වන විට, Woolworths සමාගම විසින් පෙර වසරට වඩා 4.6 % කින් වැඩි වූ ඩොලර් බිලියන 1.62 ක පූර්ණ-වාර්ෂික ලාබයක් සහ Coles සමාගම විසින් පෙර වසරට වඩා 4.8 %කින් වැඩි වූ ඩොලර් බිලියන 1.1 ක පූර්ණ-වාර්ෂික ලාබයක් උපයා ගෙන තිබේ.

ආහාර මිල ඉහළ ගොස් තිබූ ඔස්ට්‍රේලියාවේ ඉහළ උද්ධමනයක් පැවති කාල පරිච්ඡේදය මධ්‍යයේ වුවද මෙම සමාගම් අධික ලාබ උපයා ගැනීමට සමත් වී තිබේ.

සමාගම් මෙසේ අතිරික්ත ලාබ ලැබීම, ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට මූලික හේතුවක් වන බවට සොයා ගත් Think tank වැඩසටහන ඉදිරිපත් කළ වාර්තාව සමගින්, ඔස්ට්‍රේලියානු ආයතනයේ අනාගත වැඩ සඳහා වූ මධ්‍යස්ථානය ( Australia Institute's Centre for Future Work) විසින්, සමාගම් අතිරික්ත ලාබ ලැබීම පිළිබඳව මෙම වසර මුලදී, චෝදනා එල්ල කර තිබේ.


ශ්‍රමය, ද්‍රව්‍ය සහ අනෙකුත් යෙදවුම් සඳහා ඉහළ ගිය වියදම්වලට වඩා ව්‍යාපාරවල මිල ඉහළ ගොස් ඇති බව එම වාර්තාව මගින් පෙන්වා දේ.
සිය සමාගම පාරිභෝගිකයින් සඳහා අසාධාරණ ලෙස මිල වැඩි කරන සමාගමක් වන බවට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, අගෝස්තු මස අගදී Woolworths හි ප්‍රධාන විධායක නිලධාරී Brad Banducci පැවසුවේ වෙළඳසැල් හි රාක්කවල ඇති නිෂ්පාදනවල මිල අඩු කිරීමට තම සුපිරි වෙළඳසැල් දාමය විසින් කටයුතු කරමින් සිටින බවයි.


ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සෑම දිනකම ඔවුන්ගේ මිල ගණන් සසඳන බවත් Woolworths සමාගම ලෝකයේ වඩාත්ම මිල ගණන් සැසදීමට ලක් වන සිල්ලර වෙලඳපොලවල් වලින් එකක් වන බවත් Banducci විසින් ABC ගුවන් විදුලි සේවය පවසා තිබේ.

Woolworths සමාගම මෙන්ම Coles සමාගමද ඔවුන් විසින් මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ දමන බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ව්‍යාපාර පිරිවැයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම, ඔවුන්ගේ ලාබය වැඩි කිරීමට උපකාරී වී ඇති බව පෙන්වා දී තිබේ.

සුපිරි වෙළඳසැල් දැවැන්තයා වන සිය සමාගම විසින් පාරිභෝගිකයින් මුහුණ දෙන ජීවන පීඩනය පිළිබඳව දැනුවත්ව සිටින බවත් පාරිභෝගිකයින්ගේ මුදල් තවදුරටත් ඉතිරි කිරීමේ ක්‍රම සොයමින් සිටින බවත් Coles ප්‍රකාශකයෙකු පැවසීය.

———————————————————————————————————————
· SBS සිංහල වෙබ් අඩවිය:

· SBS සිංහල Facebook පිටුව:

· SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————————————————

Share
Published 12 September 2023 9:28pm
By Aleisha Orr, Athini Amarasiri
Source: SBS


Share this with family and friends