Latest

COVID 19 update 23 August: ඔස්ට්‍රේලියානු ඖෂධ අධිකාරිය කොවිඩ් සඳහා නව ඖෂධයක් අනුමත කරයි

2022 අගෝස්තු 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ANTHONY ALBANESE MONASH UNIVERSITY VISIT

Australian Prime Minister Anthony Albanese (second left) and Victorian Premier Daniel Andrews (left) during a visit to Monash University in Melbourne. (file) Credit: EDDIE JIM/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 95 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 32 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 26 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත
කොවිඩ් වසංගතය අතරතුර කර්මාන්ත, විද්‍යා, බලශක්ති සහ සම්පත් අමාත්‍යංශ 5 ට හිටපු අගමැති Scott Morrison රහසිගතව තමන්වම පත් කිරීම වලංගු බව පෙනී ගිය පසු වැඩිදුර විමර්ශනයක් සිදු කරන බව අගමැති Anthony Albanese පැවසීය.

"අපි වැඩිදුර පරීක්ෂණයක් ගැන ඉදිරියෙදී නිවේදනයක් කරනවා. මෙය ලෙහෙසියෙන් ඉවත දැමිය හැකි දෙයක් නෙමෙයි." යනුවෙන් අගමැති Albanese පැවසුවේය.

මානසික සෞඛ්‍ය පිළිබඳ සහකාර අමාත්‍ය Emma McBride, Head to Health නමින් නව උපකාරක සේවාවක් දියත් කර ඇත.

ජනතාවට 1800 595 212 අංකයට ඇමතීමෙන් උදෑසන 8:30 සිට සවස 5 දක්වා නොමිලේ මානසික සෞඛ්‍ය උපදෙස්, වෛද්‍ය ඇගයීම්, සහ මානසික සෞඛ්‍ය සේවා වෙත නිර්දේශ කිරීම් ලබා ගත හැක.
Omicron හි BA.4 සහ BA.5 උප ප්‍රභේද ඉලක්ක කරන බූස්ටර් මාත්‍රාවක් සඳහා Pfizer ආයතනය ඇමෙරිකා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා ඇත.

මධ්‍යස්ථ සිට දරුණු COVID-19 ආසාදනයක් ඇති රෝහල්ගත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව oral medicine හෙවත් මුඛ ඖෂධයක් වන sabizabulin ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක පරිපාලන අධිකාරියෙන් අනුමත කර ඇත.

NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින් අගෝස්තු 31 වන දින ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී COVID-19 සහිත පුද්ගලයින් සඳහා නිරෝධායන කාලය දින හතේ සිට පහ දක්වා අඩු කිරීමේ ගැටලුව නැවත මතු කරනු ඇත.


Share
Published 23 August 2022 3:58pm
By Madhura Seneviratne
Source: SBS


Share this with family and friends