ලොව පවතින ශක්තිමත් ආර්ථිකයක් හිමි එක් රටක් ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
එහිදී ඔස්ට්‍රේලියාවේ Temporary Skill Shortage වීසා වැඩසටහන සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වේ.

Source: Getty Images/Hidn20 Imagery
Temporary Skill Shortage වීසා වැඩසටහන
තම ව්‍යාපාරයට සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවෙකු සොයා ගැනීමට අපහසු නම් විදෙස් ශ්‍රමිකයකු ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගෙන සේවයේ නියුක්ත කිරීමට Temporary Skill Shortage වීසා වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරයකට අවසර ලැබේ.
ඒ සඳහා නිකුත් කරනු ලබන වීසා ඛාණ්ඩය subclass 482 ලෙස හැදින්වේ.
මෙම වැඩසටහන යටතේ යම් ව්‍යාපාරයක් යම් විදෙස් ශ්රමිකයෙකුව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගනී නම් ඒ සඳහා සැපිරිය යුතු පියවර තුනක් ඇති බව AJ Legal Australia ආයතනයේ ප්‍රධාන සොලිසිටර් සහ සංක්‍රමණික ඒජන්ත Judit Albecz පවසයි.
ඒවා පහත පරිදි වේ.

Government analyst ABARES has predicted a 15 to 25 per cent jump in the price of some fresh fruit and vegetables owing to a labour shortage. Source: Getty Images/pixdeluxe
01. සේවායෝජකයා අනුග්‍රාහකත්වයක් සඳහා අයදුම් කළ යුතුයි
අනුග්‍රාහකත්වයක් සඳහා අයදුම් කිරීමේදී අදාළ ව්‍යාපාරය ඩොලර් 420 ක අයදුම්පත් ගාස්තුවක් ගෙවිය යුතු අතර එය අනුමත වූ දිනයේ පටන් වසර 5 ක් වලංගු වේ.
02. විදෙස් ශ්‍රමිකයාට අනුග්‍රහය දැක්වීම හෙවත් Nomination
Temporary Skill Shortage වීසා වැඩසටහන සඳහා අනුමත වූ අනුග්‍රාහකයෙකු තම ව්‍යාපාරයේ පුරප්පාඩුවක් ඇති බවට හඳුනා ගැනීම සහ ඒ සඳහා විදෙස් ශ්‍රමිකයෙකු නම් කිරීම Nomination එකක් ලෙස සැලකේ.
නමුත් විදෙස් ශ්‍රමිකයකු බඳවා ගැනීමට පෙර එම පුරප්පාඩුව සඳහා ඔස්ට්‍රේලියානුවෙකු සොයාගැනීමට නොහැකිවූවා දැයි පිළිබඳ ප්‍රබල සාක්ෂි ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.
එහිදේ අදාළ ව්‍යාපාරිකයා ජනමාධ්‍ය වර්ග දෙකකින් එම පුරප්පාඩුව පිළිබඳ දැන්වීම් පළ කළ යුතුය.
SBS සිංහල සේවය
SBS Radio APP එකෙන් (Free download)
03. විදෙස් ශ්‍රමිකයා වීසා සඳහා අයදුම් කිරීම
විදෙස් නිපුණතා ශ්‍රමිකයා වීසා සඳහා අයදුම් කිරීම තුන්වන පියවර ලෙස හැඳින්වේ.
මෙහිදී අදාළ ව්‍යාපාරය මෙන්ම විදෙස් නිපුණතා ශ්‍රමිකයා ද අයදුම්පත් ආගමන කටයුතු දෙපාර්තමේන්තුව ට යොමු කළ යුතුය.
ඊට පෙර අදාළ nomination එක මධ්‍යම රජයෙන් අනුමත කරගැනීමට අදාළ ව්‍යාපාරය වගබලාගත යුතුය.
අනුග්‍රාහකත්ව නාම යෝජනාව අසමත් නම් වීසා අයදුම්පතද ප්‍රතික්ෂේප වේ.
Temporary Skill Shortage වැඩසටහන යටතේ ඛාණ්ඩ තුනක වීසා ක්‍රියාත්මක වේ.

Source: Getty Images/JohnnyGreig
01. Short-term stream
Short Term Skilled Occupation List හෙවත් කෙටි කාලීන නිපුණතා රැකියා ලයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා මෙම Short-term stream ඛාණ්ඩය විවෘත වේ.
මේ සඳහා ඩොලර් 1,265 ක අයදුම්පත් ගාස්තුවක් අය කරන අතර දින 50 ක ඇතුළත මෙම වර්ගයේ අයදුම්පත් සලකා බැලෙන බව වාර්තා වේ.
මෙය ඔබට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට වසර 2 ක කාලයක් ලබා දෙන අතර එය අවසන් වූ පසු අලුත් කිරීමට එක් අවස්ථාවක් පමණක් ලබා දෙයි.
මෙමගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඔබට අයදුම් කිරීමට නොහැකිය.
02. Medium-term stream
Medium සහLong-term Strategic Skill ලයිස්තුවේ ඇති වෘත්තීන් සඳහා මෙම ඛාණ්ඩය විවෘත වේ.
මේ සඳහා ඩොලර් 2,645 ක අයදුම්පත් ගාස්තුවක් අය කරන අතර දින 60 ක ඇතුළත මෙම වර්ගයේ අයදුම්පත් සලකා බැලෙන බව වාර්තා වේ.
මෙය ඔබට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට වසර 4 ක කාලයක් ලබා දෙන අතර මෙමගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද ඔබට අයදුම් කිරීමට මග සැකසේ.
03. Labour agreement stream
නිපුණතා ශ්‍රම හිඟය පෙන්වන කර්මාන්ත ක්ෂේත්‍ර වල සිටින ව්‍යාපාරිකයින් සහ ඔස්ට්‍රේලියානු රජය අතර ඇතිවන ගිවිසුම් Labour agreement ලෙස හැඳින්වේ.
මේ වන විට එවැනි ආකාරයේ Labour agreement ඇති කර්මාන්ත ලෙස කිරි, මත්ස්‍ය, මස්, ප්‍රාදේශීය කලාප, අවන්හල්, ප්‍රචාරණ සහ උද්‍යාන විද්‍යාව යන අංශ දැක්වේ.
මේ සඳහා ඩොලර් 2,645 ක අයදුම්පත් ගාස්තුවක් අය කරන අතර ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට වසර 4 කඋපරීම කාලයක් හිමිවේ.
ඔස්ට්‍රේලියාවේ Skilled Occupation List හෙවත් නිපුණතා රැකියා ලැයිස්තුව පිළිබඳ වැඩි විස්තර .

Source: SBS Sinhala