ඔස්ට්‍රේලියාවේ සංශෝධිත Superannuation බදු සහන නිවේදනය කරයි, මෙය ඔබට බලපාන්නේ කෙසේද?

මෙම සංශෝධන තවත් වසර දෙකක් ගතවන තෙක් නොපැමිණෙන අතර Superannuation ගිණුම්වල ඩොලර් මිලියන 3ට වඩා වැඩි Superannuation ශේෂයක් ඇති පුද්ගලයින් 80,000කට පමණ මෙය අදාළ වනු ඇත.

Two men wearing suits and ties standing at lecterns.

Prime Minister Anthony Albanese (right) and Treasurer Jim Chalmers. The federal government has announced tax changes to superannuation accounts that will affect around 80,000 people. Source: AAP / Mick Tsikas

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දස දහස් ගණනක ඔස්ට්‍රේලියානුවාසීන්ට අදාළ වන superannuation බදු සහනවල සංශෝධන නිවේදනය කර තිබේ.

ඒ අනුව වත්මන් Albanese රජය ඩොලර් මිලියන 3 ට වඩා වැඩි superannuation ඉතුරුම් සඳහා ඉහළ අනුපාතයකින් බදු පැනවීමට කටයුතු කරනු ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Superannuation සංශෝධන

මෙම සංශෝධන තවත් වසර දෙකක් ගතවන තෙක් නොපැමිණෙන අතර Superannuation ගිණුම්වල ඩොලර් මිලියන 3ට වඩා වැඩි Superannuation ශේෂයක් ඇති පුද්ගලයින් 80,000කට පමණ මෙය අදාළ වනු ඇත.

දැනට superannuation වලින් ලැබෙන ඉපැයීම් සඳහා 15% දක්වා සහනදායී අනුපාතයකට බදු අය කෙරෙන අතර ඩොලර් මිලියන 3ට අඩු ශේෂයන් ඇති පුද්ගලයින් සඳහා මෙය දිගටම පවතිනු ඇත.

2025-26 බදු වර්ෂයේ සිට, ඩොලර් මිලියන 3 ට වැඩි Superannuation ශේෂයන් සඳහා අනාගත ඉපැයීම් සඳහා යොදන බදු අනුපාතය 30% ක් වනු ඇත.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් 99.5% කට පමණ මෙම සංශෝධන යටතේ වුවද පෙර පරිදිම සහනදායී බදු අනුපාතයක් ක්‍රියාත්මක වන බවත් 0.5% ක පිරිසකට පමණක් නව සංශෝධනය මත ඉහළ බද්දක් පැනවෙන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
LISTEN TO
sinhala_280223_Destinations Australia scholarshipst_Final.mp3 image

Destinations Australia ශිෂ්‍යත්ව සඳහා දේශීය සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීම ඇරඹේ

SBS Sinhala

02:51
ඕනෑම සංශෝධනයක් පාර්ලිමේන්තුව සම්මත කිරීම සඳහා නීති සම්පාදනය කිරීම අවශ්‍ය වන අතර, එය මීළඟ ෆෙඩරල් මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

මේ හරහා පළමු සම්පූර්ණ වසර තුළ ඩොලර් බිලියන 2 ක් සහ වසර පහක් තුළ ඩොලර් බිලියන 3.2 ක් උපයා ගැනීමට මධ්‍යම රජය අපේක්ෂා කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
ආදායම් බදු සාමූහිකව වසරකට ඩොලර් බිලියන 50 ක් දක්වා වටිනා වන අතර බොහෝ දුරට ඉහළ ආදායම් ලබන්නන් වෙත යොමු කෙරෙන බව පෙබරවාරි 28 වනදා නිකුත් කරන ලද භාණ්ඩාගාර විශ්ලේෂණය පෙන්නුම් කරයි.

ආර්ථිකය සහ අයවැය මුහුණ දෙන අභියෝග පිළිබඳව මධ්‍යම රජයට පෙරමුණ ගෙන කටයුතු කිරීමට අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.
A hand holding Australian banknotes
Jim Chalmers says the proposal is 'modest' and stresses Australians will be given the chance to vote on it.

රජය ඉහළ superannuation ශේෂයන් ඉලක්ක කරයි

superannuation ගිණුම් ශේෂවලින් ඉහළම 0.5% ට වඩා බලපාන කිසිදු වෙනසක් superannuation සඳහා නොපැමිණෙන බවට ඔස්ට්‍රේලියානුවන්ට සහතික විය හැකිදැයි මාධ්‍යවේදීන් ඇසූ විට මධ්‍යම රජය ඉහළ superannuation ශේෂයන් කෙරෙහි අවධානය යොමු කර ඇතැයි පැහැදිලි බව අගමැති Anthony Albanese පැවසුවේය.

මෙම සංශෝධනය කම්කරු පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් බිඳ දමනු ඇති බවට ලිබරල් සන්ධානය ප්‍රකාශ කර ඇත.

නමුත් එය මග හැරීම සඳහා මෙම පියවර ඊළඟ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers අවධාරණය කළේය.
Man in suit and tie.
Angus Taylor criticised changes to superannuation being floated over the past week. Source: AAP

කම්කරු රජය ඉලක්ක මාරු කිරීම

මේ අතර මෙම පියවරට සහය දැක්වීම විපක්ෂය බැහැර කර තිබේ.

Superannuation මත බදු ඉහල නොදැමීමේ මැතිවරන පොරොන්දුවෙන් කම්කරු පක්ෂය ඉවත්ව ගොස් ඇති බව විපක්ෂයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ ප්‍රකාශක Angus Taylor අවධාරනය කළේය.

කම්කරු රජය සිය මැතිවරණ පොරොන්දු එලෙසම ඉටු කරනු ඇතැයි ඔස්ට්‍රේලියානුවන් අපේක්ෂා කරනු ඇතැයි ඔහු පැවසීය.
LISTEN TO
AUS Drivers License Web image

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ අලුතින් එන සංක්‍රමණිකයන් රියදුරු බලපත්‍රය ගැන දැන ගත යුත්තේ මොනවාද?

SBS Sinhala

14:04
මේ අතර කම්කරු පක්ෂයේ සහාය ඇතිව පැවති ලිබරල් සන්ධාන රජය යටතේ නීති සම්පාදනය කරන ලද නියමිත තුන්වන අදියරේ බදු අඩු කිරීම් ඉවත් කිරීමට වත්මන් කම්කරු පක්ෂ රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers උනන්දු වන බවද Angus Taylor පැවසීය.

$45,001 සහ $200,000 අතර උපයන ඕනෑම අයෙකු එම බදු අනුපාතයම ගෙවනු ඇති බව ඉන් අදහස් කෙරේ.

ග්‍රීන්ස් පක්ෂය මෙම superannuation ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කරනු ඇති නමුත් තුන්වන අදියරේ බදු අඩු කිරීම් අවලංගු කිරීම ගැනද අවධානය යොමු කර ඇති බවට අනතුරු ඇඟවීය.

ලිබරල් සන්ධානයේ සහාය නොමැති නම් කම්කරු පක්ෂයට මෙම superannuation ප්‍රතිසංස්කරණ සම්මත කිරීමට ග්‍රීන්ස් පක්ෂයේ සහය අවශ්‍ය වනු ඇත.

Share
Published 1 March 2023 1:22pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends