ඕස්ට්‍රේලියාව ඇතුලු සමස්ත ලෝකයම කාබන් ශුන්‍ය විමෝචන තත්වය දක්වා යන ගමනේදී, කාබන්ඩයොක්සයිඩ් ගබඩා කිරීම හරහා හරිතාගාර විමෝචනය අඩු කිරීමේදී සිදුවිය හැකි සංකුලතා සොයාගත් අපූරු ශ්‍රී ලාංකිකයකු SBS සිංහල සේවයට හමුවන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයෙන්.
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමන් අනතුරුව සිය දැනුම ඔස්සේ ඕස්ට්‍රේලියාවට මෙන්ම සමස්ත ලෝකයටම දායකත්වයක් ලබාදෙන ඇය නමින් "සමින්තා පෙරේරා".
Highlights
- ඕස්ට්‍රේලියාවට පැමිණීම පිළිබඳව මතකය අවදි කිරීමක්
- පරීක්ෂණයේ තොරතුරු සහ එම ක්ෂේස්ත්‍රය සඳහා ආචාර්ය සමින්තාගේ කැමැත්ත ඇතිවීම පිළිබඳව
- ගල් අඟුරු නිධි වල කාබන් ඩයොක්සයිඩ් ගබඩා කිරීමේදී සිදුවිය හැකි සංකුලතා සොයාගැනීම් පරීක්ෂණයේ තොරතුරු
- මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වූ අභියෝග
- ඕස්ට්‍රේලියාවට මෙම සොයාගැනීම ප්‍රායෝගිකව බලපාන අයුරු
- පර්යේෂණයේ ඉදිරි බලාපොරොත්තු
- Australian Academy of Sciences 2022 Dorothy Hill Medal දිනාගැනීම සම්බන්ධයෙන්
ඕස්ට්‍රේලියාවට පැමිණීම පිළිබඳව මතකය අවදි කිරීමක්
මෙල්බර්න් හි වාසය කරන ආචාර්ය සමින්තා පෙරේරා ඔස්ට්‍රේලියාවට පැමිණීම සම්බන්ධයෙන් සිය මතකය අවදි කරමින් SBS සිංහල සේවයත් සමග සඳහන් කොට සිටියේ තමන් ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා 2008 වසරේදී මුල් වරට ඔස්ට්‍රේලියාවේ Monash විශ්ව විද්‍යාලයට පැමිණි බවයි. එමෙන්ම අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව තමන් වසර 3ක කාලයක් දක්වා පුහුණු කාලසීමාවක් ගත කල අතර ඉන් අනතුරුව තමන් Melbourne විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරියක වශයෙන් එක් වූ බවත් ඇය පැවසීය.
තම පවුලේ තොරතුරු පිළිබඳව ආචාර්ය සමින්තා අප සමග සඳහන් කොට සිටියේ, තම පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු සිටින අතර මේ වනවිට තමන්ට වයස අවුරුදු 10ක දියණියක්ද සිටින බවයි.

Source: Supplied by Dr Samintha Anne Perera
පරීක්ෂණයේ තොරතුරු සහ එම ක්ෂේස්ත්‍රය සඳහා ආචාර්ය සමින්තාගේ කැමැත්ත ඇතිවීම පිළිබඳව
මෙම ක්ෂේස්ත්‍රය සඳහා තම අවධානය යොමු වීම සම්බන්ධයෙන් අප විමසු විට ආචාර්ය සමින්තා සඳහන් කොට සිටියේ තමන් පරිසරයට ඉතා ආදරය කරන්නෙකු වශයෙන් මේ වනවිට ලෝකයටම බලපාන ගැටළුවක් වන හරිතාගාර වායු මුදාහැරීම සම්බන්ධයෙන් යමක් සිදු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි.
හරිතාගාර වායු අනවශ්‍ය ලෙස වා තලයට මුදා හැරීම ඔස්සේ පරිසර උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහල යාම සිදු වන අතර මෙය අවම කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයින් විවිධ පර්යේෂණ සිදු කරමින් සිටී.
ආචාර්ය සමින්තා සඳහන් කොට සිටින්නේ මෙහි ප්‍රතිපලයක් වශයෙන්, කාබන්ඩයොක්සයිඩ් වායුව ගැඹුරු පොළොවේ තැන්පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ විද්‍යාඥයින්ගේ අවධානයට යොමුව ඇති බවයි. මේ සඳහා විවිධ පාෂාණ නිධි භාවිත කිරීම සිදු වේ.නමුත් ඔස්ට්‍රේලියාව තුල ගල් අඟුරු නිධි වැඩි වශයෙන් තිබීම මත මේ සඳහා ඔස්ට්‍රේලියාවේ ගල් අඟුරු නිධි භාවිත කිරීමට වැඩි හැකියාවක් සහ පහසුවක් පවතී.

Source: Supplied by Dr Samintha Anne Perera
"ආචාර්ය සමින්තා පැවසුවේ ගල් අඟුරු නිධි වල කාබන්ඩයොක්සයිඩ් තැම්පත් කිරීම දිගින් දිගටම සිදු වන අතර මේ ඔස්සේ සිදුවිය හැකි ගැටලු සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමට තමන් තීරණය කල බවයි."
ගල් අඟුරු නිධි වල කාබන් ඩයොක්සයිඩ් ගබඩා කිරීමේදී සිදුවිය හැකි සංකුලතා සොයාගැනීම් පරීක්ෂණයේ තොරතුරු
කාබන්ඩයොක්සයිඩ් ගල් අඟුරු තුල තැන්පත් කිරීම මගින් සිදු විය හැකි ගැටළු සහ සංකුලතා පිළිබඳව තමන් සිදු කල පර්යේෂණය සම්බන්ධයෙන් ආචාර්ය සමින්තා අපත් සමග සඳහන් කලේ ඉමහත් සතුටකින්.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඇය පවසන්නේ පරිදි ගල් අඟුරු විශේෂිත පාෂාණයක් වන බවයි. ගල් අඟුරු වසර මිලියන ගණනක් තිස්සේ ශාක කොටස් තැන්පත් වීම සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය මත මෙන්ම අධික උෂ්ණත්වය සහ පීඩනය මධ්‍යයේ සැකසීම සිදු වේ.
එමෙන්ම කාබන්ඩයොක්සයිඩ් ද විශේෂිත වායුවක් වන අතර එයද, වායුවක් වශයෙන් ඇතැම් උෂ්ණත්ව යටතේ දියරයක් වශයෙන් මෙන්ම ඇතැම් විට Supercritical වශයෙන් හැඳින්වෙන භෞතික තත්වයට පත්වීමට හැකියාවක් පවතී.

Source: Supplied by Dr Samintha Anne Perera
මෙම කාබන්ඩයොක්සයිඩ් තැන්පත් කිරීමේ කාර්යය සම්බන්ධයෙන් ආචාර්ය සමින්තා සඳහන් කරන්නේ, මෙම කාබන්ඩයොක්සයිඩ් ගල් අඟුරු තුල තැම්පත් කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් තැම්පත් කල යුතු වන බවයි. ඒ ඒවා වසර මිලියන ගානකට සරිලන පරිදි තැම්පත් කිරීමට අවශ්‍ය වීම හේතුවෙන්.
මෙහිදී කාබන්ඩයොක්සයිඩ් ගැඹුරු පොළොවේ ගල් අඟුරු තුල තැම්පත් කිරීම සිදු කරන අතර ගැඹුරු පොළොවේ උෂ්ණත්වය හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් Supercritical යන තත්වයට පත් වන බවයි ආචාර්ය සමින්තා සඳහන් කොට සිටින්නේ.
මෙහිදී තමන් හඳුනාගත් සංකුලතා සම්බන්ධයෙන් සඳහන් කරමින් ඇය පැවසුවේ, තමන් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ වලින් සහ ලෝකයේ විවිධ රටවලින් ගල් අඟුරු සාම්පල ලබාගත් අතර ඉන් අනතුරුව තමන් එම ගල් අඟුරු සමග කාබන්ඩයොක්සයිඩ් අන්තර්ක්‍රියා කිරීමට සැලැස්වූ බවයි.

Source: Supplied by Dr Samintha Anne Perera
මෙහිදී තමන් වායු, ද්‍රව සහ Supercritical යන තත්වයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ගල් අඟුරු තුල තැම්පත් කිරීම සිදු කල අතර ඒවා මාස 2ක කාලයක් එලෙස තැබූ බව ඇය පෙන්වා දෙයි.
"මාස 2කට පසු සිදු කල නිරීක්ෂණ ඔස්සේ ආචාර්ය සමින්තා ට පෙනී ගොස් ඇත්තේ, Supercritical තත්වයේ පැවති කාබන්ඩයොක්සයිඩ් සමග අන්තර්ක්‍රියා කල ගල් අඟුරු ඉරි තලා ගොස් තිබූ ආකාරයයි."
මේ සම්බන්ධයෙන් ඇය අපත් සමග පැවසුවේ, මෙලෙස ගල් අඟුරු දුර්වලවීමක් සිදු වූ විට, ඒ තුල තැම්පත් කල කාබන්ඩයොක්සයිඩ් නැවත වා තලයට මුදාහැරීමක් සිදු වීමේ අවදානම සම්බන්ධයෙන් මෙමගින් තහවුරු වූ බවයි.
මේ හේතුවෙන් ඇය අවධාරණය කොට සිටින්නේ මෙලෙස කාබන්ඩයොක්සයිඩ් භූගත ගල් අඟුරු වල තැම්පත් කිරීම මහා පරිමාණයෙන් සිදු කිරීමට පෙර මෙම සංකුලතා වැලැක්වීමට සුදුසු පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බවයි.
මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වූ අභියෝග
මේ දක්වා තමන් පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වූ අභියෝග සම්බන්ධයෙනුත් අපත් සමග සඳහන් කිරීමටත් ආචාර්ය සමින්තා අමතක කලේ නැහැ.
ඇය SBS සිංහල සේවයට පැවසුවේ මේ දක්වා පැමිණි ගමනේදී පර්යේෂණ සිදු කිරීම සැලකිය යුතු අභියෝගයක් තමන්ට ගෙන දුන් බවයි.

Source: Supplied by Dr Samintha Anne Perera
අධික උෂ්ණත්වය සහ අධික පීඩනය යටතේ තමන්ට මෙම පර්යේෂණ සිදු කිරීමට සිදු වූ අතර ඒ සඳහා සාමාන්‍ය පරීක්ෂණාගාර තුල උපකරණ නොතිබූ බවත් ඇය පැවසීය. මේ සඳහා තම ගුරුතුමා වන රන්ජිත් පාතේගම මහාචාර්යවරයාගේ උපකාර ලැබුණු අතර මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන්ද උපකාර හිමි වූ බවත් ආචාර්ය සමින්තා සඳහන් කොට සිටී.
"මෙම නව සොයාගැනීම ඕස්ට්‍රේලියාව ප්‍රයෝගිකව භාවිත කරන්නේද යන්න සම්බන්ධයෙන් අප විමසූ පැනයට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු තුල කාබන්ඩයොක්සයිඩ් තැන්පත් කිරීම මහා පරිමාණයෙන් මේ වනවිට සිදු නොකරන අතර මේ සොයාගැනීම ඔස්සේ ඒ සම්බන්ධයෙන් ඇතිවිය හැකි ඉදිරි ගැටළු වළක්වාලීම සිදු කරන බවයි."
ඕස්ට්‍රේලියාවට මෙම සොයාගැනීම ප්‍රායෝගිකව බලපාන අයුරු
ඕස්ට්‍රේලියාව ගල් අඟුරු ව්‍යාපෘති අතින් ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම නව සොයාගැනීම ඕස්ට්‍රේලියාවේ හරිතාගාර විමෝචනය අවම කිරීමට වන දායකත්වය සම්බන්ධයෙන් ආචාර්ය සමින්තා සඳහන් කොට සිටින්නේ ප්‍රධාන වශයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඇතුළුව බොහෝ ප්‍රදේශ වල මෙවැනි ගැඹුරු ගල් අඟුරු නිධි පවතින බවයි. මෙම ගල් අඟුරු ආශ්‍රිතව ප්‍රවේශමෙන් කාබන්ඩයොක්සයිඩ් තැන්පත් කිරීම ඔස්සේ කාබන්ඩයොක්සයිඩ් ගිගා ටොන් එකකට (1GT) වඩා තැම්පත් කල හැකි බවත් ඇය පෙන්වා දෙයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Australian Academy of Sciences 2022 Dorothy Hill Medal දිනාගැනීම සම්බන්ධයෙන්
ආචාර්ය සමින්තා පෙරේරා 2022 Dorothy Hill සම්මානයෙන් පිදුම් ලැබීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය විමසූ විට ඇය සොම්නසින් අපත් සමග සඳහන් කොට සිටියේ, තමන් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වන අතර එය ඉමහත් සතුටක් වන බවයි.
ඕස්ට්‍රේලියානුවකු හටත් දිනා ගැනීමට අපහසු සම්මානයක් වන මෙය තමන්ට හිමිවීම සම්බන්ධයෙන් තමන් නිහතමානීව සතුටට පත් වන බවයි ඇය පවසන්නේ.
එමෙන්ම Australian Academy of Sciences යනු ඕස්ට්‍රේලියාවේ ඉහල ඇගයීමකට ලක්වූ ආයතනයක් වන අතර මෙමගින් ලැබුණු සම්මානය තම අනාගතයට සහ පර්යේෂණ සඳහා ඉතා වැදගත් වන බවත් ඇය සඳහන් කොට සිටී. එමන්ම මෙම ආයතනය තම සොයාගැනීම් සම්බන්ධයෙන් නිසි ඇගයීමකට ලක් කිරීම පිළිබඳවත් ස්තුතිය පල කරන බවයි ආචාර්ය සමින්තා සඳහන් කොට සිටින්නේ.

Source: Supplied by Dr Samintha Anne Perera
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවකු වශයෙන් මෙලෙස මෙම 2022 Dorothy Hill සම්මානයෙන් පිදුම් ලැබීම පිළිබඳව අප ඇසූ විට ඇය සඳහන් කලේ ඕස්ට්‍රේලියානු රජය තම අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම පර්යේෂණ කටයුතු සඳහාත් ඉතා දැඩි සහායක් ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය පලකරන බවයි.
තම ජාතිය සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව ඕස්ට්‍රේලියාව තම සොයාගැනීම් ඇගයීමට ලක් කල අතර ඕස්ට්‍රේලියාව වැනි සංක්‍රමණිකයින් හට සැලකීමක් සිදු වෙනත් රටක් නොමැති බව තමන්ගේ හැඟීම බවයි අචාර්ය සමින්තා අවසාන වශයෙන් SBS සිංහල සේවයට පවසා සිටියේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඩිජිටල් සහ සමාජමාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.