Key Points
- සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වී තිබේ.
- 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්ව ඇති බවට ලද තොරතුරක් මත රහස් පරීක්ෂකයින් සෙනසුරාදා පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පැවසීය.
- දින කිහිපයක් පුරා ඩේටින් ඇප් එකකින් ඔහු සමඟ අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු මෙම කාන්තාව ගුණතිලකව හමුවූ බවට ද පොලිසිය චෝදනා කරයි.
මෙම ලිපියේ ලිංගික හිංසනයන් ගැන තොරතුරු අන්තර්ගත වේ.
සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේදී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වී තිබේ.
මෙම සතිය මුලදී Rose bay ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා ලැබීමෙන් පසු රහස් පරීක්ෂකයින් සෙනසුරාදා පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පැවසීය.
පසුගිය බදාදා සවස පහරදීමට ලක්වීමට පෙර මෙම කාන්තාව, පසුගිය ඉරිදා ගුණතිලක සමඟ Dating app එකකින් අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව ඔහුව හමුවූ බවට පොලිසිය චෝදනා කරයි.
ඒ අතරතුර, මේ දෙදෙනා කෙටි පණිවිඩ, දුරකථන සංවාද සහ වීඩියෝ සංවාද හරහා සන්නිවේදනය කර ඇති බව කියනු ලැබේ.
31 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා ඉරිදා අලුයම Central සිඩ්නි හි හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර අවසරයකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම හා සම්බන්ධ චෝදනා හතරක් ඔහුට එල්ල වී තිබේ.
මේ දෙදෙනා පසුගිය බදාදා හමු වී කාන්තාවගේ නිවසට යාමට පෙර ආහාරපාන ගෙන ඇති බව NSW පොලිස් ලිංගික අපරාධ සංචිතයේ කමාන්ඩර් Jayne Doherty පැවසුවාය.
කාන්තාවගේ නිවසේදී පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ලිංගික අතවරයට ලක් කරන අතරතුර ඇයට කිහිප වතාවක් පහර දී ඇති බවට පොලිසිය විසින් චෝදනා කරනු ඇතැයි NSW පොලිස් ලිංගික අපරාධ සංචිතයේ අණ දෙන නිලධාරිනිය ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවාය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති විමර්ශනයෙන් Parramatta උසාවිය විසින් ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අතර ලබන සඳුදා Waverly ප්‍රාදේශීය අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිය ක්‍රීඩකයා අත්අඩංගුවට ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබේ.
තමන් අධිකරණ ක්‍රියාදාමයන් අධීක්‍ෂණය කරන බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහිදී නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ක්‍රීඩකයා මේ සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Media release - Dhanushka Gunathilaka by Sri Lanka Cricket
ආබාධයකට ලක් වුවත් ධනුෂ්ක ගුණතිලක සංචිතයේ රඳවා තබා ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔහු ආබාධයෙන් ඉක්මන් සුවය ලබමින් සිටි බැවින් වෛද්‍යවරුන් සමඟ සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කර කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් මෙම තීරණය ගෙන තිබේ.

Media release-Danushka Gunathilaka: Why he was retained in the squad by Sri Lanka Cricket
මෙම වමත් පිතිකරුවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර තරග 100කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ටෙස්ට් තරඟ කිහිපයකට ක්‍රීඩා කර ඇත.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් වූයේ එංගලන්තය හමුවේ සිය අවසන් තරගය පරාජය වීමත් සමඟයි.
ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු ලිංගික හිංසනයෙන් පීඩාවට පත්වුවහොත්, 1800 737 732 ට 1800RESPECT අමතන්න හෝ වෙත පිවිසෙන්න. හදිසි අවස්ථාවකදී, 000 අමතන්න.