ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කතා නායක මහින්ද යාපා අබේවර්ධන නිල වශයෙන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (ජූලි 15) පෙරවරු 9.30 ට පමණ ප්‍රකාශයට පත් කෙරිණි
කථානායක නිල නිවසේදී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මෙම නිල නිවේදනය සිදු කර තිබේ.
ඒ අනුව 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.

Source: Supplied
මේ සමග වැඩ බලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා මෙම ඉල්ලා අස්වීමේ ලිපිය කතා නායකවරයාට එවූ බව සඳහන්.