දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall සඳහන් කොට සිටියේ Woodville Pizza Bar හි කොරෝනා ආසාදිත පුද්ගලයකු විසින් Contact tracing සිදු කරන කණ්ඩායම් සිතාමතාම නොමග යවා ඇති බවයි.
මෙම පුද්ගලයා තමන් Woodville Pizza Bar හි සේවය කල බව සඟවමින්, Pizza මිලදී ගැනීම සඳහා එම ස්ථානයට ගිය බවට Contact tracing සිදු කරන කණ්ඩායමට සඳහන් කොට තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය පැය 24ක කාලය තුලදී දකුණු ඕස්ට්‍රේලියාවෙන් නිරෝධායනයේ සිටි පුද්ගලයින් 3 දෙනෙකු හට කොරෝනා අසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර මේ වනවිට ඇඩිලේඩ් කොරෝනා පොකුර හා සම්බන්ධයෙන් වාර්තා වන ආසාදිතයින් සංක්‍යාව 25ක් ලෙස වාර්තා වේ. එමෙන්ම ප්‍රාන්තය තුල මේ වනවිට පුද්ගලයින් 4,500 දෙනෙකු අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් කොට තිබේ.
දකුණු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ, Woodville Pizza Bar හි කොරෝනා ආසාදිත පුද්ගලයා මුලින් Contact tracing සිදු කරන කණ්ඩායමට පැවසු දෙය සම්බන්ධයෙන් නැවතත් සොයා බැලීමේදී ඔහු අසත්‍ය ප්‍රකාශ කොට ඇති බවට හඳුනාගත් බවයි. එමෙන්ම කිසිසේත්ම පිළිගත් නොහැකි, ඔහුගේ මෙම ආත්මාර්ථකාමී ක්‍රියාව හේතුවෙන් සමස්ත දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රන්තයම ඉතා දුෂ්කර තත්වයකට පත්ව ඇති අතර එය ප්‍රාන්තයේ සෑම පුද්ගලයකුටම සහ සෑම ව්‍යාපාරයකටම බලපා ඇතැයිද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.
ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ හදිසි කළමනාකරණ පනත මගින්, රාජ්‍ය බලධාරීන්ට අවශ්‍ය වූ විට ජනතාව තොරතුරු සැපයීමට බැඳී සිටින නමුත් අසත්‍ය තොරතුරු ලබාදීම සඳහා දඩුවම් නොමැති බවයි. මේ වනවිට පවතින කොරෝනා පොකුර හා සම්බන්ධ නව සමීප සබඳතා සමූහයක් සොයා ගැනීමට සහ හුදකලා කාලසීමාවකට යටත් කිරීමට අවශ්‍ය වුවද සීමා ලිහිල් කිරීම ආරම්භ කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Steven Marshall අවධාරණය කොට තිබේ. මේ අනුව පවුල් සාමාජිකයින් හට එකවර ව්‍යායාම කිරීම සඳහා අවසර හිමි වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Grant Stevens සඳහන් කොට සිටියේ Woodville Pizza Bar හි එම පුද්ගලයාගේ අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් ප්‍රාන්තය දින 6ක Lockdown තත්වයකට යොමු වූ බවයි. කෙසේ නමුත් මෙම සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය වන විට මුලින් පනවා තිබු සීමාවන්ට හා සමාන වන සීමාවන් මාලාවකට යොමු වීමට බලාපොරොත්තු වන බව ප්‍රාන්ත පොලිස් කොමසාරිස්වරයා පවසයි.
මේ අනුව එක පුද්ගලයකුට වර්ග මීටර 4ක සීමාවක්, ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා පුද්ගලයින් 100 දෙනෙකු පමණක් වන සීමාවක් සහ වෙන්කරවා ගැනීම් සඳහා පුද්ගලයින් 10 දෙනෙකු පමණක් වන සීමාවක් පැනවේ.

South Australian Police Commissioner Grant Stevens has urged people to steer clear of Black Lives Matter rallies. Source: AAP
පොලිස් කොමසාරිස් Grant Stevens වැඩිදුරටත් සඳහන් කොට සිටියේ පසුගිය සිකුරාදා දින දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය සිටි තත්වයට නැවතත් යාම අපේක්ෂාව වන අතර දෙසැම්බර් 1 වැනිදා වන විට වික්ටෝරියානු-දකුණු ඕස්ට්‍රේලියානු දේශ සීමා ලිහිල් කිරීමද සැලසුම වන බවයි.
දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල පහත සඳහන් සීමාවන් ක්‍රියාත්මක වේ:
- අවමංගල්‍ය කටයුතු සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට අවසර ලබා දෙන අතර විවාහ මංගල්‍යයන් සඳහා පුද්ගලයින්150 දෙනෙකුට නැවත අවසර හිමිවේ, නමුත් අමුත්තන් අසුන් ගෙන සිටිය යුතු අතර නර්තන පැවැත්වීමට හැකියාවක් නොපවතී.
- ආගමික උත්සව සඳහා සහභාගී වීම 100 දෙනෙකුට පමණක් සීමා කෙරෙන අතර පුද්ගලික රැස්වීම් සඳහා පුද්ගලයින් 50 දෙනෙකු හට අවසර හිමිවේ.
- පෞද්ගලික නිවාසවල රැස්වීම් 10 දෙනෙකුට සීමා වේ.
- කොණ්ඩා මෝස්තරකරුවන් සහ රූපලාවණ්‍ය ශිල්පීන් වැනි පුද්ගලික සත්කාර සේවා සපයන්නන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර සේවා ලබා ගන්නා පිරිසද මුහුණු ආවරණ පළඳන ලෙසට දිරිමත් කෙරේ.
- සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේදී කායවර්ධන මධ්‍යස්ථාන නැවත විවෘත කළ හැකි අතර සඳුදා උදෑසන සිට පාසල් විවුර්ත කෙරේ.
කොරෝනා ආසාදිතයින් නොමැතිව වික්ටෝරියා ප්‍රාන්තය සති තුනක් ගත කරයි.
වික්ටෝරියා ප්‍රාන්තය කිසිදු කොරෝනා අසදිතයකු හෝ කොරෝනා මරණයක් වාර්තා නොවී සති තුනක කාලයක් ගත කොට ඇති අතර එම ප්‍රාන්තය සිය හෝටල් නොරෝධායන කටයුතු නැවත ආරම්භ කිරීමට සැරසේ. මේ අනුව දෙසැම්බර් මස 7 වැනිදා සිට නැවතත් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින පිරිස ගෙන්වා ගැනීම ආරම්භ කරන බව ප්‍රාන්ත රජයේ ප්‍රකාශිකාවක සඳහන් කොට තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
Rydges සහ Stamford Plaza යන හෝටල් වල සේවකයින් කොරෝනා අසාදන පාලන නීති උල්ලංඝනය කිරීමත් සමග සිදු වූ ප්‍රජා සම්ප්‍රේෂණ හේතුවෙන් මෙම වැඩසටහන පසුගිය ජුනි මසදී අත්හිටුවීමට සිදුවිය.
ලබන මස නැවත ඇරඹීමට කටයුතු යොදා ඇති මෙම නිරෝධායන වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අතුරු නිර්දේශ 69ක් ඉදිරිපත් කොට ඇති අතර නැවත පැමිණෙන ඇතැම් සංචාරකයින් නිවෙස් තුලදී නිරෝධායනය කිරීමටද නියමිත බව වාර්තා වේ.
ප්‍රාදේශීය වික්ටෝරියානු ප්‍රදේශ දෙකක අපජලයේ තිබී කොරෝනා වෛරස කොටස් හමුවීමත් සමග දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට සිය දේශසීමා වසාදැමීමට වික්ටෝරියා ප්‍රාන්තය තීරණය කලේය. ඇඩිලේඩ් හි කොරෝනා පොකුර වාර්තා වීමත් සමග මෙම සාක්ෂි හමුවීම, හදිසි තීරණයට හේතු වූ බව වික්ටෝරියා ප්‍රාන්තය පවසයි.
කෙසේ වුවද බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වන තෙක් වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත අතර මෙම දේශසීමා නීති පවතින බවද වික්ටෝරියා ප්‍රාන්තය සඳහන් කරයි.