මේ නිසා එළිමහනේ හෝ ගෘහස්තව අධික උනුසුමෙන් ආරක්ෂා විය යුතු වේ.
කාලගුණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය Andrew Watkins පවසන්නේ මෙම වසරේ උෂ්ණත්වය වසර 2019 ග්‍රීෂ්ම කාලය තරම් උණුසුම් නොමැති වුවද ආද්‍රතාවයෙන් වැඩි දීර්ග එකක් විය හැකි නිසා ජනතාවගේ සෞඛ්‍යට බලපාන බවයි.

Source: Getty Images
දකුණු ඕස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානයේ ප්‍රාන්ත හදිසි සේවා කළමනාකරු Nick Banks පවසන්නේ ඕස්ට්‍රේලියාවේ heatwave තත්ත්ව නිසා අනෙක් ස්වාභාවික ව්‍යසන වලට වැඩි පිරිසක් මිය ගොස් ඇති නිසා දරුවන්, ගැබිණි මව්වරු, වැඩිහිට්යන් හා වෙනත් සෞඛ්‍ය තත්ත්ව හෝ ආභාධ ඇති පුද්ගලයින් වැඩි අවධානමකට ලක් වන බවයි.
ඒ නිසා එවන් පුද්ගලයින් සිටින නිවෙස් වලට යම් ආකාරයක සෙවන සැපයීම, ඔවුන්ට දුරකථන ඇමතුමක් දී සුව දුක් විමසීම වැදගත් වේ. එසේම ඔවුන් වැඩිපුර ජලය පානයද වැදගත් වේ.
එසේම ඔබ උණුසුම් දින වලදී විජලනය වැලක්වීමට ජලය පානය කල යුතු වේ . තේ, කොපි , මත් පැන් හෝ පැණි බීම ඒ සදහා එතරම් සුදුසු නොවේ Image
මෙල්බන් නුවර Royal Children’s Hospital රෝහලේ අධ්‍යක්ෂක වරයෙකු වන වෛද්‍ය Warwick Teague පවසන්නේ heat stroke තත්වය මාරාන්තික බැවින් ඒ පිළිබද අවධානය යොමු කරන ලෙස.
හර්ද ස්පන්දනය වැඩි වීම, නාඩි වේගවත් වීම,හුස්ම ගැනීමේ පහසුව හා මොලය ක්‍රියාකාරී නොවීම නිසා කතා කිරීමේ අපහසුව ආදී ලක්ෂණ ඇති විය හැකියි. එසේම සමහරුන්ට චලනය වීම අපහසු වන අතර ව්‍යාකුල තත්වයට පත් වීම හෝ වලිප්පුව වැනි රෝග ලක්ෂණද ඇති විය හැකියි
වෛද්‍ය Warwick Teague පවසන්නේ එවන් විටක ගිලන් රථය පැමිණෙන තුරු ඔවුන් සිසිල් ස්ථානයකට යොමු කිරීම, සිසිල් ජලය මදක් ලබා දීම කල හැකියි . නමුත් අධික ශීතල ජලය ලබා දිය යුතු නොවේ . ඔවුන්ගේ සිරුර සිසිල් කිරීමට තත sponge භාවිතය හෝ තද ඇඳුම් ඉවත් කිරීම කල හැකියි .
ක්වීන්ස්ලන්තයේ Cancer Council හි ප්‍රධානී Chris McMillan පවසන්නේ අධික උෂ්ණත්වය ඇති විටදී Sunsmart පිළිවෙත් අනුගමනය කරන ලෙස .
පාර ජම්බුල කිරණ (UV ) හා අධික උෂ්ණත්වය අතර සම්බන්ධයක් නොමැති බව බොහෝ දෙනෙකු සිතුවත් level 3 ඉහල පාර ජම්බුල කිරණ ඇති විටදී සමට හානි විය හැකි අතර එය වසර ගණනක් සිදු වන විට සමේ පිළිකා පවා ඇති විය හැකි බව ඔහු පවසයි.

Source: Getty Images/Tracey Dee
වයස අවු. 70 වන විට කුමන ආකාරයේ සමක් හිමි වුවද ඕස්ට්‍රේලියානුවන් 3 දෙනෙකුගෙන් දෙදෙනෙකුට සමේ පිළිකා ඇති වන බව වාර්තා වේ. Mcmillan පවසන්නේ sunsmart පිළිවෙත ලෙස හැඳින්වෙන slip, slop, slap, seek, and slide පිළවෙත් අනුගමනය කරන ලෙස.
අත් දිග ඇඳුම් ඇදීම,පිටතට යාමට මිනිත්තු 20කට පෙර sunscreen ආලේප කිරීම, අව් කන්නාඩි පැලදීම කල යුතුයි . හිරු කිරණ මගින් ඇස් වලටද හානි විය හැකි නිසා අව් කන්නාඩි පැලදීම ඉතා වැදගත්.
වික්ටෝරියා ප්‍රාන්ත හදිසි ප්‍රතිකාර අංශ මගින් වසර 2018-2019 සමයේ වාර්තා වී ඇත්තේ දැඩි හිරු රශ්මිය නිසා පිලිස්ස්සුම් ඇති වන පිරිස අඩක් පමණ කුඩා දරුවන් බවයි . වෛද්‍ය Warwick Teague පවසන්නේ එසේ දරුවන්ගේ සම සිනිදු බැවින් ඔවුන් අව් රශ්මියට නිරාවරණය වු විට ඔවුන් උෂ්ණත්වයට ඉක්මනින් නිරාවරණය වන බව. එසේම ඔවුන් වැඩිහිටියන්ගේ අනුදැනුම නොමැතිව දියර පානය කිරීමද නොකරන නිසා කුඩා දරුවන් රෝහල් ගත වීම වැඩි වී තිබේ .
වෛද්‍ය Warwick Teague පවසන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් සම පිළිස්සීම විය හැකි නිසා දිගු කාලයක් හිරු එලියට නිරාවරණය වන විට පැය 2ට වරක් sunscreen ආලේප කළයුතු වේ.
හදිසි අවස්තාවකදී 000 අමතන්න