Key Points
- ඔස්ට්‍රේලියාවේ Tip එකක් ලබාදීම ස්වේච්ඡාවෙන් සිදු කෙරේ
- බොහෝ අය ආගන්තුක සත්කාර කාර්ය මණ්ඩලයට Tip එකක් ලබාදීමට පියවර ගනී
- හොඳ සේවාවක් සඳහා පිළිගත හැකි Tip එක 10% කි
- කොවිඩ් වසංගතයට හමුවේ Tip එකක් ලබාදීමේ සංස්කෘතිය වෙනස් වී තිබේ
Tip එකක් ලබාදීම යනු, හොඳ සේවාවක් ලබාදීම සඳහා ත්‍යාගයක් ලෙස ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ සහ වෙනත් ක්ෂේස්ත්‍රයන්හි කාර්ය මණ්ඩලයට ලබාදෙන මුල්‍යමය ත්‍යාගයකි, මෙය මුදල් වලින් හෝ මුදල් රහිත ගෙවීම් ක්‍රම හරහා ගෙවීමද සිදු කරයි.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවේ Tip එකක් ලබාදීම සිදු කල යුතුද යන්න පිළිබඳව ව්‍යාකූල තත්වයක් පවතින අතර ඒ සඳහා එකඟ නොවීම්ද පවතී. ඇතැමුන් මෙය පාරිතෝශිතයක් වශයෙන්ද හඳුන්වයි.
ඕස්ට්‍රේලියාවේ Tip එකක් ලබාදීම සිදු කරනවාද?
ඕස්ට්‍රේලියාවේ (ACCC) නමින් හැඳින්වෙන තරඟකාරී සහ පාරිභෝගික කොමිසම සමඟ කටයුතු කොට ඇති Bill Dee පැහැදිලි කොට සිටින්නේ Tip එකක් ලබාදීම සංස්කෘතියක් වන බවයි.
ඇමරිකාවේ මෙලෙස Tip එකක් ලබාදීම අනිවාර්ය වේ. ඔබ අවන්හලකට ගියහොත්, බිල්පතට Tip එක ඇතුලත් කිරීම දැකිය හැක. ඔබ ටැක්සියක් ගන්නේ නම්, ඔබ Tip එකක් ගෙවනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.
Bill Dee පෙන්වාද එන්නේ කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ,Tip එකක් ලබාදීම සංස්කෘතික වශයෙන් සලකන අතර ස්වේච්ඡාවෙන් මෙය ලබාදීමට ඕස්ට්‍රේලියානුවන් අනුගතව ඇති බවයි. එමෙන්ම මෙය සාමාන්‍යයෙන් ඔබ්බට ගිය සේවය සඳහා කෘතඥතාව පළ කිරීමක් වන බවත් Bill සඳහන් කොට සිටී
_____________________________________________________________________
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
_____________________________________________________________________
ඕස්ට්‍රේලියාවේදී Tip එකක් ලබාදීම වඩා හොඳ පාරිභෝගික සේවාවක් සම්බන්ධයෙන් ඔබේ අගය කිරීමේ ප්‍රකාශනයක් වේ. උදාහරණයක් වශයෙන්, අවන්හලකකට ගිය විට වේටර් ඔබට විශිෂ්ට සේවාවක් සහ ආහාර වේලක් ලබා දෙන්නේ නම්, බොහෝ විට ඔවුන්ගේ කෘතඥතාව පෙන්වීමට Tip එකක් ලබාදීම සිදු කරයි.
කෙසේ නමුත් ඇතැම් පිරිසක් විශ්වාස කරන්නේ Tip එකක් ලබාදීම අනවශ්‍ය බවයි - සේවා කාර්ය මණ්ඩලය සඳහා රැකියා කොන්දේසි බොහෝ සෙයින් වෙනස්වන ඇමරිකාව වැනි රටවල් අනුකරණය කිරීමෙන් අප වැළකී සිටිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
3RRR ගුවන්විදුලිය ඔස්සේ දීර්ඝ කාලයක් විකාශනය වූ ආහාර වැඩසටහනේ නිර්මාතෘ Cam Smith මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ අප සතුව ඇති වැටුප් ව්‍යුහය නිසා ඔබ Tip එකක් ලබාදීම සම්බන්ධයෙන් බැඳීමක් ඇති නොවිය යුතු බවයි.
ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ තරමක් ඉහළ අවම වැටුපක් පවතී. වැටුප් ඉතා අඩු සහ සේවා කාර්ය මණ්ඩලයට ජීවත් වීමට පාරිතෝෂිකයක් අත්‍යාවශ්‍ය වන ඇමරිකාව මෙන් නොව, ඕස්ට්‍රේලියාවේ දී විශිෂ්ට සේවාවක් සඳහා ත්‍යාගයක් වශයෙන් Tip එකක් ලබා දෙනවාද නැද්ද යන්න තමන්ට භාර බවත් Cam පෙන්වා දෙයි.
තමන් ආපන ශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව, මුදල් මේසය මත තැබීම හෝ කවුන්ටරයේ ඇති tip jar එකට දැමීම සිදු කල හැක. එමෙන්ම මුදල් රහිත ගනුදෙනු ඔස්සේද මෙලෙස Tip එකක් ලබා දීම සිදු කල හැක.
මෙලෙස ලැබෙන Tip මුදල් තම සේවකයන්ට ලබාදීමට ආපනශාලා හිමිකරුවන් කටයුතු කල යුතු වේ.

Tip jar Source: Getty / Getty Images/Toni Faint
අප කොපමණ මුදලක් Tip එකක් වශයෙන් ලබා දිය යුතුද?
මෙලෙස Tip එකක් වශයෙන් ලබාදෙන මුදල සම්පුර්ණයෙන්ම ඔබ මත රඳා පවතී.
කෙසේ නමුත් Cam පවසන්නේ මේ සම්බන්ධයෙන් ඇතැම් මාර්ගෝපදේශ පවතින අතර මුදලින් 10%ක් ගණනය කිරීම පහසුම කාර්යය වන බවයි.එමෙන්ම තමන් කැමති නම් මීට වඩා වැඩි ගණනක්ද ලබා දිය හැකි බව Cam පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාවේ සම්මත Tip එක. බිලෙන් 10%ක් වේ.
කොවිඩ් වසංගතය අතරතුර Tip ලබාදීම
භෝජන සඳහා පැමිණෙන්නන් සම්බන්ධයෙන් මෑතකදී සිදු කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ආගන්තුක සත්කාර සහ සේවා කර්මාන්ත සඳහා සහයෝගය දැක්වීමේ කැමැත්ත හේතුවෙන් කොවිඩ් වසංගතය අතරතුර ඕස්ට්‍රේලියාවේ Tip ලබාදීමේ සංස්කෘතිය වෙනස් වී ඇති බවයි.
_____________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_____________________________________________________________________
Online ක්‍රමයට අවන්හල් වෙන් කිරීමේ සේවා සමාගමක් වන OpenTables සඳහා ජාත්‍යන්තර වෙළඳපල කළමනාකරු වශයෙන් කටයුතු කරන Robin Chiang පවසන්නේ. සමීක්ෂණයට ලක් වූ ඕස්ට්‍රේලියානුවන්ගෙන් 25% ක් පමණ මෙලෙස Tip එකක් ලබාදීමට කැමැත්තක් පල කල බවයි.
එමෙන්ම මෙලෙස Tip ලබාදෙන වැඩි පිරිස වයස අවුරුදු 30ට අඩු පිරිස වන බවත් මෙමෙ සමීක්ෂණයෙන් හෙළිව තිබේ.
එමෙන්ම Robin පෙන්වා දෙන්නේ මුදල් සහිත Tip ලබාදීමට වඩා මුදල් රහිත eftpos සහ QR කේත භාවිතයෙන් සිදු කරන ගෙවීම් හරහාද Tip ලබාදීම ඉහල ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. එමෙන්ම ride-sharing සහ අහාර බෙදාහැරීම සඳහා වන app ඔස්සේත් මෙලෙස Tip ලබාදීම සිදු කරයි.
Robin පෙන්වා දෙන්නේ බොහෝ විට මෙය අවන්හල්වලට සහ ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයට උපකාර කිරීමේ අරමුණින් බොහෝ පිරිසක් මෙය සිදු කරන බවයි.

Taxi drivers do not expect a tip in Australia Source: Getty / Getty Images/wagnerokasaki
වෙනත් සේවා සඳහා ලබාදෙන Tip
ඕස්ට්‍රේලියාවේ කුලී රථ රියදුරන් Tip ලබාදීම සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවනු ඇත, නමුත් ඔවුන් අය කරන ගාස්තුව ආසන්නතම ඩොලරයට සැකසීම සාමාන්‍යයෙන් දක්නට ලැබේ.
කොණ්ඩා මෝස්තර ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන් සහ හෝටල් කාර්ය මණ්ඩලය Tip බලාපොරොත්තු නොවේ.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ආහාර බෙදා හැරීමේ රියදුරන් අනෙකුත් සේවකයින්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමක් සිදු නොවේ.නමුත් බොහෝ පිරිසක් මෙම පිරිසට Tip එකක් ලබාදීමට කටයුතු කරයි.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල Tip එකක් ලබාදීම සම්පූර්ණයෙන්ම ඔබට භාර බව සැමවිටම මතක තබා ගැනීම වැදගත් වේ.
_____________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_____________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න