Key Points
- අහාර ආසාත්මිකතා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ස්ථානයක් උසුලයි.
- ඕස්ට්‍රේලියාව අසාත්මික ප්‍රතික්‍රියා හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට පැහැදිලි මාර්ගෝපදේශ සපයයි
- Anaphylaxis වැළැක්වීම සහ කළමනාකරණය සඳහා හොඳම මාර්ගෝපදේශ 2021 දී සංවර්ධනය කොට තිබේ.
- PBS prescription යටතේ ඇඩ්‍රිනලින් එන්නත් ලබා ගැනීමට හැකියාව පවතී. ---
ඕස්ට්‍රේලියාව, ලෝකයේ ආහාර අසාත්මිකතා අනුපාතයන්ගෙන් ඉහලම ස්ථානයක පවතී. , ඕස්ට්‍රේලියාවේ සෑම ළදරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට සහ වැඩිහිටියන් 100 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පමණ ආහාර අසාත්මිකතාවන් බලපායි.
මේ හේතුවෙන් අසාත්මිකතා සහ ආසාත්මිකතාවයකට නිරාවරණය වීමෙන් කෙටි වේලාවක් ඇතුළත ශරීරය ඊට ප්‍රතිචාර දැක්වීම මගින් ඇතිවන Anaphylaxis ඇති දරුවන් පාසලට යැවීම බොහෝ දෙමාපියන්ට කරදරකාරී තත්වයක් ගෙන දිය හැක. මෙම තත්වය විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට අලුතින් පැමිණි අයට දැඩි බලපෑමක් සිදු කරන අතර ඔවුන් ඔස්ට්‍රේලියාව තුල මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පද්ධති සහ මාර්ගෝපදේශ පිළිබඳව නොදැන සිටිය හැක.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේස්ත්‍රය තුල සහ ළමා රැකවරණ ක්ෂේස්ත්‍රය තුල අසාත්මිකතා ඇති දරුවෙකු සම්බන්ධයෙන් ගතයුතු නිසි පියවර රඳා පවතින්නේ ඒ සම්බන්ධයෙන් දෙමාපියන්, පාසල් සහ වෛද්‍යවරුන් අතර සිදු කරන සන්නිවේදනය මත වේ.
_________________________________________________________________________
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
_________________________________________________________________________
Allergy and Anaphylaxis Australia හි ප්‍රධාන විධායක නිලධාරී Maria Said පවසන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල්වල අසාත්මිකතා හොඳින් කළමනාකරණය වන අතර එය ඇරඹෙන්නේ ඔබට විශ්වාස කළ හැකි සහ දැනුමැති සෞඛ්‍ය වෘත්තිකයෙකු සොයා ගැනීමෙන් අනතුරුව වන බවයි.
එමෙන්ම කිසිදු අවස්ථාවකදී උපකල්පනය කරන ලද තොරතුරු මත රඳා නොසිටින ලෙසත් කිසිවිටෙක ස්වයං-රෝග විනිශ්චය කිරීමක් සිදු නොකරන ලෙසත් Maria පෙන්වා දෙයි.
ක්‍රියාකාරී සැලසුම්
ආසාත්මිකතා සඳහා ප්‍රතික්‍රියා හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම
ආසාත්මිකතා හෝ anaphylaxis ඇති දරුවෙකු පාසලට හෝ ළමා රැකවරණයකට ඇතුළත් කිරීමේදී, ක්‍රියාකාරී සැලැස්මක් ඇතුළුව යාවත්කාලීන වෛද්‍ය තොරතුරු සහ එම දරුවා සම්බන්ධයෙන් වන anaphylaxis සඳහා වන සත්කාර සැලැස්මක් සැපයීම දෙමාපියන් සිදු කල යුතු වේ.
ඕස්ට්‍රේලියානු සායනික ප්‍රතිශක්තිකරණ හා අසාත්මිකතා සංගමයේ (ASCIA) යනු, ආසාත්මික ප්‍රතික්‍රියාවක් හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට පැහැදිලි සහ සාක්ෂි පදනම් කරගත් තොරතුරු සපයන වෛද්‍ය ලේඛනයකි. මෙහිදී මෙම Action Plans නොහොත් ක්‍රියාකාරී සැලසුම්, ළමයාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හෝ හෙද වෘත්තිකයා සම්පූර්ණ කර අත්සන් කළ යුතු වේ.
සිඩ්නි ළමා රෝහලේ ළමා ප්‍රතිශක්තිකරණ විශේෂඥ වෛද්‍ය Katie Frith පවසන්නේ මෙම සැලසුම් වර්ණ අනුව වර්ග කල හැකි බවයි.
ඒ අනුව,
- Red action plan - ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ටරයක් සමඟ නියම කරන ලද අය සඳහා වන අතර, ඇනෆිලැක්සිස් ඇතිවීමේ බරපතල අවදානමක් ඇති අය සඳහා එය ලබා දේ.
- Green action plan - ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ටරයක් නොමැති අය සඳහා පවතී, කෙසේ වෙතත් අසාත්මිකතා ප්‍රතික්‍රියාවක අවදානමක් මෙහි පවතින අතර මේ හේතුවෙන් පාසල්වලට සැලැස්මේ මුල් පිටපතක් හෝ "වර්ණවත් පිටපතක්" (coloured copy) ලබාදීමට අවශ්‍ය වේ.
ඕස්ට්‍රේලියානු සායනික ප්‍රතිශක්තිකරණ හා අසාත්මිකතා සංගමයේ මෙම පිටපත ASCIA හි වෙබ් අඩවියෙන් නොමිලේ download කල හැකි අතර පරිවර්තිත අනුවාද ද පවතී.
මෙම ක්‍රියාකාරී සැලසුම් කල් ඉකුත් නොවේ, කෙසේ නමුත් ඒවාට නිරන්තරයෙන් සමාලෝචන කිරීම අවශ්‍ය විය හැක.
වෛද්‍ය Frith පවසන්නේ එය ඔබේ වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතු බවයි.
ඇතැම් පාසල් සෑම වසරකදීම මෙම "ක්‍රියාකාරී සැලසුම්" යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටී, නමුත් මෙය අත්‍යවශ්‍ය නොවන අතර ඇතැම් අසාත්මිකතා ඇති ඇතැම් දරුවන් සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලසුම් සමාලෝචනය කළ හැක්කේ සෑම මාස 18 කට වරක් හෝ සෑම වසර දෙකකට වරක් පමක් වීම ඊට හේතුවයි.
ඕස්ට්‍රේලියාව පුරා ළමුන් සඳහා වන ආසාත්මිකතා සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ පවතී.
Anaphylaxis අවදානම අවම කිරීම සඳහා, පාසල් සහ ළමා රැකවරණ කාර්ය මණ්ඩලය සඳහා අනුගමනය කළ යුතු සාක්ෂි පදනම් කරගත් ජාතික මාර්ගෝපදේශ ලේඛනයකි.
විවිධ ඇට වර්ග සහ බිත්තර වැනි ඇතැම් ආහාර සම්බන්ධයෙන් පමණක් ආරක්ෂා වී සිටීමට වඩා ළමුන් හට විය හැකි ආසාත්මිකතා වලක්වාලීම පිළිබඳව දැනුවත්ව සිටීමේ වැදගත්කම මෙහි පවතින ප්‍රධාන පණිවුඩයකි.

Preschool kids Source: Getty / skynesher
මේ හේතුවෙන් Novia පවසන්නේ තම දරුවාට විවිධ අහාර තහනම් කිරීම සිදු කරනවා වෙනුවට දරුවාට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කොට දැඩි නීති රීති සකස් කිරීම සිදු කල යුතු බවයි.
වෙනත් කිසිවකු දෙන දෙයක් අහාරයට නොගන්නා ලෙසත් තමන්ට යම් ආහාරයක් අලුතින් ගැනීමට දැඩි කැමැත්තක් ඇතිවුවොත් එය තමන්ගෙන් ඉල්ලන ලෙසත් දරුවාට සඳහන් කොට ඇති බවත් Novia සඳහන් කරයි.
Tristen ගේ පාසලේ පන්ති කාමරය තුල, අසාත්මිකතා පවතින සිසුන්ගේ ක්‍රියාකාරී සැලසුම් ප්‍රදර්ශනය කොට තිබේ.මේ හේතුවෙන් පන්තියේ සිටින සිසුන්ගේ සහ Tristen ට ඇති අසාත්මිකතා සම්බන්ධයෙන් සෑම අයකුම දැනුවත් වේ.
පාසැලේදී ආහාර බෙදා ගැනීම තහනම් කොට ඇති අතර, සියළුම සිසුන්ට ඔවුන්ගේ සම වයසේ මිතුරන් සමඟ ඔවුන්ගේ දිවා ආහාරය බෙදා නොගන්නා ලෙසට දන්වා ඇතැයිද Novia සඳහන් කරයි.
දෙමාපියන් සහ පාසල් කාර්ය මණ්ඩලය එකට එක්ව කටයුතු කිරීම වැදගත් වේ. Maria පවසන්නේ මෙමගින් ආහාර ආසාත්මිකතා ඇති දරුවාව සහ ආහාර ආසාත්මිකතා ඇති තම මිතුරන් ගැන සොයා බැලිය යුතු ආකාරය පිළිබඳව ඔවුන්ගේ සම වයසේ මිතුරන් දැනුවත් කිරීම සිදු වන බවයි.
Anaphylaxis සම්බන්ධයෙන් වන උපාය මාර්ග රාශියක් සකස් කිරීම ඔස්සේ මේ සම්බන්ධයෙන් වන අවදානම ළමුන්ට අඩු කල හැකි බවත් Maria වැඩිදුරටත් පෙන්වා දෙයි.

Checking label ingredients at supermarket
පාසැලේදී ලබාදිය හැකි ප්‍රතිකාර
ඔබේ දරුවා පාසලකට හෝ ළමාරක්‍ෂක සේවයකට ඇතුළත් කළ පසුව, "ක්‍රියාකාරී සැලැස්මේ" දක්වා ඇති සියලුම අවශ්‍ය ඖෂධ ලබා දීම ඔබ සිදු කල යුතු වේ.මේ හේතුවෙන් පාසල් තුල සෑම සිසුවෙකු හටම ඔවුන්ගේ ක්‍රියාකාරී සැලැස්ම සහ ඊට අදාළ ඖෂධ අඩංගු "හදිසි කට්ටලයක්" තිබේ.
විනෝද චාරිකා, ක්‍රීඩා ඉසව් සහ පාසල් කඳවුරු වැනි පාසලෙන් පිටත ක්‍රියාකාරකම්වලට සහභාගී වන විට, ගුරුවරුන් මෙම කට්ටල රැගෙන යාම සිදු කරයි.
යම් හෙයකින් ඔවුන්ගේ ඖෂධ කල් ඉකුත් වී ඇත්නම් සිසුන්ට මෙම ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට නොහැකි වීමට ඉඩ පවතී, මේ හේතුවෙන් කල් ඉකුත්වන දිනයන් සටහන් කරගැනීම මගින් ඒ සඳහා අලුත් ඖෂධ තැබීම වැදගත් වේ.
ඕස්ට්‍රේලියාවේ ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ (Pharmaceutical Benefits Scheme) ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ටර
ඔබට ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ටර ලබා ගැනීමට බෙහෙත් වට්ටෝරුවක් අවශ්‍ය නොවේ. නමුත් ඒවා මිලදී ගැනීම මිල අධික විය හැකි අතර, ඉන්ජෙක්ටරයක් සඳහා ඩොලර් 75 සිට 100 දක්වා වැය විය හැක.
_________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_________________________________________________________________________
මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මගින් ලබාදෙන බෙහෙත් වට්ටෝරුවක් මත ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ටරයක් ලබා ගැනීමේ වඩාත් කාර්යක්ෂම ක්‍රමය වශයෙන් සඳහන් කල හැක. මේ ඔස්සේ ඔබට ඩොලර් 40 කට පමණ ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ටර් දෙකක් ලබා ගැනීමට හැකියාව හිමි වන බව වෛද්‍ය Katie පවසයි.
එමෙන්ම වෛද්‍ය Katie පෙන්වා දෙන්නේ මෙම බෙහෙත් වට්ටෝරුව විශේෂඥයෙකු සැපයිය යුතු අතර, ඉන් පසුව, ඔබේ වෛද්‍යවරයාට බෙහෙත් වට්ටෝරු ලිවිය හැකි බවයි.
පසුගිය වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් ජාතික සැපයුම් හිඟයක් පැවතීම හේතුවෙන් කල් ඉකුත් වූ ඇඩ්‍රිනලින් එන්නත් අතිරේකව තබාගැනීම වැදගත් වන අතර වෛද්‍ය Katie වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ කල් තියා මෙම ඉන්ජෙක්ටරයක් සඳහා ප්‍රවේශය තිබීමද ඉතා වැදගත් වන බවයි.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න:
_______________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න