ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන Priority Migration Skilled Occupation ලැයිස්තුව, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සමාලෝචනය කළ යුතු බවට විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් කමිටුව නිර්දේශ කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ skilled migration වැඩසටහන පිළිබඳ අතුරු වාර්තාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව පවසා ඇත.
Highlights
- ඔස්ට්‍රේලියාවේ Priority Skilled Occupation ලැයිස්තුවට අලුතින් වෘත්තීන් කිහිපයක්ම ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබේ.
- ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත අනාගත නිපුණතා සංක්‍රමණිකයින් උදෙසා ගුවන් ගමන් වල ආසන වෙන් කිරීම සහ නිරෝධායනය කිරීම පිළිබඳවද නිර්දේශ ඉදිරිපත් කර ඇත.
- ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල මේ වන විට රැකියා 50,000 කට අධික සංඛ්‍යාවක පුරප්පාඩු පවතින බව සඳහන්.
Priority Migration Skilled Occupation ලැයිස්තුව සංශෝධනය කිරීම
කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ Skilled Migration හෙවත් නිපුණතා සංක්‍රමණික වැඩසටහනට විශාල බාධා එල්ල විය.
මේ අතරේ කොරෝනා වසංගතයෙන් හානියට පත් ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි ගොඩගැනීමේ අරමුණින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් Priority Migration Skilled Occupation ලැයිස්තුවක් පසුගිය වසරේ මැද බාගයේදී ප්‍රකාශයට පත් කළේය.
කොරෝනා වසංගතයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය ගොඩගැනීමට දායක වන වෘත්තීන් මෙන්ම මේ මොහොතේ සැලකිය යුතු ශ්‍රම හිඟයක් පවතින වෘත්තීන් සලකා බලා එවකට එම ලැයිස්තුව සකස් කරන ලදී.
නමුත් එම ලැයිස්තුව සංශෝධනය විය යුතු බවට ඔස්ටෙලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කමිටුව නිර්දේශ කර තිබේ.
ඒ සඳහා ඔස්ට්‍රේලියාවට වඩාත් අවශ්‍යව පවතින වෘත්තීන් කිහිපයක් අලුතින් එක් කරන ලෙස ඔවුන් නිර්දේශ කර ඇත.

Source: AAP
Priority Migration Skilled Occupation ලැයිස්තුව
දැනට ක්‍රියාත්මක Priority Migration Skilled Occupation ලැයිස්තුවට වෘත්තීන් 18 ක් ඇතුළත් කර තිබේ.
මෙම ලැයිස්තුව මුල් වරට හඳුන්වාදෙන අවස්ථාවේ වෘත්තීන් 17 ක් පමණක් එයට ඇතුළත් කළ නමුත් මේ වසරේ මුලදී තවත් එක් වෘත්තියක් (Social Worker) ඊට එකතු කරන ලදී.
කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාව දක්වන ආර්ථික ප්‍රතිචාරය හමුවේ මෙම ලැයිස්තුවේ සෞඛ්‍ය සේවා, ඉදිකිරීම් සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර වලට ප්‍රධාන තැනක් හිමි කර දී තිබේ.
ඔස්ට්‍රේලියාවේ දැනට පවතින Priority Migration Skilled Occupation ලැයිස්තුව පහත පරිදි වේ.
- Chief Executive or Managing Director (Occupation ID - 111111)
- Construction Project Manager (Occupation ID - 133111)
- Mechanical Engineer (Occupation ID - 233512)
- General Practitioner (Occupation ID - 253111)
- Resident Medical Officer (Occupation ID - 253112)
- Psychiatrist (Occupation ID - 253411)
- Medical Practitioner nec (Occupation ID - 253999)
- Midwife (Occupation ID - 254111)
- Registered Nurse (Aged Care) (Occupation ID - 254412)
- Registered Nurse (Critical Care and Emergency) Occupation ID - (254415)
- Registered Nurse (Medical) (Occupation ID - 254418)
- Registered Nurse (Mental Health) (Occupation ID - 254422)
- Registered Nurse (Perioperative) (Occupation ID - 254423)
- Registered Nurses nec (Occupation ID - 254499)
- Developer Programmer (Occupation ID - 261312)
- Software Engineer (Occupation ID - 261313)
- Social Worker (Occupation ID - 272511)
- Maintenance Planner (Occupation ID - 312911)
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
අලුතින් ඇතුළත් කිරීමට නිර්දේශ කළ වෘත්තීන්
Priority Migration Skilled Occupation ලැයිස්තුවට අලුතින් වෘත්තීන් කිහිපයක් ඇතුළත් කිරීමට අදාළ කමිටුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.
දැනට නම් කර ඇති වෘත්තීන් මෙන්ම මෙම නිර්දේශ කර ඇති වෘත්තීන්ද මෙවේලෙහි ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වෘත්තීන් බව ඔවුහු පවසති.
ඒ අනුව පහත සඳහන් වෘත්තීන් ද Priority Migration Skilled Occupation ලැයිස්තුවට අලුතින් එක් කරන ලෙස එම කමිටුව නිර්දේශ කර තිබේ.
- Civil engineers
- Electrical engineers
- Mechanics
- Cooks/ Chefs
- Carpenters
- Electricians
ඊට අමතරව සෞඛ්‍ය, කෘෂිකාර්මික හා නිෂ්පාදන ක්ෂේත්‍ර වල වෘත්තීන් ද මෙයට එක් කරන ලෙස නිර්දේශ කර ඇත.

Source: Getty Images/James Braund
නිරෝධායනය කර නිපුණතා සංක්‍රමණිකයින්ව ගෙන්වීමටත් නිර්දේශ
ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත skilled migrants හෙවත් නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ද අදාළ පාර්ලිමේන්තු කමිටුව නිර්දේශ කර ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත අනාගත නිපුණතා සංක්‍රමණිකයින් උදෙසා ගුවන් ගමන් වල ආසන වෙන් කිරීම සහ නිරෝධායනය කිරීම පිළිබඳවද අදාළ වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
කොරෝනා වසංගතය නිසා විදේශයන්හි මේ වන විටත් සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් යළි ගෙන්වා ගැනීම මන්දගාමිව පවතින අතරේ මෙම නිර්දේශය දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල මේ වන විට රැකියා 50,000 කට අධික සංඛ්‍යාවක පුරප්පාඩු පවතින බව සඳහන්.
මේ අතර ඔස්ට්‍රේලියාව තුළ දැනට සිටින තාවකාලික වීසා ලාභීන් හට රැකියා කිරීමට ඇති කොන්දේසි ලිහිල් කිරීමක් පිළිබඳව ද මධ්‍යම රජය සලකා බලමින් සිටින බව ඔස්ට්‍රේලියානු අගමැති පසුගිය සතියේදී පැවසීය.
මේ වන විට පුරප්පාඩු වී ඇති රැකියා බොහොමයක් ඔස්ට්‍රේලියානුවන් විසින් පිරවීම අපහසුවී ඇති නිසා මෙලෙස විකල්ප තීරණ ගැනීමට සිදුව ඇති බව ද අගමැති මොරිසන් සඳහන් කළේය.