ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව තවත් 0.25% කින් පොලී අනුපාත වැඩි කරන බව මාර්තු 07 දැනුම් දුන් අතර ඒ අනුව නිල මුදල් අනුපාතිකය 3.6% දක්වා ඉහළ නංවා ඇත.
අඛණ්ඩව 10 වැනි වරටත් සිදුකළ මෙම ඉහළ නැංවීම වසර 11ක් තුළ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළම අගයට ගෙන එයි.
LISTEN TO

RBA පොලී අනුපාත ඉහළ දැමීම සමග ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු
SBS Sinhala
10:33
මෙම පොලී අනුපාත වැඩිවීම දැනටමත් ජීවන වියදම් සහ පොලී අනුපාත ඉහළ යාමේ පිරිවැය හේතුවෙන් පීඩාවට පත් නිවාස ණය හිමියන්ට වැඩි පීඩනයක් ඇති කරනු ඇත.
2022 අප්‍රේල් මාසයේ තත්ත්වය හා සසඳන විට මේ වන විට ඩොලර් ලක්ෂ 5 ක නිවාස ණයක් හිමි අයෙකුට මසකට ඩොලර් 1000කට වඩා වැඩිපුඅර ගෙවීමට සිදුවනු ඇතැයි මුල්‍ය සංසන්දනාත්මක වෙබ් අඩවියක් වන Finder විශ්ලේෂණයක් පෙන්නුම් කරයි.

Inflation has soared in the past two years. Credit: SBS News
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
පෙබරවාරි මස තම ප්‍රකාශයේදී පොලි අනුපාත ඉහළ දමන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව, මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසුවේය.

How fixed and variable rates compare over time. Credit: SBS News
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ ව්‍යවසායිකාවක් වීමට සංක්‍රමණික කාන්තාවන්ට ඇති අභියෝග සහ ඒවා ජයගත හැකි අයුරු
SBS Sinhala
11:16
"තවත් පොලී අනුපාත වැඩි කළ යුත්තේ කවදාද සහ කොපමණ දැයි තක්සේරු කිරීමේදී, මණ්ඩලය ගෝලීය ආර්ථිකයේ වර්ධනයන්, ගෘහස්ත වියදම්වල ප්‍රවණතා සහ උද්ධමනය සහ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ ඉදිරි දැක්ම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇති." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

How capital city house prices have changed in value over time. Credit: SBS News
LISTEN TO

ඕස්ට්‍රේලියාවේ විද්‍යා සහ තාක්ෂණ අංශ වල කාන්තා නියෝජනය වැඩි කරන්න වෙහෙසෙන, ආචාර්ය රුවංගි SBS සිංහලට කියූ දෑ
SBS Sinhala
30:55
පෙබරවාරි ප්‍රකාශයට අනුව ඇඟවෙන පරිදි උද්ධමනය [2-3%] ඉලක්කගත පරාසයකට ආපසු පැමිණීමට සහ ඉහළ උද්ධමනය ශක්තිමත් වීම නැවැත්වීමට අවම වශයෙන් තවත් පොලී අනුපාත ඉහල දැමීම් දෙකක් හෝ අවශ්‍ය වනු ඇති බවය.

How the price of units have changed in capital cities. Credit: SBS News