Key Points
- තරුණයින් තුළ ධනාත්මක බලපෑම් ඇති කිරීමට වැඩිහිටියන් දිරිමත් කිරීම මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ "ප්‍රචණ්ඩත්වයේ චක්‍රය" බිඳ දැමීම Stop it at the Start ව්‍යාපාරයේ අරමුණයි
- නිදහසට කරුණු දැක්වීම වෙනුවට ගෞරවනීය හැසිරීම් ගැන දරුවන් දැනුවත් කිරීම වැදගත් වේ
- ඕස්ට්‍රේලියාවේ මේ සම්බන්ධයෙන් සංවාදයේ යෙදීමට උපකාර කරන සම්පත් පවතී are available to help you engage in conversation
ගැහැනු ළමුන්ට හෝ කාන්තාවන්ට අගෞරවනීය හෝ ආක්‍රමණශීලී ලෙස පිරිමි ළමයින් සිදු කරන හැසිරීම බොහෝ විට සාමාන්‍ය තත්වයක් බවට බොහෝ පිරිස තේරුම් ගනී. මේ සඳහා උදාහරණයක් වශයෙන් “පිරිමි ළමයින් නේ", "ඒක හරි", "ඔහු ඔබට කැමති නිසා ඔහු එය කළා” වැනි දේ පැවසීම අපට අසන්නට ලැබේ.
මේවා බැලූ බැල්මට හානිකර ප්‍රකාශ නොවන නමුත් මේ ඔස්සේ ඔවුන් නොදැනුවත්වම ආක්‍රමණශීලී බව පිරිමි ළමුන්ට ආවේණික දෙයක් හෝ ගැහැණු ළමුන් විසින් ඔවුන්ව කුපිත කොට ඇතැයි වශයෙන් සාමාන්‍යයීකරණය කරන බව විශේෂඥයින් පෙන්වා දෙයි.
කෙසේ නමුත්, සෑම ආකාරයකම අගෞරවයක් ප්‍රචණ්ඩත්වයට හේතු නොවේ, නමුත් ප්‍රචණ්ඩත්වය ආරම්භ වන්නේ අගෞරවයෙනි. මේ හේතුවෙන් මෙම චක්‍රය ආරම්භයේදීම නැවැත්වීම වැදගත් වේ.
“Stop it at the Start” ව්‍යාපාරය
ව්‍යාපාරය යනු, සියලුම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීමේ අරමුණින් Council of Australian Governments මගින් සිදු කරන මුලපිරීමකි.
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ වූ කම්පන සහගත තොරතුරු සහ සංක්‍යාලේඛන හේතුවෙන් 2016 වසරේදී මෙම ව්‍යාපාරය ආරම්භ විය.
- ඕස්ට්‍රේලියාවේ කාන්තාවන් සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 15 සිට තමන් දන්නා හඳුනන අයෙකු විසින් කායික හෝ ලිංගික හිංසනයට ගොදුරු වී තිබේ.
- වයස අවුරුදු 15 සිට සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුම සහකරුවෙකු විසින් මානසිකව අපයෝජනයට ලක් කොට ඇතැයිද හෙළිව තිබේ.
මේ අතර සාමාන්‍යයෙන් සෑම දින 10 කට වරක් එක් කාන්තාවක් ඔවුන්ගේ වර්තමාන හෝ හිටපු සහකරු මගින් ඝාතනයට ලක් වීමද සිදු වේ.
මේ හේතුවෙන් මෙහි අඛණ්ඩ අඩුවීමක් දැකීමට ඇති එකම මාර්ගය වශයෙන් සමාජ සේවා සහ පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සහකාර අමාත්‍ය Justine Elliot පෙන්වා දෙන්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආමන්ත්‍රණය කිරීම කෙරෙහි දැඩි ජාතික අවධානයක් යොමු කිරීම වන බවයි.
අමාත්‍ය Justine තවදුරටත් පවසන්නේ යෞවනයන්ගේ චර්යාවන් ඔවුන් වටා සිටින වැඩිහිටියන්, රැකබලා ගන්නන් මත රඳා පවතින අතර, වයස අවුරුදු 10-17 අතර දරුවන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් ඉලක්ක කොට ඔවුන්ගේ ආකල්ප වලට ධනාත්මක බලපෑමක් ඇතිකිරීම මෙම ව්‍යාපාරයේ අරමුණ වන බවයි.
ප්‍රචණ්ඩත්වයේ චක්‍රය හඳුනා ගැනීම
"ප්‍රචණ්ඩත්වය නිරායාසයෙන් ආරම්භ නොවේ, එය වර්ධනය වීමක් සිදු වේ" යනුවෙන් මාපිය විශේෂඥවරියක් සහ Inspired Children ග්‍රන්ථයෙහි කතුවරිය වන ආචාර්ය Rosina McAlpine පවසයි.
ආචාර්ය Rosina හටද මෙම ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අත්දැකීම් ඇති අතර ඇයගේ සීයාගෙන් ඇයගේ පියාට මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම් ලැබී තිබේ.
ඇය පවසන්නේ අයගේ පියා ශාරීරික දඬුවම් ලබාදීම ඔස්සේ දරුවන් තුළ විනය ඇති කිරීමේ මාර්ගය විශ්වාස කරන පරම්පරාවක අයකු වන බවයි.

Past generations believed that discipline and corporal punishment was the way to raise good kids. Credit: FluxFactory/Getty Images
නමුත් ඒ දිනවල එය සාමාන්‍ය දෙයක් වූ අතර කිසිවකු කිසිවක් නොකී බවත් ආචාර්ය Rosina පවසයි.
මෙවැනි වටපිටාවක ළමුන් බොහෝ විට වැරදි දේ ඉගෙන ගැනීම සිදු වේ. නමුත් ඇය පවසන්නේ පවුල් ජීවිතය යනු කුමක්ද, පිළිගත හැකි දේ සහ පිළිගත නොහැකි දේ සහ නිවැරදි මාර්ගය කුමක්ද සහ නොවන්නේ කුමක්ද යන්න පිළිබඳව කුඩා දරුවන් වශයෙන් ඉගෙන ගන්නා බවයි.
කෙසේ නමුත් තමන් දරුවන් සඳහා යහපතක් කරන බවට සිතමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දෙමාපියන් හේතුවෙන් මෙම ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීම අපහසු කාර්යයක් වේ.
මේ හේතුවෙන් මෙම චක්‍රය අඛණ්ඩව පැවතිය හැකි බවත් ඇය පවසයි.
ආචාර්ය Rosina සිය Inspired Children ග්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ තම පියා මෙන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් දක්වාවිද යන්න සම්බන්ධයෙන් තමන් යම් බියකින් පසු වූ නමුත් වසර ගණනාවක පර්යේෂණ වලින් අනතුරුව තම පවුලේ පැවති ප්‍රචණ්ඩත්වයේ චක්‍රය බිඳ දැමීමට හැකි වූ බවයි.
නිදහසට වන කරුණු නැවත්වීම
ගැහැණු ළමයින් කෙරෙහි අගෞරවනීය හෝ ආක්‍රමණශීලී හැසිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ඔස්සේ යෞවනයන්ගේ අදහස් හැඩගැසීම සිදු වේ.
මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් වන වෙබ් අඩවියේ ඇතිවශයෙන් හැඳින්වෙන ගැහැණු ළමයින් කෙරෙහි අගෞරවනීය හැසිරීම සමාව දිය හැකි පොදු ප්‍රකාශනවල, සැඟවුණු අර්ථයන් වලට අනුව පෙන්වා දෙන්නේ, “පිරිමි ළමයින් පිරිමි ළමයින් වනු ඇත” , “එය පිරිමි ළමයින් කරන දෙයක්" හෝ "එයට පුරුදු විය යුතුයි” වැනි ප්‍රකාශ මගින් සැඟවුණු අරුත් ගෙනෙන බවයි.
මේ හේතුවෙන් මෙවැනි නිදහසට වන කරුණු සඳහා ඉඩ නොතැබිය යුතු අතර ගෞරවනීය හැසිරීම කුමක්ද යන්න පිළිබඳව දරුවන් දැනුවත් කිරීම වැදගත් වන බව ආචාර්ය Rosina අවධාරණය කොට සිටී.

Parents and carers have the responsibility to educate children about respect Credit: MoMo Productions/Getty Images
ක්‍රියාකාරී, විවෘත සහ අඛණ්ඩ සංවාදයක් පැවැත්වීම
ගෞරවනීය සබඳතා සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ක්‍රියාකාරී, විවෘත සහ අඛණ්ඩ සංවාදයක් සඳහා දිරිමත් කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණ වේ.
අමාත්‍ය Justine සඳහන් කොට සිටින්නේ සංවාදයක් ආරම්භ කිරීම ඉතා වැදගත් වන බවයි.
දරුවන් සමඟ අගෞරවනීය සහ ආක්‍රමණශීලී හැසිරීම් පිළිබඳ සාකච්ඡා කිරීම කිසි විටෙක පහසු කාර්යයක් නොවේ. නමුත් දෙමාපියන් සහ රැකබලා ගන්නන් මේ සම්බන්ධයෙන් ළමුන් සමග කතා කිරීමට සූදානම් විය යුතු අතර ඒ සම්බන්ධයෙන් නිතරම සාකච්චා කිරීමද වැදගත්වේ.
සංවාද සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙම Stop it at the Start ව්‍යාපාරය මගින් සිදු කරන අතර එමගින් මේ පිළිබඳව සංවාදයක් ඇරඹීමට උපකාරී වේ.
ගුරුවරුන් වශයෙන් සහ දෙමාපියන් වශයෙන් සෑම විටකදීම මෙම අගෞරවනීය සහ ආක්‍රමණශීලී හැසිරීම් පිළිබඳව නිදහසට කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට එය නැවත්වීමට කටයුතු කල යුතු වේ. එමෙන්ම ගෞරවනීය හැසිරීම් පිළිබඳව එම සංවාද පැවැත්වීමද වැදගත් වේ.
ආචාර්ය Rosina පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් යම් විටක සහෝදර සහෝදරියන් රණ්ඩු වන අවස්ථා වලදී ඒ පිළිබඳව ඔවුන්ගෙන් නිදහසට කරුණු ඇසීමට වඩා "එය නිවැරදි හැසිරීමද?", "එය ගෞරවනීයද?" යන්න වශයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කල යුතු බවයි.
එමෙන්ම දෙමව්පියන්ට සහ පවුලේ සාමාජිකයින්ට ගෞරවය පිළිබඳ දරුවාගේ දැක්ම හඳුනා ගැනීමට සහ තේරුම් ගැනීමට ඉඩ සලසන ් පවතී. මේ ඔස්සේ ඔබට සංවාදයක් ආරම්භ කිරීමට හැකියාව ලබා දේ.
සංස්කෘතික වශයෙන් සංවේදී ආකාරයෙන් ගැටලුව ආමන්ත්‍රණය කිරීම
ඇතැම් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ (CALD) ප්‍රජා වල මෙන්ම ඇබෝරිජිනල් සහ ටොරස් ස්ට්‍රේට් දූපත් වැසියන්ගේ කණ්ඩායම්වල කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බොහෝ විට වැඩි බව අමාත්‍ය Justine පවසයි.
මේ හේතුවෙන් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජා වල නායකයින්ට, සංස්කෘතිකමය වශයෙන් සංවේදී ආකාරයෙන් මෙම ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කිරීමට පවතී.
Maria Dimopoulos වික්ටෝරියා හි ගෘහස්ත හිංසන විශේෂඥ සේවා සඳහා ආයතනයක් වන Safe and Equal හි අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිනිය වශයෙන් කටයුතු කරයි.
මෙම ප්‍රජා වල කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මූලිකවම වැලැක්වීම සම්බන්ධයෙන් ඇය පෙන්වා දෙන්නේ බහු සංස්කෘතිකත්වය එම අත්දැකීම් කෙරෙහි බලපාන ආකාරය හඳුනාගැනීම වැදගත් වන බවයි.
Safe and Equal සහ Stop it at the Start යන ව්‍යාපාර දෙකෙහිම විවිධ භාෂා සහ ස්වදේශිකයින් සඳහා පවතින අතර, ඒවා වෙබ් අඩවි වලින් සොයාගත හැක.
ව්‍යාපාර ක්‍රියාත්මක වීම
Stop it at the Start ව්‍යාපාරය මෙම වසරේදී එහි සිව්වන අදියරට පිවිසී තිබේ.
අමාත්‍ය Justine පවසන්නේ මෙම ව්‍යාපාරයේ ප්‍රචාරණය දුටු පුද්ගලයින්ගෙන් 82% ක්, තරුණයින්ට ගෞරවාන්විතව ක්‍රියා කළ යුතු ආකාරය පෙන්වීමේ ඔවුන්ගේ කාර්යභාරය වශයෙන් තේරුම් ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් අමාත්‍ය Justine වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ අපේ දරුවන්ට ගෞරවනීය හැසිරීම් ගැන දැනුවත් කිරීම වැදගත් වන අතර ප්‍රචණ්ඩත්වයේ චක්‍රය හඳුනා ගැනීමෙන්, අපට එය ආරම්භයේදීම නැවත්වීමට හැකි ධනාත්මක ආදර්ශයක් විය හැකි බවයි.
සහාය සහ සේවා
ඔබගේ ප්‍රාන්තයේ සහ ටෙරිටරි වල උපකාරක සේවා සඳහා පිවිසෙන්න
ඔබ හෝ ඔබ දන්නා අයෙක් ලිංගික හිරිහැරයකින් හෝ පහරදීම්වලින් බලපෑමක් ඇති කරන්නේ නම්, 1800 737 732 ට 1800RESPECT අමතන්න, හෝ
_____________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_____________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න