නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
අද (31/12) රාත්‍රී 9 ට සිඩ්නි වරාය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත ගිනි කෙළි සංදර්ශනය නොපැවැත්වෙන බවත් මධ්‍යම රාත්‍රී 12 ට වරාය පාලම ආශ්‍රිතව පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශනය පැවැත්වෙන බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
‘Green Zone’ එකෙහි සියලු කලාපයන් සාමාන්‍ය ජනතාවට ඇතුළුවීමට නොහැකි වන සේ වැසෙන නිසා මෙම ගිනි කෙළි සංදර්ශනය රූපවාහිනියෙන් නැරඹීම වඩා යෝග්‍ය වේ.
‘Green Zone’ වෙත ඇතුළුවීමට අවසර ඇත්තේ එහි අවන්හල් වල කලින් වේලාව වෙන් කරවාගත් අයට සහ එම කලාපයේ සේවය කරන සේවකයින්ට පමණි.
‘Green Zone’ අවට ‘Yellow Zone’ එකක් ද ස්ථාපනය කර තිබේ.
‘Yellow Zone’ වෙත පිවිසීමට කිසිවෙකුට තහනමක් නොමැති නමුත් මෙම ප්‍රදේශයේ පුද්ගලයින් විශාල වශයෙන් රැස් වුවහොත් පොලීසිය විසින් ඔවුන්ව ඉවත් කරනු ඇතැයි NSW Health කියයි.
මේ අතර Greater Sydney කලාපයේ වැසියන්ට තම නිවසට අමුත්තන් 5 දෙනෙකු දක්වා පමණක් ගෙන්වා ගත හැකිවේ.
එම නීතිය Central Coast, Nepean සහ Blue Mountains ප්‍රදේශ වලට ද බලපාන බව සඳහන්.
එමෙන්ම අදාළ ප්‍රදේශ වල එළිමහනේ මෙතෙක් රැස්වීමට අවසර දී තිබූ උපරිම පිරිස 50 සිට 30 දක්වා අඩු කර තිබේ.
සිඩ්නි Northern Beaches උතුරු කලාපයේ වෙසෙන පුද්ගලයින්ට ජනවාරි 9 වන තෙක් stay-at-home නීති ක්‍රියාත්මක වේ.
නමුත් අද (31/12) සහ හෙට දිනයේ (01/01) පමණක් ඔවුන්ට ළමුන් ද ඇතුළුව තම නිවසට අමුත්තන් 5 දෙනෙකු ගෙන්වා ගත හැකි අතර ඔවුන් එම කලාපයෙන් ම විය යුතුය. එමෙන්ම එළිමහනේ ද උපරිම පුද්ගලයින් 5 දෙනකු හට රැස්විය හැකිය.
Northern Beaches දකුණු කලාපයේ වැසියන්ට ද තම නිවසට ළමුන් ඇතුළුව අමුත්තන් 5 දෙනෙකු ගෙන්වා ගත හැකි අතර ඔවුන් එම කලාපයෙන් ම විය යුතුය. නමුත් Greater Sydney කලාපයෙන් අමුත්තන් ගෙන්වා ගැනීම තහනම් වේ.
Northern Beaches හි ඉහත කලාප දෙකේම ඇති තැබෑරුම්, අවන්හල් සහ අනෙකුත් ආහාර පාන සපයන ස්ථාන takeaway සේවාවන් සඳහා පමණක් විවෘතව පවතී.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා ප්‍රාන්තය
අද (31/12) පස්වරු 5 සිට නිවසින් බැහැරව යන විට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවෙස් වල උපරිම පුද්ගලයින් 30 කට රැස්විය හැකිව තිබූ සීමාව 15 දක්වා කප්පාදු කර තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Wollongong සහ Blue Mountains කලාප වල දෙසැම්බර් 27 සිට සංචාරයට ගිය වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් සිටී නම් තම සංචාරක සැලසුම් අවසන් කර අද (31/12) රාත්‍රී 11:59 ට වන තුරු වික්ටෝරියානු ප්‍රාන්තයට යළි පැමිණීමට අවසර තිබේ.
Wollongong සහ Blue Mountains කලාප වලින් පිටත්ව වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් නව අවසර පත්‍රයක් සඳහා අයදුම් කළ යුතු අතර වික්ටෝරියානු ප්‍රාන්තයට ආපසු පැමිණ පැය 24 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාව සිදුකරගත යුතුය.ඉන් අනතුරුව ඔවුන් දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය.
වාර්ෂිකව පැවැත්වෙන මෙල්බර්න් නව අවුරුදු උදාව සමරන ගිනිකෙළි සංදර්ශනය මෙවර නොපැවැත්වෙන බව වාර්තා වේ.
මේ අතර අද (31/12) පස්වරුවේ මෙල්බර්න් නගරයට නොපැමිණෙන ලෙසත් තම නිවෙස් වල නව අවුරුදු උදාව සමරන ලෙසත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය තම වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
මෙල්බර්න් නගරයේ අවන්හල් වල ආහාර පාන ගැනීමට කලින් වේලාවල් වෙන් කරගත් පුද්ගලයින්ට මෙල්බර්න් නගරයට පැමිණීමට හැකි බවද ඔවුහු දැනුම් දෙති.

آتشبازی شب سال نو بر فراز دریای یارا در ملبورن Source: AAP
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
බ්‍රිස්බේන් නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙවර අවලංගු කර තිබේ.
එමෙන්ම නාඳුනන අයව සිප ගැනීම සහ බදා ගැනීමද සිදු නොකරන ලෙස උපදෙස් දී තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට නිවැසියන් ඇතුළුව තම නිවසට උපරිම අමුත්තන් 50 දෙනෙකු දක්වා ගෙන්වා ගත හැකිය.
එළිමහනේ රැස්විය හැකි උපරිම පිරිස 100 කි.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
ඇඩිලේඩ් නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙවර අවලංගු කර තිබුණද Murray Bridge, Whyalla, Victor Harbour සහ Port Lincoln යන නගර සභා කලාප වල මල් වෙඩි සංදර්ශන පැවැත්වෙන බව සඳහන්.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාසීන්ට තම නිවසට උපරිම අමුත්තන් 50 දෙනෙකු දක්වා ගෙන්වා ගත හැකිය.
නමුත් එහිදී වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය අදාළ වේ.
මේ අතර වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතියට අනුව පුද්ගලික උත්සව සඳහා උපරිම පුද්ගලයින් 200 කට සහභාගී විය හැකිය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
අද (31/12) රාත්‍රී 8 සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා විවිධ වූ ගිනි කෙළි සංදර්ශන පැවැත්වෙන අතර එහි සම්පූර්ණ විස්තර මෙතැනින් බලාගත හැකිය.
සෑම වර්ග මීටර දෙකකටම එක් අයෙකුට වඩා නොසිටී නම් ජනයා ඒක රාශි වීමේ උපරිම සීමාවක් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පනවා නොමැත.
ටස්මේනියා ප්‍රාන්තය
Derwent ගංගාව ආශ්‍රිතව අද (31/12) රාත්‍රී 9.30 ට සහ මධ්‍යම රාත්‍රියේ දී හෝබාර්ට් නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය පැවැත්වේ.
කෙසේවෙතත්, මේ වසරේදී ගිනිකෙළි වෙනදාට වඩා බොහෝ ඉහළින් දර්ශනය වේ.
ටස්මේනියා ප්‍රාන්තයේ ගෘහස්ථව රැස්විය හැකි උපරිම සීමාව 250 ක් වන නමුත් එහිදී වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය අදාළ වේ.
එළිමහන් ස්ථාන වල රැස්වීමට 1,000 දෙනෙකුට අවසර ඇත.

Hobart City fireworks Source: Hobart City Council
ACT
කැන්බරා නුවර වාර්ෂිකව පවත්වනු ලබන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය මෙවර ද නොපැවැත්වෙන බව වාර්තා වේ.
පසුගිය වසරේ ද මෙය ලැව් ගිනි හේතුවෙන් නොපැවැත්වුණි.
ඒ වෙනුවට කැන්බරා නුවර විවිධ ස්ථාන වල විදුලි ආලෝක රටා සංදර්ශන පැවැත්වෙන අතර කැන්බරා වැසියන්ට අවන්හල් වලට ගොස් ආහාර - පාන ගෙන විනෝද වන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
ගෘහස්ථව රැස්විය හැකි උපරිම පුද්ගල සීමාවක් ACT තුළ නොමැති අතර වර්ග මීටර් 2 ක එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ කැන්බරා නුවර එළිමහනේ රැස්විය හැකි උපරිම පුද්ගල සීමාව 500 කි.
Northern Territory
ගෘහස්ථව හෝ එළිමහනේ රැස්විය හැකි උපරිම පුද්ගල සීමාවක් Northern Territory තුළ නොමැති නමුත් මීටර් 1.5 ක පුද්ගල දුරස්තභාවයක් පවත්වාගෙන යාමට නිර්දේශ කර තිබේ.