Highlights
- ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ඉහල යා හැකි බවට ප්‍රාන්ත අගමැතිනිය අනතුරු අඟවයි
- පවතින lockdown හමුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරිකයින් රජයෙන් මුල්‍යාධාර පතයි
- ජූලි 13 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාන රැසක මුහුණු ආවරණ අනිවාර්ය කෙරේ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වික්ටෝරියා ප්‍රාන්ත දේශසීමා වැසේ
- කොරෝනා එන්නත ලබාගැනීම දිරිමත් කිරීමට ඕස්ට්‍රේලියා රජයෙන් ඩොලර් මිලියන ගණනක වෙළඳ ප්‍රචාරණ
- ඝාතනයට ලක්වූ හයිටි ජනපති ගේ බිරිඳගෙන් Twitter ප්‍රකාශයක්
- ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් තරඟාවලිය කල් යයි
- දශක 4කට පසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවලිය ජයගනී
ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ඉහල යා හැකි බවට ප්‍රාන්ත අගමැතිනිය අනතුරු අඟවයි
ඉදිරි දින කිහිපය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංක්‍යාව තවදුරටත් ඉහල යා හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian පවසයි.
අද (12) දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 112 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ (11) දිනයේදී 77 දෙනෙකු වාර්තා විය. එමෙන්ම ඊයේ දිනයේදී වයස අවුරුදු 90 ක කාන්තාවක්ද ජීවිතක්ෂයට පත්විය.
අද දිනයේදී හමු වූ මෙම නව ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 34 දෙනෙකු වෛරසය වැළඳී සිටින විට ප්‍රජාව අතර සිට ඇති අතර තවත් පුද්ගලයින් 64 දෙනෙකු මින් පෙර හමු වූ ආසාදිතයින්ගේ සමීපතමයින් වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ (11) මාධ්‍ය වෙත සඳහන් කොට සිටියේ ඉදිරියේදී ආසාදිතයින් ඉහල යාමේ දැඩි ඉඩකඩක් පවතින අතර පුද්ගලයින් මෙම අවදානම සම්බන්ධයෙන් දැඩි අවබෝධයකින් කටයුතු කල යුතු බවයි.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න
පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට
උද්ගතව ඇති තත්වය හමුවේ, කොරෝනා නීති කඩකරන පුද්ගලයින් හට නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් නිරිතදිග සිඩ්නි ප්‍රදේශයට පොලිස් නිලධාරීන් 200 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වන විට යොදවා තිබේ.
කෙසේ නමුත් මේ වනවිට බලධාරීන්ගේ අවධානය නිරිතදිග සිඩ්නි ප්‍රදේශය පමණක් නොවන අතර සමස්ත නිව් සවුත් වේල්ස් ප්‍රන්තයම වන බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant පවසයි. එමෙන්ම ඇය පවසන්නේ මේ වනවිට ප්‍රාන්තය තුල කොරෝනා පරීක්ෂණ සඳහා ජනතාව තුල පවතින උනන්දුව සතුටුදායක වන අතර එලෙස පරීක්ෂණ සිදු කිරීම සඳහා දිගින් දිගටම ඉදිරියට පැමිණෙන ලෙසයි.
පවතින lockdown හමුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරිකයින් රජයෙන් මුල්‍යාධාර පතයි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල පවතින ව්‍යාපාර හිමිකරුවන්, තමන් හට මුල්‍යාධාර අවශ්‍ය බව බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
මේ වනවිට ප්‍රාන්තය තුල උද්ගතව ඇති තත්වය මත පවතින lockdown තත්වය දීර්ඝ කිරීමේ අවදානම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත භාණ්ඩාගාරික Dominic Perrottet සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලැබෙන මුල්‍යමය ආධාර මේ සඳහා යෙදවීම අරමුණ වන බවයි.
ප්‍රාන්තය තුල ව්‍යාපාර සඳහා සහ සේවකයින් සඳහා JobKeeper දීමනාව නොමැති වීම මත එම ව්‍යාපාර වලට දැඩි බලපෑමක් සිදු කරන බවද ඔහු සඳහන් කොට සිටී.
දෙවන ව්‍යාපාරික ආධාරක පැකේජය මෙම සති අන්තයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
ජූලි 13 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්ථාන රැසක මුහුණු ආවරණ අනිවාර්ය කෙරේ
හෙට (13) සිට ක්‍රියාත්මක වන පරිදි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රේටර් සිඩ්නි කලාපයේ සියලුම මහල් නිවාස වල පුද්ගලයින් සහ ගෘහස්ත ස්ථාන වල පිරිස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව නිව් සවුත් වේල්ස් Health පවසයි.
මේ සඳහා සාප්පු සංකීර්ණ, බැංකු ශාඛා, තැපැල් කාර්යාල, ඔට්ටු ඒජන්සි සහ සුපිරි වෙළඳසැල් ඇතුළත් වේ.
Blue Mountains, Central Coast, Wollongong සහ Shellharbour යන ප්‍රදේශ සඳහාද මෙම නීති බලපැවැත්වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වික්ටෝරියා ප්‍රාන්ත දේශසීමා වැසේ
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සිය දේශසීමා වැසීමට වික්ටෝරියා ප්‍රාන්තය ගත් තීරණයත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය තුල රැඳී සිටි වික්ටෝරියානු වැසියන් ඉක්මනින් වික්ටෝරියා ප්‍රාන්තය වෙත යාම සිදු කොට තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා ප්‍රාන්ත සංචාරක බලපත් ක්‍රමයට අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය දැඩි අවදානමක් සහිත "රතු කලාප" වශයෙන් නම් කොට තිබේ. මේ හේතුවෙන් මෙම දේශසීමා වසාදැමීමට ඊයේ වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කල අතර, කෙසේ නමුත් වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්ත අතර නිතිපතා සංචාර සිදු කරන දේශසීමා පදිංචිකරුවන් සඳහා 'දේශසීමා සන්ධාරක බුබුලු' විධිවිධාන ක්‍රියාත්මක වේ.
කොරෝනා එන්නත ලබාගැනීම දිරිමත් කිරීමට ඕස්ට්‍රේලියා රජයෙන් ඩොලර් මිලියන ගණනක වෙළඳ ප්‍රචාරණ
ඕස්ට්‍රේලියානුවන් කොරෝනා එන්නත ලබාගැනීම දිරිමත් කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය නව වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කොට තිබේ.
'Arm yourself' ලෙස නම්කොට ඇති මෙම ඩොලර් මිලියන ගණනක් වන නව වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය මගින්, මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල හිඟයකින් තොරව පවතින කොරෝනා එන්නත් ලබාගැනීම සිදුකරන ලෙස ජනතාවට නිවේදනය කිරීම සිදු කෙරේ.
ජුලි මස 19 වැනිදා සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන Pfizer එන්නත් සංක්‍යාව සතියකට මිලියනයක් දක්වා ඉහල යාම සිදුවන අතර අගෝස්තු මසදී එන්නත් මාත්‍රා මිලියන 4.5ක් ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමිතව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු සංචාරක අමාත්‍ය Dan Tehan සඳහන් කොට සිටින්නේ කොරෝන එන්නත ලබාගැනීම සඳහා පසුගාමී වන පිරිස මෙමගින් දිරිමත් වීමට මෙය බලපානු ඇති බවයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවට ලැබෙන කොරෝනා එන්නත් වල පවතින ආරක්ෂිත බව පිළිබඳව සහතික වන අතර වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසක් සඳහා එන්නත් ලබාදීම අප්ක්ෂාව වන බවද ඔහු පවසයි.
ජාතික එන්නත කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් John Frewen පෙන්වා දෙන්නේ ඉංග්‍රීසි කතා නොකරන පසුබිම් වලින් පැමිණ සිටින පිරිස සහ ආදිවාසී ප්‍රජාව සම්බන්ධයෙන්ද මෙම වෙළඳ ප්‍රචාරණ ව්‍යාපාරය අවධානයක් යොමු කරන බවයි.
ඝාතනයට ලක්වූ හයිටි ජනපති ගේ බිරිඳගෙන් Twitter ප්‍රකාශයක්
හයිටි ජනපති Jovenel Moïse ඝාතනය කිරීම දේශපාලන හේතුන් මත සිදු කල බවට ඔහුගේ බිරිඳ සඳහන් කරයි.
පසුගිය සතියේදී හයිටි ජනපති Jovenel Moïse සිය නිවසේදී ඝාතනයට ලක්වූ අතර ඔහුගේ බිරිඳ Twitter ඔස්සේ ප්‍රකාශ කොට සිටින්නේ ප්රජාතන්ත්රවාදී වෙනසක් සිදු කිරීම සඳහා ඔහු ගත් පියවර වැලක්වීමට මෙලෙස ඔහු ඝාතනය කිරීමට විරුද්ධවාදීන් පියවර ගෙන ඇති බවයි.
මෙම ඝාතනය විදේශීය පුහුණුව ලැබූ කොලොම්බියානු පුද්ගලයින් 26 දෙනෙකුගෙන් සහ හයිටි ඇමරිකානු පුද්ගලයින් දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිදු කොට තිබේ.
ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් තරඟාවලිය කල් යයි
ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට බලධාරීන් තීරණය කොට තිබේ.
කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු Grant Flower සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් හට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරුවීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා - ඉන්දීය පළමු එක්දින තරඟය ජූලි 13 වනදා ආරම්භ වීමට නියමිත තිබු අතර මෙම කල්දැමීම මත එම තරඟය 18 වනදා ආරම්භ වීමට නියමිතයි.
දශක 4කට පසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවලිය ජයගනී
Wimbledon ටෙනිස් කාන්තා ශුරතාවලිය දිනාගැනීමට දශක 4කට පමණ පසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ash Barty සමත් වී තිබේ.
ඇය 6-3 6-7 6-3ක් ලෙස Karolina Pliskova පරාජයට පත් කරමින් මෙම ශුරතාවලිය දිනාගැනීමට සමත් විය.
ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩිකාවක වූ Evonne Goolagong Cawley 1980 වසරේදී ශුරතාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම ශුරතාවලිය ජයගත් දෙවන ඕස්ට්‍රේලියානු කාන්තාව ලෙස ක්වීන්ස්ලන්ත ක්‍රීඩිකාවක වන Ash Barty සැලකේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් Evonne Goolagong Cawley, Ash Barty හට සිය සතුට සහ ස්තුතිය පලකොට තිබේ.
මේ අතර Wimbledon ටෙනිස් පිරිමි ශුරතාවලිය දිනාගැනීමට සර්බියානු ජාතික Novak Djokovic සමත්විය.
ඒ ඔහු 6-4, 6-4, 6-3ක් ලෙස ඉතාලි ජාතික ක්‍රීඩක Matteo Berrettini පරාජයට පත් කරමින්
මේ අනුව ඔහු මේ වනවිට Rafael Nadal සහ Roger Federer හා සමානව ග්‍රෑන්ඩ් ස්ලෑම් ලකුණු 20 ක් ලබා තිබේ