ඔස්ට්‍රේලියාවේ දරුවන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදෙන දෙමාපියන්ගේ සුබ සාධන දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක්. (SBS සිංහල/වාර්තා)

ඒ අනුව තම දරුවන් හට නියමිත මට්ටමට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදුනහොත් අදාළ දෙමාපියන් හට සති දෙකකට වරක් ලබා දෙන සුබ සාධන දීමනාවෙන් ඩොලර් 28 ක කප්පාදුවක් කිරීමට රජය යෝජනා කර තිබේ.

Child Vaccination

<> on February 26, 2015 in Berlin, Germany. Source: Getty Images Europe

තම දරුවන් හට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදෙන දෙමාපියන් හට සති දෙකකට වරක් ලබා දෙන සුබ සාධන දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් ඊයේ (14/09) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

"no jab, no pay" හෙවත් "ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදුනහොත් ගෙවීම්ද නොමැත" යනුවෙන් ප්‍රතිශක්තීකරණ එන්නත්  පිළිබඳ රජය හඳුන්වා දුන් නව ක්‍රමය යටතේ මෙම කප්පාදුව යෝජනා කර ඇත.

ඒ අනුව තම දරුවන් හට නියමිත මට්ටමට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදුනහොත් අදාළ දෙමාපියන් හට  සති දෙකකට වරක් ලබා දෙන සුබ සාධන දීමනාවෙන් ඩොලර් 28 ක කප්පාදුවක් කිරීමට රජය යෝජනා කර තිබේ.

මෙම මුදල එක් දරුවෙකු සඳහා පමණක් බවත් දරුවන් සංඛ්‍යාව අනුව එය ගණනය වන බවත් රජය පවසයි.



මෙම නව නීතිය ලබන වසරේ ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට රජය යෝජනා කර ඇත.

ඔස්ට්‍රේලියාව තුළ ජාතික මට්ටමින් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ ප්‍රතිශතය තවමත් 95% මට්ටමට වඩා පහල අගයක පවතින් බවත් මෙවැනි වූ නෙති මගින් එම අගය ඉහල යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය සේවා අමාත්‍ය   Christian Porter, Sky  පුවත් වෙත පැවසීය.

වලංගු සෞඛ්‍ය හේතුවක් නොමැතිව කිසිදු දෙමපියෙකුට තම දරුවන් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදීමට කිසිදු අයිතියක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අමාත්‍ය  Christian Porter පැවසීය.

තම දරුවන් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදීමෙන් එම දෙමාපියන් තමන්ගේ දරුවන් පමණක් නොව සමාජයේ අනෙකුත් දරුවන් පවා අවදානමේ හෙළන බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මෙම නව යෝජනාව යටතේ  දරුවන් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා නොදුන් පවුල් හට දින 63 ක සහන කාලයක් ලබා දීමට ද රජය අපේක්ෂා කරයි.

2016 වසරේ දී ප්‍රථම වරට මෙම "no jab, no pay" නීතිය  හඳුන්වා දීමෙන් අනතුරුව ජාතික මට්ටමේ දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ ප්‍රතිශතය ඉහළ ගිය බවද වාර්තා වේ.

නමුත් සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනී Cassandra Goldie මේ සඳහා වෙනත් ක්‍රමයක් පවසයි.

දරුවන් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම පිළිබඳ දෙමාපියන්ට සිහි කැඳවීම් කිරීම හේතුවෙන් පවුලේ වෛද්‍යවරුන් හට අමතර දීමනාවක් මේ වන විට ගෙවන බව ඇය පවසයි.

ප්‍රතිශක්තීකරණ එන්නත් නියමිත අයුරින් ලබා දීමේදී පවුලේ වෛද්‍යවරුන් අතිශය වැදගත් සාධකයක් බවද ඇය පෙන්වා දෙයි.

පසුගිය ජුනි මස වන විට වයස අවුරදු 1 ළමුන් 93.79% ක් සඳහාද වයස අවුරුදු 2 ළමුන්  90.86% ක් සඳහාද වයස අවුරුදු 5 ළමුන් 93.55% ක් සඳහාද සම්පූර්ණ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේනමුත්, තවමත් එය 95% මට්ටමට වඩා පහළින් තිබීම අවධානය යොමු කළ යුතු විශේෂ කරුණක් බවද පැවසේ.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends