වික්ටෝරියා ප්‍රාන්තය එළිදක්වන ලද නව හෝටල් නිරෝධායන වැඩපිළිවෙලට අනුව පෞද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන් එම හෝටල් තුල සේවයෙහි යෙදවීමක් සිදු නොවේ. මෙම නව ක්‍රමය ආරක්‍ෂිත වන බව වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ දෙසැම්බර් මස 7 වැනිදා නැවත ආරම්භ වීමට නියමිත හෝටල් නිරෝධායන වැඩසටහනෙහි අධීක්ෂණ කටයුතු සඳහා COVID-19 Quarantine Victoria (CQV) ලෙස හැඳින්වෙන ආයතනයක් පිහිටුවා ඇති බවයි. මෙම නව ආයතනය ප්‍රාන්තයේ නිවැරදි කිරීමේ කොමසාරිස් (Corrections Commissioner) වන Emma Cassar යටතේ පාලනය වන අතර එය වික්ටෝරියා පොලිස් හා හදිසි සේවා අමාත්‍ය Lisa Neville වෙත සෘජු ලෙස වාර්තා කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
Alfred Health නම් ආයතනය මෙම හෝටල් නිරෝධායන පරිශ්‍රයන්හි පිරිසිදුකිරීම් කටයුතු සිදු කරන අතර එම පිරිසිදුකිරීම් ආයතනයේ කාර්යමණ්ඩලය හැර සෙසු සෑම කාර්යමණ්ඩල සාමාජිකයකුම COVID-19 Quarantine Victoria (CQV) ආයතන වෙත වාර්තා කලයුතුව තිබේ.
මෙම නිරෝධායන හෝටල් පරිශ්‍රයන්හි ආරක්ෂාව සඳහා ආරක්ෂක සේවා නිලධාරීන් යෙදවීමක් ඉදිරියට සිදු නොවන අතර වික්ටෝරියා පොලිස් නිලධාරීන් 300 ක් සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක බළකා භටයන් 220 ක් පමණ දිනපතා හෝටල් ආරක්ෂාව සඳහා අනුයුක්ත කෙරේ.
මෙම නව වැඩපිළිවෙල ඔස්සේ පරිශ්‍රයන්හි සේවයේ නියුතු සෑම පුද්ගලයකුගේම සම්බන්ධතා පිළිබඳව පැහැදිලි සාක්ෂි පවතින අතර එය යම් සිදුවීමක් වුවහොත් Contact tracing සිදුකිරීමේදී පහසුවක් වන බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දේ.එමෙන්ම නව හෝටල් නිරෝධායන වැඩසටහනට සම්බන්ධ වන සෑම කාර්ය මණ්ඩල සාමාජිකයකුම දිනපතා පරීක්ෂාවට ලක් කෙරෙන අතර හඳුන්වා දෙන නව "ආරක්‍ෂිත බුබුලු" ඔස්සේ, සේවා මුර මාරු වීමේදී කාර්යමණ්ඩල සාමාජිකයින් සීමිත පිරිසක් සමඟ පමණක් සම්බන්ධතා ඇති බවට සහතික කිරීම අරමුණයි.
කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ පවුල් සාමාජිකයින් සඳහාද සතිපතා පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
නව වැඩපිළිවෙල ඔස්සේ නිරෝධායනය වන නැවත පැමිණි සංචාරකයින් හට නැවුම් වාතය හෝ ව්‍යායාම විවේක සඳහා තම කාමරවලින් පිටව යාමට අවස්ථාවක් හිමි නොවේ. මේ අතර ඔවුන්ට පවුල් සාමාජිකයින්ගෙන් හෝ මිතුරන්ගෙන් ආහාර ලබාගැනීමද තහනම් වේ. වික්ටෝරියානු රජය පවසන්නේ මෙම පියවර නැවත පැමිණි සංචාරකයින් සහ කාර්යමණ්ඩලය අතර වෛරසය සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා ඉවහල් වන බවයි.
රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් Melbourne ගුවන්තොටුපලේ සිට සෘජුවම Health hotels වෙත රැගෙන යනු ලැබේ.

Source: SBS
මෙම වැඩසටහනේ සෞඛ්‍ය කළමනාකරණ මෙහෙයවීම් කටයුතු සඳහා නව නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය Ben Cowie පත් කොට ඇති අතර ආරක්ෂක බලකා කාර්යභාරය අධීක්ෂණය කිරීම සඳහා වික්ටෝරියා පොලිස් නියෝජ්‍ය කොමසාරිස් Ross Guenther පත් කොට තිබේ.
මෙය ඔස්ට්‍රේලියාව තුල ශක්තිමත්ම නිරෝධායන වැඩසටහන වන නමුත් සුලු අවධානමක් තවමත් පවතින බව වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews පවසයි. ඔහු පෙන්වා දෙන්නේ නිරෝධායන පද්ධතියක් කිසි ලෙසකින්වත් අවධානමක් රහිතව ගොඩනැගිය නොහැකි අතර සෑම විටම අවශේෂ අවධානමක් පවතින බවයි.
නමුත් යම් හදිසි තත්වයකදී , වෛරසය ප්‍රජාව අතර ව්‍යාප්ත වීම වලක්වාගැනීම සඳහා සුදුසු සහ ශක්තිමත් පද්ධතියක් වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා අවධාරණය කොට සිටී.
නව වැඩපිළිවෙල ඔස්සේ නිරෝධායනය වන්නන් දින 14ක කාලයක් සඳහා $3,500 ක් ගෙවිය යුතු අතර දිනකට පුද්ගලයින් 160ක් ගෙන්වා ගැනීමේ උපරිම සීමාවට යටත්ව වැඩසටහන ආරම්භ කෙරේ.
පසුගිය ජුනි මසදී කොරෝනා වෛරසය නැවත ප්‍රජාව තුල ව්‍යාප්ත වීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය තුල හෝටල් නොරෝධායන වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටවූ අතර Swanston හි Rydges හෝටලයේ සහ Stamford Plaza hotels හි සේවකයින් හට පරීක්ෂණයක් කැඳවීය. මෙම ව්‍යාප්තිය එම ප්‍රාන්තයේ දෙවන කොරෝනා රැල්ලට හේතු විය. එහි ප්‍රථිපලයක් වශයෙන් ප්‍රාන්තයේ පුද්ගලයින් 18,000කට අධික සංක්‍යාවකට වෛරසය වැළඳුනු අතර පුද්ගලයින් 800 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
වික්ටෝරියා ප්‍රන්තෙයේ නව නිරෝධායන වැඩපිළිවෙලේ සාර්ථකත්වය සඳහා විශ්‍රාමික විනිසුරු Jennifer Coate අතුරු නිර්දේශ 69 ක් ඉදිරිපත් කර ඇති අතර ඒ අතරට, නැවත පැමිණි ඇතැම් සංචාරකයින් හට නිවසේ නිරෝධායනය වීම සඳහා ඉඩදීමද ඇතුලත් වේ. විනිසුරු Jennifer Coate වික්ටෝරියා ප්‍රාන්ත හෝටල් නිරෝධායන පරීක්ෂණයේ ප්‍රධානියාද විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මෙමගින් නිර්දේශ 52ක් මේ වනවිටත් ප්‍රාන්ත රජය මගින් පිළිගෙන ඇති අතර තවත් 17 ක් සාකච්චා කෙරෙමින් පවතී.
කෙසේ නමුත් යුරෝපයේ, ආසියාවේ ඇතැම් කොටස් සහ ඇමරිකාවේ උද්ගත වූ අයහපත් තත්වය හේතුවෙන් ගෘහස්ථ නිරෝධායන ආකෘතිය ජාතික කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews පවසයි.
විශ්‍රාමික විනිසුරු Jennifer Coate ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු හෝටල් නිරෝධායන පරීක්ෂණ වාර්තාව මෙම මස 21 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ.