තම පුරවැසිභාවය ඇති රට හැර වෙනත් රටක ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට (expat) ලෝකයේ ඇති හොඳම නගර 10 අතරට මෙල්බර්න් නුවරද එක්වී තිබේ.
එමෙන්ම එවැනි පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ඇති හොඳම නගරය ලෙසටද මෙල්බර්න් නුවර පත්වී ඇත.
මෙල්බර්න් නුවර යළි ලෝකයේ හොඳම නගර 10 අතරට
තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර තෝරනු ලබන InterNation expat survey හෙවත් 2022 expat සමීක්ෂණයට අනුව මෙල්බර්න් නගරය ලෝකයෙන්ම 8 වන ස්ථානයට පත්වී තිබේ.
ඒ අනුව තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ඇති හොඳම නගරය ලෙසට මෙල්බර්න් නුවර මෙම සමීක්ෂණයෙන් තේරී පත්වී ඇත.
LISTEN TO

ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවේ Geelong දින දර්ශනයේ කවරය සැරසීමට වරම් ලැබූ ශ්‍රී ලාංකිකයා SBS සිංහලට කතා කරයි
SBS Sinhala
11:56
රටවල් 181ක ජීවත් වන විදේශිකයන් 12,000කගේ ප්‍රතිචාර මෙම සමීක්ෂණය සඳහා ලබාගෙන තිබේ.
ජීවන තත්ත්වය, පදිංචි වීමේ පහසුව සහ අත්‍යවශ්‍ය දෑ ලබාගැනීමට ඇති පහසුව වැනි ප්‍රධාන සාධක එහිදී සැලකිල්ලට ගෙන තිබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ස්පාඤ්ඤයේ නගරයක් වන Valencia මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට පත්ව ඇත්තේ විදේශිකයින්ට එහි ඇති උසස්ම ජීවන තත්ත්වය නිසාවෙන් බව මෙම සමීක්ෂණය සිදුකළ InterNation පවසයි.
එමෙන්ම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇති ඩුබායි නගරයේදී විදේශිකයින්ට පරිපාලන කටයුතු සම්බන්ධ දේවල් ඉතා පහසුවෙන් කරගැනීමට හැකි බව ඔවුහු පවසති.

Source: Getty / Avalon/UIG via Getty Images
තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර 10
InterNation expat survey හෙවත් 2022 expat සමීක්ෂණයට අනුව තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර 10 පහත පරිදි වේ.
- Valencia
- Dubai
- Mexico City
- Lisbon
- Madrid
- Bangkok
- Basel
- Melbourne
- Abu Dhabi
- Singapore
LISTEN TO

ඕස්ට්‍රේලියානු ආදිවාසී මිත්‍යා කතන්දරයක් හා බැඳුනු "දේදුනු වෙරළ" තීරයේ ඇවිද යමු: Australian Rural Beauty
SBS Sinhala
08:56
මෙල්බර්න් ලෝකයේ හොඳම නගර 10 ට පැමිණීමට හේතු
ජීවන තත්ත්වය, පදිංචි වීමේ පහසුව සහ අත්‍යවශ්‍ය දෑ ලබාගැනීමට ඇති පහසුව වැනි නිර්ණායක මත ලබාදෙන ලකුණු අනුව මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ.
එහිදී ජීවන තත්ත්වය අනුව මෙල්බර්න් නුවරට 19 වන ස්ථානය හිමිවී ඇති අතර පදිංචි වීමේ පහසුව අතින් 17 වන තැනට පත්වී තිබේ.
විදෙස් රටක රැකියා කිරීමේ තත්ත්වය අතින් මෙල්බර්න් නුවර 4 වන ස්ථානයට පත්වී ඇත්තේ ඩෙන්මාර්කයේ Copenhagen, අයර්ලන්තයේ Dublin සහ ඇමෙරිකාවේ New York නගරවලට පමණක් පිටුපසින් සිටිමිනි.
තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර අතර අවසන් 10
තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර අතර අවසන් 10 ලෙස පහත නගර 10 හඳුනාගෙන තිබේ.
- Rome
- Tokyo
- Vancouver
- Milan
- Hamburg
- Hong Kong
- Istanbul
- Paris
- Frankfurt am Main
- Johannesburg