පසුගිය මැයි 07 වන දින පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කරගත් Emmanuel Macron හට ජනාධිපති ධුරයේ නිල වශයෙන් බලය පැවරීම එළඹෙන මැයි 14 වන දින සිදු කරන බව වත්මන් ප්‍රංශ ජනාධිපති Francois Hollande තහවුරු කර තිබේ.
දක්ෂිණාංශික දේශපාලන චරිතයක් වන Marine Le Pen පරාජය කරමින් 39 හැවිරිදි වියෙහි පසුවන Emmanuel Macron මෙවර ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙමිනි.
ඒ අනුව එළඹෙන මැයි 14 වන දින Emmanuel Macron ගේ දිවුරුම් දීම ප්‍රංශ ජනපති නිල නිවස වන පැරිස් නුවර Elysee මාළිගාවේදී පැවැත්වෙනු ඇත.
මේ අතර ප්‍රංශයේ විරැකියා අර්බුදය විසඳීමට ප්‍රංශ නව ජනාධිපති Emmanuel Macron හට ජර්මනියේ උපරිම සහය ලබා දෙන බව ජර්මානු චාන්සලර් Angela Merkel පවසයි.

The Elysee Palace, Paris, France Source: www.pico-sa.com
ප්‍රංශ ජනාධිපතිවරණ සටනේදී Emmanuel Macron යුරෝපානු හිතැති ප්‍රවර්ධන වැඩසටහනක යෙදුනු බවත් යුරෝපයේ ආර්ථික ස්ථාවරයට එය සුබ ලකුණක් බවත් ඇය පවසා තිබේ.
යුරෝපානු සංගමයේ ඉදිරි ගමනට මෙම ජයග්‍රහණය අතිශය වැදගත් බව ද Angela Merkel පෙන්වා දෙයි.