ඔබත් කොරෝනා කාලේ රැකියා අහිමි වුනු අයෙක් නම් මෙන්න අවස්ථාවක් : ප්‍රධාන පෙළේ ඕස්ට්‍රේලියානු සමාගම් රැකියා සඳහා දහස් ගණනින් අයදුම්පත් කැඳවයි (SBS සිංහල/ වාර්තා)

Job

Source: Pixabay

කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාව තුල මේ වන විට උද්ගතව ඇති ආර්ථික අවපාතයත් සමග රකියා දහස් ගණනක් අහිමි වුවද එළඹෙන උත්සව සමය ඉලක්ක කරමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ සමාගම් සිය සේවකයින් ඉහල දැමීමට පියවර ගෙන තිබේ.

AUSTRALIA POST සමාගම

නත්තල් සමය තුල ඩොලර් බිලියන 4 ක පමණ අන්තර්ජාල මිලදී ගැනීම් සිදුවෙතැයි අපේක්ෂා කරන AUSTRALIA POST සමාගම වසර 210කට පසුව සිදුකෙරෙන විශාලතම සේවකයින් බඳවා ගැනීම ආරම්භ කොට තිබේ. මේ අනුව Delivery රියදුරන් , Forklift පදවන්නන් , ලිපිකරුවන් සහ AUSTRALIA POST සමාගමේ පාරිභෝගික සේවා සම්බන්ධතා මධ්‍යස්ථානය තුල විවිධ තනතුරු සඳහා වන පුරප්පාඩු ඇතුලත් වේ.

ඉදිරි මාස තුනක කාලය තුල සේවකයින් 4,000ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව AUSTRALIA POST සමාගම මෙම මස මුලදී සඳහන් කල අතර එම නිවේදනයත් සමඟ අයදුම්පත් දහස් ගණනක් එම සමාගම වෙත මේ වනවිටත් ලැබී තිබේ.

  

 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත සඳහා තවදුරටත් වෑන් රථ රියදුරන් 800 දෙනකු අවශ්‍ය බවට AUSTRALIA POST සමාගම A Current Affair වැඩසටහන වෙත හෙළිකොට තිබේ.


මේ වනවිට මෙම සමගම මගින් දිනකට භාණ්ඩ මිලියන 2ක් පමණ ඕස්ට්‍රේලියාව පුරා බෙදාහරිනු ලබන අතර එළඹෙන නත්තල් සමය තුල එම සංක්‍යාව සතියකට භාණ්ඩ මිලියන 50ක් පමණ වෙතැයි අපේක්ෂා කෙරේ.

ANC DELIVERS සමාගම

ANC DELIVERS සමාගම සිය කාර්යමණ්ඩලය වැඩිකිරීම සඳහා අපේක්ෂා කරන අතර පාරිභෝගික සේවා පළපුරුද්දක් පවතින පිරිසට මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ James Taylor සඳහන් කරයි.
Driver
Source: Pixabay
මෙවර නත්තල් සමය සඳහා තම සමාගම වෙත කොන්ත්‍රාත් සේවකයින් 250 දෙනෙකු පමණ අවශ්‍ය වන අතර නත්තල් සමයෙන් පසු තවත් සේවකයින් 100 දෙනෙකු පමණ අවශ්‍ය වන බව ඔහු පවසයි.

DRIVE YELLO සමාගම

නත්තල් සමය ඉලක්ක කරගනිමින් සේවකයින් 2000ක් පමණ බඳවාගැනීමට DRIVE YELLO සමාගම තීරණය කොට තිබේ.

මෙහි බොහෝ රැකියා සංක්‍යාවක් සිඩ්නි සහ මෙල්බර්න් ආශ්‍රිතව වන නමුත් Central Coast, Wollongong, Gold Coast සහ Sunshine Coast යන ප්‍රදේශ සඳහාද බඳවාගැනීම් සිදුකරන බව DRIVE YELLO සමාගම පවසයි.

නව සේවකයින් DRIVE YELLO සමාගමේ සේවාදායකයින් වන Woolworths, Coles සහ BWS මෙන්ම ඇතැම් ප්‍රධාන ඔසුසල් සඳහා සේවා සපයන ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් වශයෙන් බඳවා ගන්නා බව එම සමාගම් ප්‍රධාන විධායක නිලධාරී Steve Fanale සඳහන් කොට තිබේ.

මෙම සමාගම පාර්සල් සහ අහාර Delivery කිරීම සිදුකරන අතර තාක්ෂණ සහ අලෙවි ක්ෂේස්ත්‍ර සඳහාද නව බඳවාගැනීම් සිදු කෙරේ.
A Coles delivery van is seen in Sydney, Thursday, November 15, 2018. Wesfarmers shareholders will vote on whether to green-light the proposed $20 billion demerger of Coles. (AAP Image/Paul Braven) NO ARCHIVING
Source: AAP
මේ අතර BUNNINGS, THE GOOD GUYS සහ JB HI-FI යන සමාගම් සඳහාද නව සේවකයින් බඳවාගන්නා බවට දැන්වීම පලකොට ඇති අතර COLES සහ WOOLWORTHS සමාගම් ද සිය සේවක සංක්‍යාව ඉහල දැමීමට තීරණය කොට තිබේ.

 


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


 

BWS සහ DAN MURPHY'S යන සමාගම් සේවකයින් 1,000 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කොට තිබේ. මේ සඳහා ඉල්ලුම් කරන්නන් වයස අවුරුදු 18 හෝ ඉක්මවූ, පාරිභෝගික සේවා පිලිබඳ ඇල්මක් පවතින පුද්ගලයින් විය යුතු වේ. එමන්ම ඉල්ලුම් කිරීම සඳහා RSA (Responsible service of alcohol) සහතිකය අනිවාර්ය බව එම සමාගම් පවසයි.

BHP සමාගම


ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ පතල් කැණීම් සමාගමක් වන BHP සමාගමද අභ්‍යාසලාභී හා ආධුනිකත්ව තනතුරු ඉදිරි වසර පහ තුළ සේවකයින් 3,500 බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට ක්‍රියා කොට තිබේ.

අයදුම් කරන්නන් සඳහා උපදෙස්

නව රැකියා සඳහා ඉල්ලුම් කරන්නන් තම Resume පත් පිටු දෙකකට පමණක් සීමා කලයුතු බව Hays Recruitment හි නියෝජිත Carl Piesse අවධාරණය කර සිටී. නව රැකියා සඳහා අයදුම් කිරීමේදී තමන් පිළිබඳව කිසිදු චකිතයක් තබා නොගතයුතු අතර නව රැකියාව සඳහා තමන් දැඩි කැපවීමක් සිදුකරන බවට සේවා යෝජකයා ඒත්තු ගැන්විය යුතු බවද ඔහු පවසයි.

රැකියා සඳහා අයදුම් කිරීමට පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට

SBS radio
Source: SBS Radio

Share
Published 27 October 2020 8:52am
By Nipuna Dodangoda

Share this with family and friends