අද උදැසන නිවේදන මාලාවක් ඔස්සේ වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews මෙම නව කොරෝනා සීමා ලිහිල්කිරීම සඳහන් කළේය.
මේ අනුව නිවසකට පැමිණිය හැකි අමුත්තන් සංක්‍යාව, ආපන ශාලා ඇතුළු සත්කාරක ස්ථාන තුල සිටිය හැකි සංක්‍යාව, කායවර්ධන මධ්‍යස්ථාන සහ ආගමික උත්සව සඳහා සහභාගී විය හැකි සංක්‍යාව සමන්ධයෙන් වන වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයට පත් කෙරින.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙම නව කොරෝනා සීමා ලිහිල් කිරීම ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඛණ්ඩව කිසිදු කොරෝනා ආසාදිතයකු හෝ මරණයක් වාර්තා නොවී දින 23ක් කාලයක් ගතවෙමින් තිබියදීයි.
මේ අනුව, අද රාත්‍රී 11.59 සිට මෙම සීමා ලිහිල් කිරීම් සිදු වේ.
- එක් දිනක් තුළ එක් නිවසකට යාම සඳහා අමුත්තන් 15 දෙනෙකුට අවසර දෙනු ලැබේ. (මේ සඳහා යැපෙන්නන් ඇතුළත් වන නමුත් වසරකට අඩු ළදරුවන් ඇතුලත් නොවේ)
- වෙරළ සහ උද්‍යාන ඇතුළු පොදු ස්ථානවල එළිමහන් වල රැස්වීම, 50 දෙනෙකුට දක්වා අවසර හිමි වේ.
- සියලුම ගෘහස්ථ එක්රැස්වීම් සඳහා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ, නමුත් එළිමහන් එක්රැස්වීම් වලදී සමාජ දුරස්ථභාවය රැකීමට හැකිනම් ම්හුණු ආවරණ පැළඳීමට අවශ්‍ය නොවේ.
- ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්රයේ ස්ථාන සඳහා උපරිමයෙන් පුද්ගලයින් 300 දෙනෙකු සඳහා අවසර හිමිවන අතර ගෘහස්ත ස්ථාන තුල සිටිය හැකි වන්නේ පුද්ගලයින් 100 කු පමණි.විශාල ගෘහස්ථ ස්ථාන සඳහා වර්ග මීටර හතරකට එක් පුද්ගලයකු බැගින් සහ කුඩා ගෘහස්ථ ස්ථාන සඳහා වර්ග මීටර දෙකකට එක් පුද්ගලයකු බැගින් වන සේ දුරස්ථ භාවය ආරක්ෂා කලයුතු වේ.කුඩා ගෘහස්ථ ස්ථාන සඳහා යෙදවිය හැකි උපරින්ම පුද්ගලයින් සංක්‍යාව 50කි.
- ගිම්හාන සෘතුව තුළ, ඇතැම් උසස් අධ්‍යාපන විෂයන් සඳහා නැවතත් විශ්ව විද්‍යාල තුල විවුර්ත වේ.
- පුද්ගලයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් බැගින් පුද්ගලයින් 150 දෙනෙකු සඳහා කායවර්ධන මධ්‍යස්ථාන විවුර්ත කෙරෙන අතර වර්ග මීටර හතරක් සඳහා එක් පුද්ගලයකු බැගින් වන සේ සමාජ දුරස්ථ බව ආරක්ෂා කල යුතු වේ.
- පුද්ගලයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් බැගින් පුද්ගලයින් 150 දෙනෙකු සඳහා ගෘහස්ථ භෞතික විනෝදාස්වාදය සහ ක්‍රීඩාව සඳහා වන ස්ථාන විවුර්ත කෙරෙන අතර වර්ග මීටර හතරක් සඳහා එක් පුද්ගලයකු බැගින් වන සේ සමාජ දුරස්ථ බව ආරක්ෂා කල යුතු වේ.
- පුද්ගලයින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් බැගින් පුද්ගලයින් 500 දෙනෙකු සඳහා එළිමහන් ක්‍රීඩා කිරීමට වසර රි වන අතර වර්ග මීටර හතරක් සඳහා එක් පුද්ගලයකු බැගින් වන සේ සමාජ දුරස්ථ බව ආරක්ෂා කල යුතු වේ.
- ගෘහස්ථ තටාක, ස්කේට් (Skate) උද්‍යාන සහ ගෘහස්ථ trampolining මධ්‍යස්ථාන සඳහා පුද්ගලයින් 150 දෙනෙකුට අවසර හිමිවන අතර එළිමහන් තටාක සඳහා පුද්ගලයින් 300 දෙනෙකුට අවසර හිමි වේ.
- ආගමික උත්සව සඳහා ගෘහස්තව පුද්ගලයින් 150 කුට සහ එළිමහන් ස්ථාන වල පුද්ගලයින් 300 දෙනෙකුට අවසර හිමි වන අතර වර්ග මීටර හතරක් සඳහා එක් පුද්ගලයකු බැගින් වන සේ සමාජ දුරස්ථ බව ආරක්ෂා කල යුතු වේ.
- මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු සඳහා පුද්ගලයින් 150 කුට සහභාගී වීමට අවසර හිමි වන අතර නිවසේ සිදුකෙරෙන මංගල උත්සව සඳහා පුද්ගලයින් 15 දෙනෙකු සඳහා අවසර හිමි වේ.
- සිනමා ශාලා සහ කුඩා ගැලරි සඳහා පුද්ගලයින් 150 දෙනෙකු හට අවසර හිමි වේ.
- සූදු මැෂින් සහිත ස්ථාන සඳහා පුද්ගලයින් 150 දෙනෙකුට අවසර හිමි වේ, නමුත් පුද්ගල දුරත භාවය ආරක්ෂා කිරීම සඳහා වරින් වර ඉලෙක්ට්‍රොනික සූදු යන්ත්‍රයක් ක්‍රියා විරහිත කෙරේ.
ඉදිරියේදී බලාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන සීමා:
- නොවැම්බර් 30 වන සඳුදා සිට රැකියා ස්ථාන වල කාර්ය මණ්ඩලයෙන් සියයට 25 කට නැවත කාර්යාලයට යාමට අවසර ලබා දෙන අතර සෙසු සියයට 75 ක් වන සේවක පිරිස නිවසේ සිට රාජකාරි කිරීමට සිදු වේ.මෙහිදී වර්ග මීටර හතරකට එක් පුද්ගලයෙකු බැගින් සමාජ දුරස්ථ බව ආරක්ෂා කලයුතු වේ. පුද්ගලික අංශයට “අමතර ඉඩක් හා ධාරිතාවක්” ලබා දීම සඳහා රාජ්‍ය අංශ නිලධාරීන් නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කරනු ඇත.
- දෙසැම්බර් 13 වන ඉරිදා රාත්‍රී 11.59 සිට, එක් දිනක් තුළ එක් නිවසකට යාම සඳහා අමුත්තන් 30 දෙනෙකුට අවසර දෙනු ලැබේ. (මේ සඳහා යැපෙන්නන් ඇතුළත් වන නමුත් වසරකට අඩු ළදරුවන් ඇතුලත් නොවේ)
මෙම නව සීමා ලිහිල් කිරීම් පිළිබඳව සඳහන් කරමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය වරයා අවධාරණය කොට සිටියේ තවමත් කොරෝනා වෛරසය සම්පුර්ණයෙන්ම විනාශ වී නොමැති අතර සියලු දෙනාම ප්‍රවේශම් වෙමින් තම කාර්යභාරය සිදු කලයුතු බවයි.
එමෙන්ම මුහුණු ආවරණ පැළඳීම මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අතර මෙම වෛරසය ඉක්මනින් ව්‍යාප්ත වීම හේතුවෙන් සෑම අයකුම මුහුණු අවරණ රැගෙන යන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට, වික්ටෝරියා ප්‍රාන්තය සමග පවතින දේශ සීමා නීති ඉවත් කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහන් කරයි.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් එක් කොරෝනා ආසාදිතයකු පමණක් වාර්තා වන අතර එම පුද්ගලයාගේ පවතින ප්‍රතිශක්ති දුර්වලතාවයක් හේතුවෙන් සුවය ලැබීම මන්දගාමී වී ඇතැයි සෞක්‍ය අමාත්‍ය Martin Foley පවසයි.
මේ වන විට බලපත්‍ර ක්‍රමයක් ඔස්සේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් හට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළු වීමට හැකියාව පවතින අතර Services Victoria වෙබ්අඩවිය මගින් දකුණු ඕස්ට්‍රේලියානු වැසියන්ට එම බලපත්‍ර සඳහා ඉල්ලුම් කල හැකි වේ.
කිලෝමීටර 70ක් වන අන්තර් දේශසීමා බුබුලේ සිටින දකුණු ඕස්ට්‍රේලියානු වැසියන් හට, මීට මාස කිහිපයකට පෙර දකුණු ඔස්ට්‍රේලියානු රජය මගින් නිකුත් කරන ලද අවසර පත භාවිත කිරීමේ හැකියාව පවතී. එමෙන්ම දේශසීමා ආසන්නයේ සිටින හදිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ සේවාවන් ලබා ගන්නා හෝ සපයන පිරිස සඳහා බලපත්‍ර අවශ්‍ය නොවේ.
හෙට සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය, වික්ටෝරියා ප්‍රාන්තයට තම දේශසීමා විවුර්ත කිරීම සිදු වේ. දෙසැම්බර් මස 7 වැනිදා සිට දිනකට පුද්ගලයින් 160 දෙනෙකු බැගින් වන සීමාවට යටත්ව ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරෙන බවද වික්ටෝරියා ප්‍රාන්තය පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මීට දින කිහිපයකට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ දෙකක අපජලයේ තිබී කොරෝනා වෛරස කොටස් හමුවීම පිලිබඳව වන පරීක්ෂණ අඛණ්ඩව සිදු කරෙන අතර Altona ප්‍රදේශ වැසියන් සහ එම ප්‍රදේශයේ සංචාරය කල පුද්ගලයන්, රෝග ලක්ෂණ පවතී නම් වහාම පරීක්ෂණ සඳහා යොමු වන ලෙස වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා තිබේ.
මීට පෙර එමප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇත්තේ සති 8කට පමණ පෙර වන හෙයින් මෙහි ප්‍රතිඵලය අනපේක්ෂිත වන බව බලධාරීන් පවසි. වෛරස කොටස් හඳුනාගත් ප්‍රදේශයට Altona, Altona Meadows, Laverton, Point Cook and Sanctuary Lakes යන ප්‍රදේශ සම්බන්ධ වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සහා දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වලින් අද දිනයේදී කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැත.