KEY POINTS
- දිගු කලකට පසු ඕස්ට්‍රේලියානු රජය සිය නව සංක්‍රමණ උපාය මාර්ගය නිකුත් කර තිබේ
- ඉහළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයක් අවශ්‍ය වන ජාත්‍යන්තර සිසුන් සඳහා වන වෙනස්කම් සංක්‍රමණ උපාය මාර්ගය සඳහා ඇතුළත් වේ
- ඉහළම ආදායම් ලබන පිරිස සඳහා ඉක්මනින් වීසා ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ
ඕස්ට්‍රේලියානු රජයේ දිගුකාලීන අපේක්ෂිත සංක්‍රමණ සමාලෝචනය අද (11/12) සිදු විය.
පසුගිය වසර පුරා ඕස්ට්‍රේලියාවට වූ ඉහල සංක්‍රමණ හේතුවෙන් මෙම නව සංක්‍රමණ උපාය මාර්ගය අනුව, ඕස්ට්‍රේලියාවේ වීසා ලබාදීම කප්පාදු කිරීම පිළිබඳව අවධානය යොමු කොට තිබේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සඳහා දැඩි සීමාවන් පැනවෙන අතර ඔස්ට්‍රේලියාවේ සිටින 650,000 කට වැඩි ජාත්‍යන්තර සිසුන් බොහෝ පිරිසක්ද මේ ඔස්සේ අමතර වීසා බලපත්‍ර සඳහා යොමු කිරීම සිදු වේ.
ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතිය තාවකාලික සංක්‍රමණය මත වැඩි ලෙස රඳා පවතින බවට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙකු වන Martin Parkinson සිදු කල අනතුරු අන්ගවිමත් සමග මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

Clare O'Neil says the system will be based on Australia's national interest. Source: AAP / Lukas Coch
ශුද්ධ ශුන්‍ය ආර්ථිකයකට සංක්‍රමණය වීමේ අවශ්‍යතාවයක් ඕස්ට්‍රේලියාවට පැවතියද එය සිදු කිරීමට කුසලතා සහ හැකියාවන් සහිත පිරිස නොමැති බවත් අමාත්‍ය Clare O'Neil කියා සිටී.
මෙම අභියෝග සඳහා පිළිතුරු දීමට ඔස්ට්‍රේලියාවට සිදු වන සංක්‍රමණ ප්‍රතිශතය බෙහෙවින් ඉවහල් වන බවත් ඇය පෙන්වා දී තිබේ.
ජාත්‍යන්තර සිසුන් සඳහා වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ
ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් හට වඩා හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් අවශ්‍ය වේ.
ඕස්ට්‍රේලියාවේ උපාධි වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන අයෙකුට International English Language Tests System (IELTS) සඳහා ලකුණු 6.5ක් (6.0 සිට ඉහළට), සහ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන අයෙකුට ලකුණු 6.0ක් (5.5 සිට ඉහළට) ලබා ගැනීමට ඉදිරියේදී අවශ්‍ය වනු ඇත.
මෙම වෙනස්කම් ඔස්සේ ඔවුන්ගේ අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිය ඉහළ නැංවීම සිදු වන බව ඕස්ට්‍රේලියානු රජයේ නව උපායමාර්ග පෙන්වා දෙයි.

The university sector is highly dependent on international students, who will face tougher language restrictions before coming to Australia. Source: AAP / Chris Radburn/PA
වර්තමානදී ඕස්ට්‍රේලියාව තුල පවතින ක්‍රමය විදේශීය උපාධිධාරීන් ඔවුන්ගේ නිපුණතා මට්ටමට වඩා බෙහෙවින් අඩු රැකියා සඳහා යොමු කරයි.
- ඕස්ට්‍රේලියානු උපාධිධාරීන්ගෙන් සෑම 4න් 3කට සාපේක්ෂව ජාත්‍යන්තර සිසුන්ගෙන් 3 දෙනෙකුගෙන් 1 අයකු පමණක් ඔවුන්ගේ කුසලතා මට්ටමට අදාළ රැකියාවක නිරත වේ
- අඩුම කුසලතා සහිත පිරිසට අදාළ කොටසේ ජාත්‍යන්තර සිසුන්ගෙන් අඩකට වඩා රැකියා කරයි
- ජාත්‍යන්තර ශාස්ත්‍රපති උපාධිධාරියෙකුගේ (master's degree graduate) මධ්‍ය වාර්ෂික වැටුප, ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු උපාධිධාරියකුගේ ආදායම් සාමාන්‍යයට වඩා ඩොලර් 30,000 කට වඩා අඩුය
විවිධ වීසා සඳහා මාරු වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සීමාවන් පනවයි. මේ වනවිට ජාත්‍යන්තර සිසුන් 108,000 ක් පමණ වසර පහකට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ විවිධ විසා මත සිට ඇත.
මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල පවතින තත්වය මත, ජාත්‍යන්තර උපාධිධාරියෙකුට විවිධ වීසා බලපත්‍ර සඳහා අයදුම් කරමින් සහ එම වීසා සැකසීම සිදු කරනතුරු තිබෙන කාලය තුල වසර අටක් දක්වා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිය හැකි බව අනාවරණය වී තිබේ.
කෙස් නමුත් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාවේ සීමාවන් බැහැර නොකරනු ඇති බව වාර්තා වේ.
ඉහළ ආදායම් ලබන්නන් සඳහා වීසා කඩිනම් කිරීම
නව සංක්‍රමණ උපාය මාර්ගය තුල කඩිනම් විසා ලබාදීම ප්‍රධාන කරුණක් වේ.
වසරකට ඩොලර් 135,000 හෝ ඊට වැඩි ආදායමක් ලබන රැකියාවක් සඳහා ඔස්ට්‍රේලියාවට ගෙන්වන ඕනෑම අයෙකුට නව විශේෂ වීසා pathway එකක කොටසක් ලෙස ඔවුන්ගේ වීසා අයදුම්පත් සැකසීම කඩිනම් කරයි.
මේ අනුව සාමාන්‍යයෙන් සතියක් (දින 7ක්) ඇතුළත ඔවුන්ගේ එම වීසා බලපත්‍ර සකසා අවසන් කිරීම ඕස්ට්‍රේලියානු රජයේ අරමුණයි.
ඉල්ලුමට සරිලන කුසලතා සහිත පුද්ගලයින් හට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා පැහැදිලි වීසා බලපත්‍ර මාර්ගයක් ලබාදේ.
මෙය ඕස්ට්‍රේලියානු කර්මාන්ත සඳහා විදේශීය දක්ෂතා සහිත පිරිස ආකර්ෂණය කර ගැනීම අරමුණයි.
ඉහළ නිපුණතා සහිත විදේශීය සේවකයෙකු සේවයේ යෙදවීමට අවසර ලබාගැනීම වෙහෙසකාරී බව ව්‍යාපාර විසින් පැමිණිලි කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
ඕස්ට්‍රේලියානු සමාගම්වලට බොහෝ විට තනි සේවකයෙකු රට තුළට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍ය අවසරය ලබාගැනීමට මාස ගණනාවක් ගතවේ.
මෙවැනි ඉල්ලීම් 1300ක් පමණ මේ වනවිට ක්‍රියාත්මක වේ.
ඉහළ ආදායම් ලබන්නන් සේවා යෝජකයෙකු විසින් සූරාකෑමට ලක්වීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩු බව වර්තා වේ.
ඔවුන් ඉංග්‍රීසි කතා කිරීමට ප්‍රවීණ වන අතර, වෘත්තීයමය වශයෙන් විවිධ විකල්ප ඇති බවට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔවුනට දැනුමක් පැවතීම ඊට හේතුවයි.
වීසා ඉක්මනින් සැකසීම ජයග්‍රහණයක් වන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. ඒ ඔස්සේ සේවා යෝජකයන්ට උපකාර සපයන අතර ඉදිරි දශකය තුළ අයවැය ඩොලර් බිලියන 3.4කින් ඉහළ නංවනු ඇත.
කෙසේ නමුත් trade workers, යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන්, රියදුරන් සහ කම්කරුවන් මෙම නව වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් නොලබන බව වර්තා වේ.

අඩු වැටුප් ලබන සේවකයින් පිලිබඳ අවධානය කුමක්ද?
මෙය වඩාත් අභියෝගාත්මක වේ.
අත්‍යවශ්‍ය කුසලතා සහිත නමුත්, අඩු වැටුප් ලබන සේවකයින් සඳහා සංක්‍රමණය නියාමනය කිරීම කෙරෙහි මෙම නව උපාය මාර්ගය ඔස්සේ අවධානය යොමු කරයි. ලබන වසරේ මුල් භාගයේදී මෙහි උපදේශන කටයුතු ආරම්භ කෙරේ.
අඩු වැටුප් ලබන සේවකයින් සූරාකෑමට ලක්වීමේ වැඩි අවදානමට ලක්විය හැක. වැඩිහිටි රැකවරණය සහ ප්‍රාදේශීය වගා කර්මාන්ත ක්ෂේස්ත්‍රයන් සඳහා මෙය අදාළ වේ.

Many Australian farmers are reliant on overseas workers, but the low-paid migrants are most vulnerable to exploitation. Source: AAP / Johan Palsson
මේ හේතුවෙන් මෙම පිරිස වෙනත් රැකියාවක් සෙවීමට හෝ ඔවුන්ට අයථා ලෙස සේවා යෝජකයින් සැලකීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සිදු නොකරයි.
ඕස්ට්‍රේලියානු රජයේ උපාය මාර්ගයට අනුව රැකියා මාරු කිරීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන් සඳහා වැඩි නම්‍යශීලී බවක් ලැබේ, ඒ ඔස්සේ සේවකයින්ට අසාධාරණ ලෙස සැලකීමේ සම්භාවිතාව අඩු කරනු ඇති බව විශ්වාසයයි.
Bonded labour තත්වය අවසන් කිරීම සහ සූරාකෑමට ලක්වන සේවකයින් හට ශ්‍රම වෙළඳපොලේ නිදහසේ රැකියා සෙවීමට ඉඩ ලබාදීම මෙහි අරමුණයි.
ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ සහකාර ලේකම් Liam O'Brien පවසන්නේ මොවුන්ගේ වැටුප් චෙක්පතෙහි සහ විදේශ ගමන් බලපත්‍රයෙහි භාරකරු ඔවුන්ගේ රැකියා ප්‍රධානියා නොවිය යුතු බවයි.
මේ වනවිට ගෙන තිබෙන පියවර මොනවාද?
මෙම වසර (2023) මුලදී රජය මගින්, නිපුණතා සහිත තාවකාලික සංක්‍රමණ ආදායම් සීමාව (TSMIT) සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය ආදායම, ඩොලර් 53,900 සිට ඩොලර් 70,000 දක්වා ඉහළ නැංවීය.
කෙසේ නමුත් මින් පෙර නිපුණතා සහිත තාවකාලික සංක්‍රමණ ආදායම් සීමාව සම්බන්ධයෙන් වූ රෙගුලාසි 2013 වසරේදී සකසා තිබේ.
COVID-19 හි උච්චතම අවස්ථාව වන විට 2020 වසරේදී නිර්මාණය කරන ලද Pandemic Event Visa යන වීසා බලපත්‍රය ද ක්‍රමානුකූලව ඉවත් කරනු ලැබේ.
එම වීසා බලපත්‍රය ඔස්සේ ඕස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයින්ට කිසිදු ගාස්තුවකින් තොරව වසරක කාලයක් දක්වා සිය වීසා දීර්ඝ කිරීමට හැකියාව ලැබිණ.
නමුත් රජය සැප්තැම්බර් මාසයේදී නිවේදනය කොට සිටියේ එය ක්‍රමානුකූලව ඉවත් කරන බවයි.
සැප්තැම්බර් මාසයේ සිට නව අයදුම්කරුවන්ට එය දීර්ඝ කිරීමට අවසර නොදෙන බවත්, පෙබරවාරි මාසයේ සිට අයදුම්පත් භාරගැනීම සම්පූර්ණයෙන්ම වසා දමන බවත් රජය පැවසීය.
මේ අනුව ලබන වසරේ අගෝස්තු මාසයේදී මෙම වීසා බලපත්‍ර සම්පුර්ණයෙන් නවතා දමන අතර, මේ ඔස්සේ ඉදිරි මාස 12 ඇතුළත වීසා බලපත්‍රලාභීන් 70,000කට පමණ ඔස්ට්‍රේලියාවෙන් පිටවීම සිදුවිය හැකි බව වාර්තා වේ.