නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ මේ වන විට Christmas දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින ආන්දෝලනාත්මක ශ්‍රී ලාංකික දමිළ පවුල බැලීමට ස්වදේශ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally උත්සාහ දරා තිබේ.
නමුත් ඇයගේ එම ගමන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව ආරක්ෂක අමාත්‍ය Peter Dutton විසින් නැවැත්වූ බවට ඇය චෝදනා කරයි.
Highlights
- සරණාගත දමිළ පවුල බැලීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශ වලින් අවසර ලැබුණු නමුත් අමාත්‍ය Peter Dutton එය නැවැත්වූ බවට කම්කරු පක්ෂයේ Kristina Keneally චෝදනා කරයි.
- මෙම දමිළ පවුලේ පියා Nades Murugappan වන අතර මව Priya Murugappan වේ.
- ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලද පස් හැවිරිදි Kopika සහ තුන් හැවිරිදි Tharunicaa නමැති දියණියන් දෙදෙනෙකු වෙයි.
Kristina Keneally ගේ ගමන නවත්වයි
රැකවරණය පතා නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික දමිළ මේ වන විට Christmas දූපතේ රඳවා තිබේ.
සරණාගත රැඳවුම් භාරයට පත්වීමට පෙර ඔවුන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela නමැති ප්‍රාදේශීය නගරයේ සිටි බව වාර්තා වේ.
ලබන සතියේ Christmas දූපතේ රඳවා සිටින මෙම දමිළ පවුල බැලීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ අංශ වලින් (Australian Border Force) තමාට අවසර ලැබුණු බවට ඊයේ (14/04) පස්වරුවේ සිය ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් තබමින් කම්කරු පක්ෂයේ ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Kristina Keneally ප්‍රකාශ කළාය.
නමුත් ඊට මිනිත්තු කිහිපයකට පසුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව ආරක්ෂක අමාත්‍ය Peter Dutton විසින් තම ගමන නැවැත්වූ බවට චෝදනා කරමින් ඇය තවත් ට්විටර් පණිවිඩයක් එක් කර තිබුණි.
නමුත් ඊට මිනිත්තු කිහිපයකට පසුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව ආරක්ෂක අමාත්‍ය Peter Dutton විසින් තම ගමන නැවැත්වූ බවට චෝදනා කරමින් ඇය තවත් ට්විටර් පණිවිඩයක් එක් කර තිබුණි.
ජාතික සහ බාහිර ප්රාග්ධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ ස්ථාවර කමිටුවේ කමිටුවේ ගමන් සඳහා විශේෂ ගුවන් යානා තවදුරටත් ලබා දිය නොහැකි බවට ආරක්ෂක ඇමතිවරයා තීරණය කර ඇති බව දන්වමින් Kristina Keneally වෙත ඊයේ පස්වරුවේ ඊමේල් පණිවිඩයක් ලැබීමෙන් අනතුරුව ඇය එම ට්විටර් පණිවිඩය තබා ඇත.
Christmas දූපතේ රඳවා සිටින සරණාගත ශ්‍රී ලාංකික දමිළ පවුල බැලීමට සෙනට් සභික Kristina Keneally හට අවසර ලබා දුන් බව අද (15/04) පෙරවරුවේ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ නියෝජිතයෙකු විසින් ප්‍රකාශයක් නිකුත් කළේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මේ සම්බන්ධයෙන් අමාත්‍ය Dutton ගේ අදහස් විමසීමට SBS පුවත් සේවය ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සහ දරමින් සිටියි.
ජාතික සහ බාහිර ප්රාග්ධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ ස්ථාවර කමිටුවේ සාමාජිකාවක් වන Keneally එම කමිටුවේ කටයුත්තක් සඳහා Christmas දූපතටත් Cocos දූපතටත් සංචාරය කිරීමට නියමිතව තිබුණි.
එම දූපත් වල ප්‍රජා කණ්ඩායම් සමඟ සාකච්ඡා කර අප්‍රේල් 19 සිට 21 දක්වා කාලය තුළ මහජන අදහස් විමසීම මෙම සංචාරයේ මූලික අරමුණ වී ඇත.

Defence Minister Peter Dutton at Parliament House in Canberra. Source: AAP
සරණාගත ශ්‍රී ලාංකික දමිළ පවුල
මේ වන විට Christmas දූපතේ රඳවා සිටින මෙම දමිළ පවුලේ පියා Nades Murugappan වන අතර මව Priya Murugappan වේ.
Nades Murugappan ශ්‍රී ලංකාවේ LTTE ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධ වූ අයෙකු බවට SBS පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණි.
ඔවුන් දෙදෙනා හට ඔස්ට්‍රේලියාවේදී උපත ලද පස් හැවිරිදි Kopika සහ තුන් හැවිරිදි Tharunicaa නමැති දියණියන් දෙදෙනෙකු වෙයි.
හදිසි නඩු විභාගයකින් මෙම දමිළ පවුල ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අවහිර කිරීමෙන් අනතුරුව මොවුන් 2019 අගෝස්තු මාසයේ සිට Christmas දූපතේ රඳවා ඇත.
ආරක්ෂක වීසා බලපත්‍රයක් සඳහා වන Tharunicaa ගේ අයදුම්පත සලකා බැලීමේදී සාධාරණත්වයක් ලබා නොදුන් බවට කලින් දුන් තීන්දුවක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් පසුගිය පෙබරවාරි මාසයේ දී තහවුරු කළේය.
නමුත් ආරක්ෂක වීසා බලපත්‍රයක් සඳහා වන නිර්ණායකයන් මෙම පවුල විසින් සපුරා නොමැති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නැවත නැවතත් පවසා තිබේ.
මෙම දමිළ පවුල ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ඔවුන් සහ ඔවුන්ගේ සහයකයින් සෑම උපක්රමයක්ම භාවිතා කළ බවට අමාත්‍ය Peter Dutton පසුගිය වසරේදී චෝදනා කර තිබුණි.
මීට පෙර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස කටයුතු කළ Peter Dutton පසුගියදා සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් විය.