JobSeeker සහ JobKeeper දීමනා වල නව වෙනස්කම් ඔබට බලපාන්නේ කොහොමද? (SBS සිංහල /වාර්තා)

The next stage of JobSeeker and JobKeeper has been revealed.

A line at a Centrelink earlier in the pandemic.

A line at a Centrelink earlier in the pandemic. Source: AAP

ඕස්ට්‍රේලියාව තුල කොරෝනා වසංගතයේ ආරම්භයත් සමග ඔස්ට්‍රේලියානුවන්ගේ අදායම් තත්වය රඳවා තැබූ JobSeeker සහ JobKeeper දීමනාවන්හි වෙනස්කම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට තිබේ.

මේ අනුව ඉදිරියේදී මෙම දීමනාවන්හි අඩු වීමක් සිදුවන අතර එය මේ අකාරයෙන් සිදු වේ.

ඕස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචිකරුවන් හට JobSeeker දීමනාව බලපාන අයුරු

මාර්තු මාසයේදී JobSeekr ලෙස හැඳින්වුණු Newstart unemployment payment දීමනාව

සැප්තැම්බර් මස 27 වැනිදා දක්වා, දෙසතියකට $1,100 ලෙස පවතින අතර, සැප්තැම්බර් මස 27 වැනිදා සිට 2020 අවසානය දක්වා එය දෙසතියකට $800 දක්වා අඩු කෙරේ.
Prime Minister Scott Morrison has announced changes to the JobKeeper and JobSeeker payments.
Prime Minister Scott Morrison has announced changes to the JobKeeper and JobSeeker payments. Source: AAP
මසකට රැකියා 4ක් සෙවීමට අවශ්‍ය වන අන්‍යෝන්‍ය බැඳීම් නීති අගෝස්තු මාසයේ සිට නැවතත් ඇරඹීමට නියමිත අතර වත්කම් පරීක්ෂණය සැප්තැම්බර් මාසයේදී නැවතත් හඳුන්වා දීමටද නියමිතයි.



රැකියා අපේක්ෂකයින්, මෙම වසරේ අගෝස්තු මස 4 වැනිදා සිට නව රැකියා සඳහා ඉල්ලුම් කිරීම, රැකියා සැපයුම් කරුවන් විසින් ලබාදෙන රැකියා සැලැස්මකට එකඟවීම සිදුකරනු ඇතැයි රජය අපේක්ෂා කරන නමුත් ඔවුන් නිසි රැකියාවක් සොයා ගැනීමට අපොහොසත් වුවද ලබාදෙන දීමනා අත්හිටුවීම සිදු නොකරන බව රජය පවසයි.

  

 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

එමෙන්ම රැකියා අපේක්ෂකයින්, ඔවුනට ලැබෙන සුදුසු වේතනයක් සහිත රැකියා අවස්ථාවන් වලට එකඟ වේ යැයි අපේක්ෂා කරන බවද රජය පවසා තිබේ.


කෙසේ නමුත් මෙම වසරේ අගෝස්තු මස 4 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පිළිගත හැකි හේතුවකින් තොරව තමන්ට ලැබෙන රැකියා අවස්ථාවන් ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් හට රජයෙන් ලබාදෙන දීමනාව අත්හිටුවීමට පියවර ගන්න අතර ඔවුන්ට නැවත දීමනා සඳහා අයදුම් කිරීමට සති 4ක කාලයක් බලාසිටීමට සිදු වේ.
Unemployment is expected to peak at nine and a quarter per cent.
Unemployment is expected to peak at nine and a quarter per cent. Source: AAP
JobSeeker දීමනාව 2021 වසරේදී වුවද කොරෝනා වසංගතයට පෙර පැවති තත්වයට පැමිණෙතැයි තමන් විශ්වාස නොකරන බව අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට තිබේ.

ඕස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචිකරුවන් හට JobKeeper දීමනාව බලපාන අයුරු

කොරෝනා වසංගතයට ගොදුරු වූ ව්‍යාපාර සඳහා තාවකාලික සහනාධාරයක් වශයෙන් JobKeeper දීමනාව ලබාදුන් අතර මේ අනුව සුදුසුකම් ලත් පිරිසට දෙසතියකට $1,500 ක් ලබාදීම සිදු කෙරේ.

මෙම දීමනාව සැප්තැම්බර් මස 27 වැනිදා දක්වා, දෙසතියකට $1,500 ලෙස පවතින අතර, සැප්තැම්බර් මස 27 වැනිදා සිට 2021 ජනවාරි මාසය දක්වා එම දීමනාව,සතියකට පැය 20 ක් හෝ ඊට වැඩ අඩු වෙලාවක් සේවය කරන්නන් හට දෙසතියකට $750ක් සහ පූර්ණ කාලීන සේවකයින් හට දෙසතියකට $1,200 වශයෙන් කප්පාදු කෙරේ.

2021 වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා සතියකට පැය 20 ක් හෝ ඊට වැඩ අඩු වෙලාවක් සේවය කරන්නන් හට දෙසතියකට $600ක් සහ පූර්ණ කාලීන සේවකයින් හට දෙසතියකට $1,000 වශයෙන් තවදුරටත් අඩු කිරීමට නියමිතයි.

වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයකට වඩා අඩු අදායමක් ලබන ව්‍යාපාර සඳහා සිය අදායම වසංගතයට පෙර පැවතියාට වඩා 30%න් අඩුවීමක් පෙන්නුම් කළහොත් මෙම දීමනාවට නැවත ඉල්ලුම් කල හැකි අතර වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයකට වඩා වැඩි අදායමක් ලබන ව්‍යාපාර සඳහා සිය අදායම වසංගතයට පෙර පැවතියාට වඩා 50%න් අඩුවීමක් පෙන්නුම් කළහොත් මෙම දීමනාවට නැවත ඉල්ලුම් කල හැකි වේ.

 


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මෙම වැඩසටහන ඔස්සේ ඔක්තෝබර් සහ දෙසැම්බර් යන මාස තුලදී සේවකයින් මිලියන 1.4ක් පමණ ආවරණය වන අතර මීළඟ කාර්තුවේදී මිලියනයක් පමණ ආවරණය වන බව භාණ්ඩාගාර වාර්තා පෙන්වා දේ.

JobSeeker සහ JobKeeper දීමනා ලබාදෙන කාල සීමාව අතර වෙනස්කම්

JobSeeker දීමනාව 2020 දෙසැම්බර් මාසය දක්වා පමණක් ලබාදෙන අතර JobKeeper දීමනාව 2021 වසරේ මාර්තු මාසය දක්වා ලබාදීමට පියවර ගැනීම පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට ඇත්තේ, JobKeeper දීමනාව හිමිවන සේවා නියුක්තිකයින් හට සැලසුම් කිරීම සඳහා මාස 6ක කාලයක් අවශ්‍ය වන අතර JobSeeker දීමනාව හිමිවන පිරිසට තම සැලසුම් මේ වනවිටත් පවතින බවත් ඔවුන්ට රැකියා සොයාදීම සඳහා සහාය වීම රජයේ කාර්යය බවත්ය.

JobSeeker සහ JobKeeper දීමනා නොලැබෙන්නේ කා හටද?

පෙර පැවති අයුරින්ම මාස 12ක කාලයක් සේවා යෝජකයා සමග කටයුතු කල අනියම් සේවකයින් හට පමණක් JobKeeper දීමනාව ලැබෙන අතර මේ හේතුවෙන් කෙටි කාලීන අනියම් සේවකයින්, කම්කරුවන් හට සහ කළා ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනෙකුට මෙම දීමනාව අහිමි වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායක Anthony Albanese සඳහන් කොට ඇත්තේ මෙම දීමනාව ලබාදීමේදී රජය විසින් බොහෝ පිරිසක් අතහැර දමා ඇති අතර ඒ පිළිබඳව කම්කරු පක්ෂය අවධානයෙන් සිටින බවයි.
උපදේශක කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙම දීමනාවෙන් තාවකාලික වීසා හිමියන් බැහැර කිරීමට රජය පියවර ගත් බවයි. දීමනාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව දැනුම් දීමේදී පවා එම දීමනාව ලබාදීමේදී දැඩි අසරණභාවයකට පත් වූ තාවකාලික වීසා හිමියන් හට සිදු වූ වෙනස්කම් ඒ අයුරින්ම පැවතීම පිළිබඳව කලකිරීමට පත්වන බව ඕස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය Cassandra Goldie අවධාරණය කර සිටී.
SBS radio
Source: SBS Radio

Share
Published 28 August 2020 8:01am
Updated 12 August 2022 3:15pm
By Nick Baker, Evan Young, Nipuna Dodangoda


Share this with family and friends