ඕස්ට්‍රේලියාවේ පසුගිය වසර 12 තුල නිවාස මිලදීගැනීමේ පිරිවැය දෙගුණයකින් ඉහලට

පසුගිය වසර 12 තුළ ඕස්ට්‍රේලියානුවන්ගේ සාමාන්‍ය ආදායම සියයට 42 කින් ඉහළ ගොස් ඇති අතර, සාමාන්‍ය දේපල මිල සියයට 99 කින් ඉහළ ගොස් ඇත

A wide-angle view of a cluster of houses.

Data analysed by Money, an Australian finance platform, shows that the average property price in Australia has surged by 99 per cent since 2012, from $489,000 to $973,000. Source: AAP / Darren England


මෑත වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ පළමු නිවස මිලදී ගැනීම සඳහා දෙගුණයකට ආසන්න නිවාස තැන්පතුවක් ඉතිරි කිරීමට මේ වන විට අවශ්‍ය වී තිබේ .

ඕස්ට්‍රේලියානු මූල්‍ය තොරතුරු පද්ධතියක් වන Money.com.au විසින් විශ්ලේෂණය කරන ලද දත්ත වලට අනුව ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය දේපල මිල 2012 සිට සියයට 99 කින් එනම් ඩොලර් 489,000 සිට ඩොලර් 973,000 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වාදෙයි.

වාර්තාව මගින් පෙන්නුම් කරන්නේ, 2012 දී, පළමු නිවාස ගැනුම්කරුවෙකුට සියයට 10 ක තැන්පතුවක් සඳහා ඩොලර් 48,990 ක් අවශ්‍ය වූ බවත් , මේ වන විට එම අගය ඩොලර් 97,330 දක්වා ඉහළ ගොස් ඇති බවයි .

ණය ලබා දෙන්න්නන්ගේ උකස් රක්ෂණය (LMI) වළක්වා ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් සඳහා 2012 හි සියයට 20 ක තැන්පතුවක් ඩොලර් 97,980 ක් අවශ්‍ය විය., නමුත් අද එය ඩොලර් 194,660 ක දක්වා ඉහල ගොස් ඇත.

එම කාලය තුළ පූර්ණ කාලීන සේවකයෙකුගේ සාමාන්‍ය ආදායම සියයට 42 කින් වැඩි වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.


අදාල වෙබ් අඩවිය නියෝජනය කරමින් ”Mansour Soltani" පවසා සිටියේ පළමු නිවාස ගැනුම්කරුවන් විසින් දැරිය යුතු වන තැන්පතු පරතරය ඉතා විශාල ලෙස ඉහල ගොස් ඇති අතර, තැන්පතුවක් සඳහා ඉතිරි කිරීම කළ නොහැකි කාර්යයක් බවට පත් වි ඇති බවයි.

මෙම තැන්පතු අවශ්‍යතා ඉහළ යාම නිසා බොහෝ මුල් නිවාස ගැනුම්කරුවන්ට නිවාස හිමිකම ප්‍රමාද කිරීමට හෝ තම හිතැතියන්ගෙන් ණයට ගැනීම හෝ ඇපකරුවන් සහ රජයේ සහාය පැතීම වැනි විකල්ප මූල්‍ය ක්‍රම වෙත යාම සදහා පොළබවයි.

මේ වන විට පළමු නිවාස ගැනුම්කරුවන් සදහා ලබා දෙන ණය සාමාන්‍ය දේපල මිලෙන් සියයට 65 ක් ආවරණය කරන අතර, 2012 දී මෙම ණය සාමාන්‍ය නිවාස මිලෙන් සියයට 73 ක් ආවරණය කරනු ලැබීය. මෙමෙ වාර්තාව "දේපල මිල ඉහළ යාම සහ පොලී අනුපාත ඉහළ යාම " පිලිබදව තොරතුරු වාර්තා කරයි.

 

මූල්‍ය තොරතුරු පද්ධතිය නියෝජනය කරමින් Peter Drennan පවසන්නේ "මෙමගින් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු පළමු නිවාස ගැනුම්කරුවෙකුට විශාල තැන්පතුවක් ඉදිරිපත් කිරීමට හෝ අඩු මිලකින් යුතු දේපලක් මිලදී ගැනීම ට සිදුවන වන බවයි - මේ දෙකම 2024 දී සිදු කිරීම වඩ වඩාත් දුෂ්කර වන බවයි. නමුත් මේ අවස්ථා දෙකම 2024 වර්ෂයේදී දුෂ්කර කාර්යයක් බවද ඔහු පවසයි.

 

තව දුරටත් අදහස් දක්වමින් ඩ්‍රෙනන් පැවසුවේ: "පළමු නිවාස ගැනුම්කරුවන්ගේ ණය සමස්තය ණය වෙළඳපොළට වඩා තුන් ගුණයකින් වේගයෙන් වර්ධනය වන අතර, සාමාන්‍ය නිවසක් මිලදී ගැනීම වෙන කවරදාටත් වඩා දුෂ්කර වී ඇති බවයි.

සෙනසුරාදා දින , PropTrack Housing Affordability වාර්තාව සදහන් කළේ 2023-2024 මුල්‍ය වර්ෂයේදී දී, ඩොලර් 112,000 ක මධ්‍ය ආදායමක් ඇති නිවසක් විකිණීමෙන් ලබා ගත හැකි වන්නේ සියයට 14ක කොටසක් පමණක් බවයි, එය 1995 හි වාර්තා ආරම්භ වූ දා සිට වාර්තා වූ අඩුම ප්‍රමාණයකි .

 

වසරකට ඩොලර් 50,000ක් උපයන පවුල්වලට දැරිය හැකි වන්නේ නිවාසවලින් සියයට 3ක් පමණක් බව වාර්තාව අනාවරණය කළේය.

 

"පළමු නිවාස ගැනුම්කරුවන්, හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන කුලී නිවැසියන්, බොහෝ විට නිවාස වෙලඳපොලට ඇතුළු වීම සදහා ණය ගැනීම් මත විශ්වාසය තබන අතර, ඔවුන් ඇදහිය නොහැකි ලෙස මිල දිගුවකට මුහුණ දෙයි," PropTrack හි ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ Paul Ryan මේ බව පවසන ලදී.

Share
Published 27 September 2024 3:20pm
By Niv Sadrolodabaee
Presented by Sudarshani Ambegoda
Source: SBS


Share this with family and friends