කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා සංක්‍රමණික කෝටාව ලක්ෂ 2 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (ACCI) මෙම ඉල්ලීම කර ඇත.
Highlights
- කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමූ අතර එතැන් සිට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර හා කර්මාන්ත දිගු කාලීන ශ්‍රම හිඟයකට මුහුණ දෙමින් සිටියි.
- කොවිඩ් වසංගතයට පෙර සාමාන්‍ය වර්ෂයකදී ඔස්ට්‍රේලියාවේ පුහුණු සංක්රමණිකයින්ගේ කෝටාව 120,000-150,000 අතර වේ.
- නත්තලට පෙර සංචාරකයින්, සංක්‍රමණික සේවකයින් සහ ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වා ගැනීමට හැකිවෙතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ සහ සංචාරක අමාත්‍ය Dan Tehan පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික නිපුණතා සංක්‍රමණික කෝටාව වැඩි කිරීමට ඉල්ලීමක්
කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත්ව ඇති ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි නගා සිටුවීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාරගන්නා නිපුණතා සංක්රමණිකයින්ගේ සංඛ්‍යාව දෙගුණ කළ යුතු බව ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමූ අතර එතැන් සිට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර හා කර්මාන්ත දිගු කාලීන ශ්‍රම හිඟයකට මුහුණ දෙමින් සිටියි.
වසර 2050 වන විට ඔස්ට්‍රේලියාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ඉලක්ක 10 කින් සමන්විත “Better Australia” නම්වූ උපායමාර්ග වැඩසටහනක් ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අද (19/10) නිකුත් කළේය.
මෙම පුහුණු ශ්‍රම හිඟතාවය මග හරවා ගනිමින් ආර්ථික ප්‍රතිඵල උපරිම ලෙස සපුරාලීම සඳහා සංක්‍රමණික ඉලක්ක තැබිය යුතු බව ඔවුහු පැවසුහ.
"වසරකට 200,000 පමණ පුහුණු සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් සාධාරණයි." යනුවෙන් ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක Andrew McKellar, SBS පුවත් සේවයට පැවසීය.

Labor expects to increase the Temporary Skilled Migration Income Threshold if they elected Source: Getty Images/Westend61
සාමාන්‍ය වාර්ෂික කෝටාව සමග සංසන්දනය කිරීම
කොවිඩ් වසංගතයට පෙර සාමාන්‍ය වර්ෂයකදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුහුණු සංක්‍රමණිකයින් 120,000-150,000 කෝටාව සමඟ මෙම ලක්ෂ දෙකක අගය සංසන්දනය කර ඇති බව ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පැවසීය.
කෙසේවෙතත්, මෙහි ඇති තීරණාත්මක කරුණ නම් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා කෙතරම් ඉක්මනින් විවෘත වේද යන්න බව ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක Andrew McKellar පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
එමෙන්ම නිරෝධායනය රහිතව සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමද මෙහිදී ඉතා තීරණාත්මක බව ඔහු පැහැදිලි කළේය.
තාවකාලික සහ ස්ථිර සංක්‍රමණයන්ගෙන් දිගු කාලීන ප්රතිලාභ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇතුළු සියලුම ප්‍රාන්ත රජයන් පිළිගත යුතු බවද ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ මෙම උපායමාර්ග වැඩසටහන පවසයි.

Australia's Trade and Tourism Minister Dan Tehan Source: AAP
නත්තලට පෙර සංචාරකයින්, සංක්‍රමණික සේවකයින් සහ ජාත්‍යන්තර සිසුන් නැවත ගෙන්වා ගැනීම
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 80% ක් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් විට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ජාත්‍යන්තරයට විවෘත කිරීම පිළිබඳ ධනාත්මක බලාපොරොත්තු තබාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ සහ සංචාරක අමාත්‍ය Dan Tehan පැවසීය.
නමුත් ඔස්ට්‍රේලියාවට සංචාරකයින් හෝ සංක්‍රමණිකයින් ගෙන්වා ගැනීමේදී ඔස්ට්‍රේලියානුවන් හට ප්‍රමුඛතාව ලබා දීම අනිවාර්ය බව ඔහු Sky පුවත් සේවයට පැවසීය.
ඒ අනුව එළඹෙන නත්තලට පෙර සංචාරකයින්, ජාත්‍යන්තර සිසුන්, working holiday වීසා ලාභීන් සහ පැසිෆික් කලාපයේ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍ය Dan Tehan සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංක්රමණිකයින්ගේ ශ්‍රමය ඉතා වැදගත් වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.