ගිම්හාන සෘතුවේදී Bushfires නොහොත් ලැව් ගිනි ඇතිවීම ඔස්ට්‍රේලියාව තුල දක්නට ලැබෙන තත්වයක් වන නමුත් 2019-20 යන වසර වලදී ඕස්ට්‍රේලියාවෙන් අතිශය දරුණු ලැව් ගිනි තත්වයක් වාර්තා විය. මෙම ලැව් ගිනි හේතුවෙන් එම කාලසීමාව තුලදී අක්කර මිලියන 14කට වැඩ වැඩි ප්‍රදේශයක් විනාශයට පත් වූ අතර පුද්ගලන් 20කට වැඩි සංක්‍යාවක් සහ සතුන් බිලියනයක් පමණ ජීවිතක්ෂයට පත් විය.
මෙම වසරේදීත් ලැව් ගිනි අවදානම පවතින නමුත් එය පසුගිය වසරට සාපේක්ෂව වැදගත් වෙනස්කම් පවතින බව ලැව්ගිනි සහ ස්වාභාවික විපත් පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය Richard Thornton සඳහන් කරයි.
"අකුණු සැර මගින්, නොසැලකිලිමත් බව මත Campfires හේතුවෙන් සහ උස තණකොළ සහිත ස්ථාන වල වාහන නැවැත්වීම යන කරුණු මත ක්ෂණිකව ලැව්ගිනි තත්ත්ව හටගත හැකියි"
පසුගිය වසරේදී ඇති වූ ලැව්ගිනි තත්වයෙන් පසුව ආපදා රාජකීය කොමිසමක් පිහිටවූ අතර එමගින් ඕස්ට්‍රේලියාවේ සියලු දරුණු කාලගුණික සිදුවීම් සඳහා සැලසුම් කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සොයා බැලින. එමෙන්ම මෙම කොමිසම මගින්, ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය රජයන් වෙත සඳහන් කොට සිටියේ All-hazard Australian warning system නොහොත් "සියලු උපද්‍රවයන් පිළිබඳව අනතුරු ඇඟවීමේ පද්ධතියක්" සකස් කරන ලෙසයි.
මෙම වැඩපිළිවෙලෙහි එක් ප්‍රතිපලයක් වශයෙන් Emergency Service Authorities Council (AFAC) නොහොත් ඔස්ට්‍රේලියානු ගිනි හා හදිසි සේවා අධිකාරී කවුන්සිලය විසින් නව ඕස්ට්‍රේලියානු අනතුරු ඇඟවීමේ පද්ධතියක් සකස් කරන ලදී. එම පද්ධතිය දෙසැම්බර් මස මුල සිට ක්‍රියාත්මක වේ.
අදියර තුනකින් සමන්විත අනතුරු ඇඟවීම් පද්ධතිය
ඔස්ට්‍රේලියානු ගිනි හා හදිසි සේවා අධිකාරී කවුන්සිලය ක්‍රියාත්මක කරන මෙම අදියර තුනකින් සමන්විත අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහා පුළුල් ප්‍රජා සහයෝගයක් ලැබී තිබේ.
මෙම පද්ධතිය ත්‍රිකෝණාකාර Colour-codes නොහොත් වර්ණ කේත ත්‍රිත්වයකින් සමන්විත වේ. ඒවා පිලිවෙලින් පහත පරිදි වේ.

Source: Getty Images
- "උපදෙස්" සඳහා කහ පැහැය
- "අවධානය සහ ක්‍රියාත්මක වීම" සඳහා තැඹිලි පැහැය
- "අනතුරු ඇඟවීම" සඳහා රතු පැහැය
"උපදෙස්" සඳහා කහ පැහැය
මෙය පළමු මට්ටම ලෙස සැලකෙන අතර මෙමගින් අර්ථ දැක්වෙන්නේ ගින්න ආරම්භ වී ඇති නමුත් ක්ෂණික අනතුරක් නොමැති බවයි.
"අවධානය සහ ක්‍රියාත්මක වීම" සඳහා තැඹිලි පැහැය
මෙය දෙවන මට්ටම ලෙස සැලකෙන අතර මෙමගින් අර්ථ දැක්වෙන්නේ තත්වය වෙනස් විය හැකි අතර තම ආරක්ෂාව සලසාගැනීමට පියවර ගතයුතු බවයි.
"අනතුරු ඇඟවීම" සඳහා රතු පැහැය
මෙය තුන්වන මට්ටම ලෙස සැලකෙන අතර මෙමගින් අර්ථ දැක්වෙන්නේ මිනිසුන්ට අනතුරක් පවතින අතර ඉක්මනින් ක්‍රියාත්මක නොකිරීම මගින් ජීවිත හානි සිදුවිය හැකි බවයි.
අනතුරුදායක ප්‍රදේශ වලදී මෙම වර්ණ කේත වෙබ් අඩවි සහ Apps වල පෙන්වන අතර එවැන්නක් දුටු වහාම ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු වෙයි. එමෙන්ම මෙම කේත තුල ඔබට ආරක්ෂාකාරී පියවර ගැනීම සඳහා වන තොරතුරුද ඇතුලත් වේ.
උදාහරණයක් වශයෙන් අවදානය සහ ක්‍රියාකිරීම යන්න සම්බන්ධයෙන් වන තැඹිලි පැහැ වර්ණ කේතය දුටු වහාම ඔබ එම ප්‍රදේශයෙන් ඉවත්වීම සඳහා සුදානම් විය යුතු වේ.
මෙම වර්ණ කේත ලැව් ගිනි සඳහා පමණක් නොවන අතර සෙසු හදිසි අවස්ථා සඳහාද භාවිත කෙරේ.

Source: Getty Images
හදිසි අනතුරු ඇඟවීම්
බටහිර ඕස්ට්‍රේලියාව සහ නොදර්න් ටෙරිටරිය මෙම නව අනතුරු ඇඟවීම් ක්‍රමය අනුගමනය කිරීමට තීරණය කොට තිබේ. ඔවුන් ගංවතුර , සුළි සුලන් සහ තාප තරංග වැනි සෙසු ආපදා පිළිබඳව අනතුරු ඇඟවීම් සඳහාද මෙම කීත යොදාගැනීමට නියමිතව තිබේ.
ඕස්ට්‍රේලියානු ගිනි හා හදිසි සේවා කොමිෂන් සභාවේ අංශයක් වන ජාතික මහජන තොරතුරු හා අනතුරු ඇඟවීමේ කණ්ඩායමේ Fiona Dunstan පෙන්වා දෙන්නේ අදියර තුනකින් සමන්විත අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් තර්ජනයේ බරපතලකම පැහැදිලිව දැක්වීම සිදුවන බවයි
එමෙන්ම ඇතැම් ලැව්ගිනි තත්ව සඳහා "සයිරන්" වැනි අනතුරු ඇඟවීමේ ශබ්දයක් සමඟ ගුවන් විදුලිය හෝ රූපවාහිනිය හරහා අනතුරු ඇඟවීමේ පණිවිඩයක් විකාශනය කිරීමටද පියවර ගෙන තිබේ. කෙසේ නමුත් මෙය සෑමවිටම සාර්ථක නොවන අතර ඇතැම් හදිසි ගිනි තත්ත්ව යටතේ ගුවන් විදුලිය හෝ රූපවාහිනිය හරහා අනතුරු ඇඟවීමට කාලයක් නොපවතින බව Fiona Dunstan පවසයි.
ඇය සඳහන් කරන්නේ දුරකථනය මගින් ක්ෂණිකව ජනතාව දැනුවත් කිරීමේ මාර්ගයක්ද පවතින බවයි.
"ක්ෂණික තර්ජනයක් ඇති ප්‍රදේශයක පුද්ගලයින් සිටින බව දැනගත් වහාම, Emergency Alert නම් වූ පද්ධතිය හරහා ඔවුනට දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ පදනම් කරගත් අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කිරීම සිදුවේ"
Emergency Alert යනු හදිසි සේවා මගින් ලෑන්ඩ්ලයින් වෙත Voice messages යැවීමට සහ හදිසි අවස්ථා පිළිබඳව ජංගම දුරකථන වෙත කෙටි පණිවිඩ යැවීමට භාවිතා කරන ජාතික දුරකථන අනතුරු ඇඟවීමේ පද්ධතිය වේ.
මේ සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නොවන අතර ජාතික දුරකථන දත්ත පදනම් කරගනිමින් මෙම පද්ධතිය ක්‍රියාත්මක වේ.
Fiona Dunstan පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය ගුවන්විදුලියට සවන් දීම, කලාපීය ගිනි නිවීමේ ආයතනවල වෙබ් අඩවි සහ App පිළිබඳව මෙන්ම ගින්නෙන් හා වන කාලගුණයෙන් සිදුවිය හැකි අනතුරු පිළිබඳව දැනුවත්ව සිටීම ඔස්සේ මෙම අවදානමෙන් මිදිය හැකි බවයි.
"සෑම ගිනි නිවීමේ ඒජන්සියකටම හෝ හදිසි සේවාවක් සඳහාම වෙබ් අඩවියක් පවතී, ඊ හේතුවෙන් එම තොරතුරු වෙබ් අඩවි වල, වචන මගින් හෝ සිතියම් මගින් ප්‍රදර්ශනය කෙරේ"
මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පවතින තත්වය හමුවේ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාරයන්හි නිරතවීමට නොහැකිවීම හේතුවෙන් බොහෝ දෙනෙක් Camping grounds වෙත යාම සිදුකරයි.
දකුණු ඕස්ට්‍රේලියානු උද්‍යාන රේන්ජර්වරයකු වන Seiji Iwao සඳහන් කරන්නේ මෑතකදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ බොහොමයක නිවාඩු කලාපයන්හි ගස්කොලන් වර්ධනය වී ඇති බවයි.

Source: Getty Images
"තණකොළ වැඩෙමින් පවතී, එබැවින් මෙය සාමාන්‍ය වසරක් ලෙස සැලකිය නොහැකි අතර තණකොළ ආශ්‍රිතව ඇතිවිය හැකි ගිනි සම්බන්ධයෙන් සැලකිලිමත් අප සැලකිලිමත් වෙමු"
මේ හේතුවෙන්, කඳවුරු තුල ගිනි දැල්වීමේදී එහි පවතින සංඥා පිළිබඳව අවබෝධයෙන් සිතෙන ලෙස සහ සාමාන්‍ය බුද්ධිය භාවිත කරන ලෙස Seiji Iwao ඉල්ලා සිටි.
"සුළඟ ඉතා ප්‍රබල නම්, ඔවුන් එම ස්ථානයේ කඳවුරු නොබැඳීමට තීරණය ගත යුතුය, නැතහොත් ගින්නෙහි ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඔවුන් වගකිව යුතුය"
ලැව්ගිනි අනතුරු ඇඟවීම් App සඳහා - , , , , , ,