Exclusive

වාර්තාවක් තබමින් 2023 ඔස්ට්‍රේලියාවේ Geelong දින දර්ශනය ශ්‍රී ලාංකිකයෙක් ලබාගත් ඡායාරූපයකින් හැඩවුණු හැටි

2023 Geelong දින දර්ශනයේ කවරයේ ඡායාරුපය සඳහා Geelong කලාපයේ වෙසෙන ලසිත් පෙරින්පනායගම් විසින් ලබාගත් ඡායාරුපයක් තෝරාගෙන තිබේ.

How the 2023 Geelong calendar in Australia was featured by a photograph taken by a Sri Lankan

Lasith Perinpanayagam's photo of Corio Bay that features on the front cover of the 2023 Geelong calendar Credit: Supplied: Lasith Perinpanayagam

ඔස්ට්‍රේලියාවට පැමිණි ඇතැම් ශ්‍රී ලාංකිකයෝ ඔස්ට්‍රේලියානු සමාජයට, ආර්ථිකයට, ක්‍රීඩාවට ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සුවිශේෂී දායකත්වයක් සපයා ඉතිහාස වාර්තා අලුත් කර තිබේ.

වසර 168 ක මෙල්බර්න් සරසවියේ ඉතිහාසය අලුත් කළ ශ්‍රී ලාංකික නිවුන් සොයුරියන් දෙදෙනෙකු පිළිබඳව ද SBS සිංහල ගුවන් විදුලිය ඔබ වෙත පසුගියදා තොරතුරු ගෙන ආවෙමු.
ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong දින දර්ශනයේ කවරය සැරසීමට ද ශ්‍රී ලාංකිකයෙකු හට අවස්ථාව ලැබී තිබේ.

2023 Geelong දින දර්ශනයේ කවරයේ ඡායාරුපය සඳහා Geelong කලාපයේ වෙසෙන ලසිත් පෙරින්පනායගම් විසින් ලබාගත් ඡායාරුපයක් තෝරාගෙන තිබේ.

2023 නව වසර එළඹීමත් සමග ලසිත් ගේ මෙම ජයග්‍රහණය ගැන ඔබට කියන්නට SBS සිංහල ගුවන් විදුලිය තීරණය කළේය.
LISTEN TO
Lasith Web image

ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවේ Geelong දින දර්ශනයේ කවරය සැරසීමට වරම් ලැබූ ශ්‍රී ලාංකිකයා SBS සිංහලට කතා කරයි

SBS Sinhala

11:56

ඡායාරූප 15,000 ක් අතරින් ලසිත්ගේ ඡායාරූපය පළමු තැනට

වාර්ෂික Geelong දින දර්ශනය සැරසීම සඳහා ඡායාරූප තෝරාගැනීම පිණිස වාර්ෂිකව තරගයක් පැවැත්වෙන බවත් 2023 Geelong දින දර්ශනයේ ඡායාරූප සඳහා පැවති තරගයේදී තමන්ගේ ඡායාරූපය පළමු තැනට තේරී එය 2023 Geelong දින දර්ශනයේ කවරයේ ඡායාරූපය බවට යොදන්නට Geelong නගර සභාව තීරණය කළ බව ලසිත් SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

ලසිත් පවසන පරිදි ලක්ෂ දෙකකට අධික Geelong වැසියන්ගේ නිවෙස්වලට මෙම දින දර්ශනය මේ වන විටත් බෙදා හැර අවසන්.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
"මගේ ඡායාරූපයේ තියෙන්නේ Geelong Corio Bay එක. මට අවශ්‍ය ඡායාරූපය ගන්න මට දවස් කිහිපයක් වැය කරන්න සිද්ධ වුණා. අදාළ දිනයේදී මම ඡායාරුප 35 ක් විතර ලබාගත්ත. ඒවායින් හොඳම ඡායාරූපය තමයි මම තෝරාගෙන මේ තරගයට යොමු කළේ." තමන්ගේ ජයග්‍රාහී ඡායාරූපය ලබාගත් අයුරු ලසිත් SBS සිංහල ගුවන් විදුලියට පැහැදිලි කළේ ඒ අයුරිනි.

තමන්ගේ ඡායාරූපය 2023 Geelong දින දර්ශනයේ කවරයේ ඡායාරූපය සඳහා තොරගනිවී කියා කිසිසේත්ම තමන් නොසිතූ බවත් තරගයේ සංවිධායකයන්ගෙන් ඇමතුමක් පැමිණි පසුව එය දැනගත් බවත් ලසිත් ප්‍රකාශ කළේය.

Geelong නගරාධිපති Peter Murrihy තමන්ට මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශේෂ සුබ පැතුම්ද එක් කළ බව ඔහු සඳහන් කළේය.
Geelong Mayor Peter Murrihy and Lasith Perinpanayagam
Geelong Mayor Peter Murrihy and Lasith Perinpanayagam Credit: Supplied: Lasith Perinpanayagam

ජාත්‍යන්තර සිසුවෙක් ලෙස කුරුණෑගලින් ඔස්ට්‍රේලියාවට

"මම කුරුණෑගල රාජකීය විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය ලබන්නේ. ඊට පස්සේ කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වෙලා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරනවා. පසුව මගේ මූලික ඉංජිනේරු උපාධිය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් ලබාගෙන 2019 වසරේදී Electrical සහ Electronic ඉංජිනේරු උපාධිය හදාරන්න මම ඔස්ට්‍රේලියාවට පැමිණියා." ජාත්‍යන්තර සිසුවෙක් ලෙස ලසිත් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි අයුරු විස්තර කළේය.

ජාත්‍යන්තර සිසුවෙක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ තම ඉංජිනේරු උපාධිය හරහා මේ වන විට ලසිත් Geelong ප්‍රදේශයේම ආයතනයක ඉනිජිනේරුවෙකු ලෙස පළමු පත්වීම ලැබ රැකියාව කරමින් සිටී.
LISTEN TO
SL PHD Twin Sisters Web image

මෙල්බර්න් සරසවියේ ඉතිහාසය අලුත් කළ ලාංකික නිවුන් සොයුරියෝ දෙදෙනා SBS සිංහල ගුවන් විදුලියට කතා කරති

SBS Sinhala

19:20
ජාත්‍යන්තර සිසුවෙක් ලෙස උපාධිය හදාරා ඔස්ට්‍රේලියාවේ තම පළමු රැකියාව සොයාගැනීම තරමක් අපහසු බවට බොහෝ දෙනා මැසිවිලි නගන අතරේ ලසිත් ඒ අභියෝගය ජයගත් ආකාරයත් SBS සිංහල ගුවන් විදුලියට මෙලෙස පැහැදිලි කළේය.

"Volunteering හෙවත් ස්වේච්ඡා සේවය තමයි ප්‍රධාන යතුර, විශ්ව විද්‍යාලයේ දී මම ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. ඊට අමතරව ජාත්‍යන්තර සිසුන්ට උපකාර කිරීමට ක්‍රියාත්මක Study Geelong සංවිධානයේ මම ශිෂ්‍ය තානාපතිවරයෙකු ලෙස අවුරුදු 2 ක් කටයුතු කළා. ඊට අමතරව Geelong කලාපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ සමග එකතුවී ප්‍රජා වැඩ කටයුතුද මම සිද්ධ කළා. මේවා සියල්ල මගේ රැකියා අයදුම් පත්‍රයේ සටහන් කළා. මගේ රැකියා සම්මුඛ පරීක්ෂණයේදී මගෙන් මුලින්ම ඇහුව ප්‍රශ්නේ තමයි 'මේවා ඔක්කොම ඔයා ඉගෙනීමත් එකක් කළේ කොහොමද?' කියල."
"ඔස්ට්‍රේලියාව Volunteering හෙවත් ස්වේච්ඡා සේවයේ නියුතු වෙන්නන් හට විශේෂ සැලකිල්ලක් දක්වනවා, මගේ රැකියා සම්මුඛ පරීක්ෂණයේදී මට තේරුනේ ඒ අය multi-tasker කෙනෙක්ව හොයනවා කියල. ඒක අද මේ තරගකාරී සමාජ රටාවේ තියෙන්න අවශ්‍යම ගුණාංගයක්." යනුවෙන්ද ලසිත් වැඩි දුරටත් පැහැදිලි කළේය.

මේ නිසා උපාධිය පමණක් සම්පුර්ණ නොකර උපාධිය හදාරන අතරේ ස්වේච්ඡා සේවයේ ද නියුතු වීමෙන් ඔබට ඔස්ට්‍රේලියානු රැකියා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමට හැකිවනවා මෙන්ම ඔබේ රැකියා අයදුම්පත්‍රයට හොඳ සුදුසුකම් එකතුකරගැනීමටත් අලුත් පුද්ගලයින් දන හඳුනාගැනීමටත් අවස්ථාව ලැබෙන බව ලසිත් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන ජාත්‍යන්තර සිසුන්ට පණිවිඩයක්ද ලබා දුන්නේය.
LISTEN TO
Darshana Prasad int  image

ගිරුවාපත්තුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ හෝටල් ක්ෂේත්‍රයේ සුද්දන්වත් අභිබවා ගිය ලාංකිකයා SBS සිංහලට කතා කරයි

SBS Sinhala

15:19

ඡායාරූප ක්ෂේත්‍රයට අලුතින් එන උදවියට පණිවිඩයක්

ලසිත් ඡායාරූපකරණයට පිවිසෙන්නේ මීට වසර 10 කට පමණ පෙරාතුවය.

ඔහු ශ්‍රී ලංකාවේ සිටින කාලයේ පටන් ඡායාරූපකරණයේ නිරත විය.

ඔස්ට්‍රේලියාවට පැමිණි පසුත් තමන්ගේ ඒ විනෝදාංශය ලසිත් අත් නොහළේය.
ඡායාරූප ක්ෂේත්‍රයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ට ලසිත් අවසන් වශයෙන් මෙම පණිවිඩය ලබාදුන්නේය.

"ඡායාරූපකරණයට පැමිණෙන බොහෝ දෙනෙකු මුලින්ම සිතන්නේ මේ සඳහා මිල අධික නවීනතම තාක්ෂණය සහිත කැමරාවක්, කාච සහ අනෙකුත් උපාංග අවශ්‍යයි කියලා. නමුත් ඒක වැරදි සිතුවිල්ලක්, මමත් මුලදී භාවිත කලේ බොහොම සාමාන්‍ය මට්ටමේ කැමරාවක් සහ කාචයක්. කාලයත් සමග ඔබේ කැමරාව සහ කාචය ඇතුළු අනෙකුත් උපාංග යාවත්කාලීන කරගන්න ඔබට පුළුවන් වෙයි. හැබැයි ඡායාරූපකරණයට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. බොහොමයක් දේවල් අද වන විට අන්තර්ජාලයේ තියෙනවා, ඒවා බලල තනියම උනත් කෙනෙක්ට ඡායාරූපකරණය අද ඉගෙන ගන්න පුළුවන්."

Share
Published 2 January 2023 1:58pm
Updated 2 January 2023 2:01pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends