පාස්කු සති අන්තය අභිමුඛව සිටිමින් Greater Brisbane කලාපය දින 3 කට lockdown කිරීම ඊයේ පස්වරු 5 සිට ආරම්භ විය.
Brisbane කලාපය තුළ දැනට හමුවී ඇති එක්සත් රාජධානියේ කොරෝනා වයිරස ප්‍රභේදය වැළඳුනු ආසාදිතයින්ගෙන් අදාළ වයිරසය සමාජය වෙතට සම්ප්‍රේෂණය වීම වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
ඊයේ (29/03) දිනයේදී Brisbane නුවරින් අලුතින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වූ අතර ඒ සියලු ආසාදිතයින් දැනට හඳුනාගැනුණු ආසාදිතයින් ගේ සමීපතම ආශ්‍රිතයින් බව සැලකේ.
මේ අතර Greater Brisbane කලාපය දින 3 කට lockdown කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත ද තම ප්‍රතිචාර මෙසේ ප්‍රකාශයට පත් කර තිබේ.
Highlights
- වික්ටෝරියානු ප්‍රාන්තය විසින් Greater Brisbane කලාපය රතු කලාපයක් හෙවත් සංචාරය කිරීමට තහනම් කලාපයක් ලෙස නම් කර ඇත.
- මාර්තු 29 පස්වරු 4 සිට දකුණු ඔස්ට්‍රේලියානු - ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා වසා දමා තිබේ.
- මාර්තු 29 මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ අවසරයකින් තොරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළුවීම තහනම්ය.
වික්ටෝරියානු ප්‍රාන්තය
දැනට ක්‍රියාත්මක වන සංචාරක බලපත්‍ර ක්‍රමය යටතේ වික්ටෝරියානු ප්‍රාන්තය විසින් Greater Brisbane කලාපය රතු කලාපයක් හෙවත් සංචාරය කිරීමට තහනම් කලාපයක් ලෙස නම් කර ඇත.
මෙම නියෝගය ඊයේ (29/03) පස්වරු 6 සිට ක්‍රියාත්මක වේ.
රතු කලාපයක් ලෙස නම් කර ඇති Brisbane, Ipswich, Logan, Moreton Bay සහ Redlands වැනි ප්‍රදේශ වල සිට යළි වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ඒ සඳහා බලපත්‍රයක් ගැනීමට අවශ්‍ය වන අතර බහුතරයක් දෙනා හට තම නිවසේ දින 14 ක් ස්වයං නිරෝධායනය වීමට ද සිදුවනු ඇත.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
Greater Brisbane කලාපය, කොරෝනා මර්මස්ථානයක් ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය විසින් නම් කර තිබේ.
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවාසීන් සහ අත්‍යවශ්‍ය සේවා වල යෙදෙන පුද්ගලයින් හැරුණුකොට සෙසු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නොලැබේ.
ඒ අනුව ඊයේ (29/03) පස්වරු 4 සිට දකුණු ඔස්ට්‍රේලියානු - ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා වසා දැමීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පියවර ගත්තේය.
මාර්තු 20 සිට බ්‍රිස්බේන් නුවර සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණි යම් පුද්ගලයකු සිටීනම් ඔහු හෝ ඇය වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක ලෙස ලැබෙනතෙක් ස්වයං නිරෝධායනය විය යුතු බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Steven Marshall පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම මාර්තු 11 සිට 20 දක්වා කාලය තුළ බ්‍රිස්බේන් නුවර සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණි පුද්ගලයින් සිටී නම් ඔවුන්ට කොරෝනා රෝග ලක්ෂණ මතුවී ඇත්නම් වහාම කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මීට අමතරව බ්‍රිස්බේන් නුවර සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට නැවත පැමිණෙන දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වාසීන් පැමිණ දින 14 ක් නිරෝධායනය විය යුතුය.

The death was announced by South Australian Premier Steven Marshall. Source: AAP
බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
ඊයේ (29/03) මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ අවසරයකින් තොරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට තම ප්‍රාන්තයට ඇතුළුවීම බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය ද තහනම් කර තිබේ.
මාර්තු 27 සිට ක්වීන්ස්ලන්තයේ සිටිමින් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණෙන සෙසු ප්‍රාන්ත වල පුද්ගලයින්ට ද මෙම තහනම වලංගු බව සඳහන්.
මෑතකදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණි සියලු දෙනා හට කොරෝනා පරීක්ෂණ සිදුකර දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙස බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය මේ වන විටත් නියෝග ලබා දී තිබේ.
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ක්‍රියාකාරී හමුදා නිලධාරීන්, ෆෙඩරල් මන්ත්‍රීවරුන්, ප්‍රවාහන, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවකයින් මෙන්ම සානුකම්පිත හේතු මත අවසර ලත් පුද්ගලයින්ට පමණක් මෙහිදී බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට ඇතුළු වීමට විශේෂ අවසරයක් ලැබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අවදානම අවම මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා නැවත වර්ගීකරණය කිරීමට ගත් තීරණය සෞඛ්‍ය උපදෙස් මත පදනම් වූවක් බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.
ඊයේ (29/03) මධ්‍යම රාත්‍රීයට පෙර මෙන්ම මෑතදී ක්වීන්ස්ලන්තයෙන් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණි සියලු දෙනා හට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් යාමට නිදහස ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මාර්තු 20 - 26 කාලය තුළ ක්වීන්ස්ලන්තයෙන් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට පැමිණි පුද්ගලයින් G2G බලපත්‍ර ක්‍රමය හරහා පොලීසිය සම්බන්ධ කරගත යුතු බවත් සඳහන්.
ක්වීන්ස්ලන්තයෙන් මෑතදී පැමිණි පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇති ඕනෑම අයෙකුට නිරෝධායනය වීම දැනට අවශ්‍ය නොවේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
මාර්තු 20 පටන් Greater Brisbane සිටිමින් මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින ඕනෑම අයෙකු මේ වන විට Greater Brisbane කලාපයට පනවා ඇති lockdown නීති වලට අනුකූලව සිටිය යුතු බව NSW Health නියෝග කර ඇත.
ඒ අනුව අදාළ පුද්ගලයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට, රාජකාරී වෙත යාමට, සෞඛ්‍ය සේවා ලබා ගැනීමට සහ ව්‍යායාම් කිරීමට පමණක් නිවසින් බැහැරව යා හැකිය.
බ්‍රිස්බේන් ගුවන් තොටුපොළ හරහා transit ලබාගනිමින් පැමිණි මගීන් එම නියෝගයෙන් නිදහස් වේ.
මේ තත්ත්වය හමුවේ නිව් සවුත් වේල්ස් - ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා වසා දැමීමට තමන් තවමත් තීරණය කර නොමැති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ඊයේ (29/03) පැවසුවාය.
කෙසේවෙතත්, පාස්කු නිවාඩුවේදී ක්වීන්ස්ලන්තයේ චාරිකා නොකර සිටින ලෙස ඇය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
විශේෂයෙන් Greater Brisbane කලාපයට නොයන ලෙස Gladys Berejiklian අවධාරණය කළාය.
ඒ වෙනුවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ තම නිවාඩු සංචාර යන ලෙස ඇය පැවසුවාය.
Greater Brisbane කලාපයට ගොස් සිටින යම් අයෙකු මේ සති අන්තයේ Byron Bay හි පැවැත්වෙන Bluesfest උත්සවයට සහභාගී වීමට සිතා සිටිනවානම් කරුණාකර ඊට නොපැමිණෙන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard දැඩි ලෙස කියා සිටියි.

NSW Premier Gladys Berejiklian and Health Minister Brad Hazzard. Source: AAP
Bluesfest උත්සවයට දිනකට පුද්ගලයින් 16,000 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන බව සඳහන්.
ටස්මේනියා, ACT, සහ Northern Territory ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවාසීන්ට ප්‍රාන්ත සීමා නීති පනවා තිබේ.