ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
කොරෝනා වෛරසය පැතිරීම ක්‍රමයෙන් අඩු වීමත් සමග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය දුරස්ථ අධ්‍යාපන ක්‍රමය අවසන් කිරීම සඳහා කාලරාමුවක් එළිදක්වා තිබේ. මේ අනුව මැයි මස 11 වනදා සිට කනිෂ්ඨම සහ ජ්‍යෙෂ්ඨම සිසුන් සඳහා පාසල් ආරම්භ වන අතර එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන්නේදැයි මැයි මස 25 වන දින තීරණයකට එළඹෙන බව බලධාරීන් පවසා තිබේ.
මෙම වැඩපිළිවෙල සමබර සැලැස්මක් මත ක්‍රියාත්මක වන අතර මෙමගින් ලැබෙන ප්‍රතිපල අනුව ප්‍රාන්තයේ ඉදිරි ආර්ථිකය පිළිබඳව ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Annastacia Palaszczuk අවධාරණය කොට තිබේ.

Source: Getty Images/Klaus Vedfelt
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
මැයි මස 11 වැනිදා සිට, ළමුන් සඳහා නැවත පාසල් තුළ ඉගැන්වීම කටයුතු ආරම්භ කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කටයුතු කරමින් සිටී.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Gladys Berejiklian පෙන්වා දෙන්නේ පළමු සති දෙක සාර්ථක ප්‍රතිඵල අත්කර දුනහොත්, ඉතා ඉක්මනින් සිසුන් සඳහා පාසල් විවෘත කිරීමට පියවර ගන්නා බවයි.
කෙසේ වුවද, පාසල් තුල පන්ති ඇරඹීමේ සහ අවසාන වීමේ වේලාවන් එකිනෙකට වෙනස් වන අතර දෙමාපියන් පාසල් බිමට පැමිණීමද අවම කිරීමට පියවර ගැනීම වැනි දැඩි ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමටද නියමිතයි.
දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය/බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය සහ නොදර්න් ටෙරිටරිය සිය දෙවන වාරයේ සිසුන් සඳහා සාමාන්‍ය ලෙස පාසල් කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වුවද මෙම ප්‍රාන්ත වල සිසුන් පාසලට පැමිණීමේ අඩුවක් පවතින බව වාර්තා වේ.

Mwalimu wa sekondari na wanafunzi darasani Source: Getty Images
බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය
11 වැනි සහ 12වැනි වසරේ සිසුන් හට අධ්‍යාපන කටයුතු සඳහා පාසලට පැමිණෙන ලෙස බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය සිසුන්ගෙන් දැඩි ලෙස ඉල්ලා ඇති අතර දෙමාපියන් පාසල බිමට ඇතුල්වීම වලක්වා තිබේ.
ටස්මේනියානු ප්‍රාන්තය
ටස්මේනියානු ප්‍රාන්තය දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත්තේ, තමන්ට වෙනත් විකල්පයක් නොමැතිනම් සිය දරුවන් නිවසේ රඳවා තබාගන්නා ලෙසයි.
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය
ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියද මේ හා සමාන පියවරක් ගෙන ඇති අතර, කේන්ද්‍රස්ථාන 9ක් හැරුනුකොට අනෙකුත් සියලුම රජයේ පාසල් වසා දමා තිබේ. මේ අනුව එම කේන්ද්‍රස්ථාන 9 සඳහා ලියාපදිංචි වූ දෙමාපියන් හට සිය දරුවන් පාසලට යැවීමට හැකියාව පවතී. මෙම වැඩපිළිවෙලෙහි පවතින සාර්ථකත්වය අනුව සිසුන් සඳහා දෙවන වාරයේ පාසල් ඇරඹීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජය පවසයි.

Source: SBS Radio