ඕස්ට්‍රේලියාව පුරා ඉහල ගිය "නිවාස කුලී" මිල ගණන් ගැන විස්තරේ මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාව තුල ඉහළ යන පොලී අනුපාත මධ්‍යයේ නිවාස ණය හිමියන් සිය නිවාස ණය ගෙවීමට අරගල කරමින් සිටී, නව විශ්ලේෂණයට අනුව පෙන්වා දෙන්නේ පසුගිය ජුනි කාර්තුවේදී ඔස්ට්‍රේලියාව තුල ප්‍රචාරණය කරන ලද කුලී නිවාස වන කුලී මාධ්‍ය අහය ඉහළ මට්ටමක පවතින බවයි

Graphic showing map of Australia, house, rent sign and arrows pointing up.

Median advertised rents nationally rose 2 per cent over the June quarter to $520 per week. Source: SBS

Key Points
  • ඕස්ට්‍රේලියාවේ දේපල තක්සේරුකරුවකු වන PropTrack එහි නවතම කුලී දත්ත නිකුත් කොට ඇති අතර, ඕස්ට්‍රේලියානු අගනගරවල නිවාස කුලී තවදුරටත් ඉහළ මට්ටමකට පැමිණ ඇති බව එමගින් පෙන්නුම් කරයි.
  • ප්‍රචාරණය කොට ඇති නිවාස වල කුලී මිල ජූනි කාර්තුවේදී සතියකට ඩොලර් 520 දක්වා වූ කුලී මධ්‍ය අගයක් පෙන්වන අතර එය ජාතික වශයෙන් 2% කින් ඉහළ ගොස් තිබේ.
  • පසුගිය වසර තුළ සිඩ්නි සහ මෙල්බර්න් හි කුලී ඒකක මිල පිළිවෙළින් 19%කින් සහ 17.5%කින් ඉහළ ගොස් තිබේ.
ඕස්ට්‍රේලියාව තුල ඉහළ යන පොලී අනුපාත මධ්‍යයේ නිවාස ණය හිමියන් සිය ණය ගෙවීමට අරගල කරමින් සිටී. මේත් සමගම ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන් ද ඉහළ යන නිවාස කුලී සමඟ දැඩි පීඩාවකට පත්ව තිබේ.

ඕස්ට්‍රේලියාවේ දේපල තක්සේරුකරුවකු වන PropTrack එහි නවතම කුලී දත්ත පසුගියදා නිකුත් කල අතර, ඔවුන් පෙන්වා දෙන්නේ සමස්තයක් වශයෙන් ඔස්ට්‍රේලියාව තුල කුලී මිල ජූනි කාර්තුවේදී 2% කින් සහ සතියකට ඩොලර් 520 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ජාතික මාධ්‍ය නිවාස කුලී මිල ඩොලර් 465 ක් වශයෙන් පසුගිය වසරේ පැවති අතර පසුගිය ජුනි 22 සිට නිවාස කුලී 11.8% කින් ඉහල ගොස් ඇති බවද PropTrack පවසයි.

ඕස්ට්‍රේලියාවේ නිවාස ඉල්ලුම, පවතින සැපයුම ඉක්මවා යන බැවින් මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමත් සමග කුලී නිවැසියන් යම් සහනයක් අත්විඳීමට යම් කාලයක් ගත විය හැකි බව බලධාරීන් පෙන්වා දෙයි.

ඕස්ට්‍රේලියාවේ අගනගරවල කුලී මිල කොපමණ ඉහල ගොස් තිබේද?

PropTrack මගින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර හරහා නිවාස කුලී අඛණ්ඩව ඉහළ යන බව සොයා ගෙන ඇති අතර, ජුනි කාර්තුවේදී නිවාස කුලිය සතියකට ඩොලර් 550 දක්වා එනම් 5.8% කින් ඉහළ ගිය බව වාර්තා වේ.

මෙය පසුගිය මාස 12 ක කාලය තුළ 17%ක වර්ධනයකි.

පසුගිය වසර තුළ සිඩ්නි සහ මෙල්බර්න් හි නිවාස කුලී මිල ගණන් පිළිවෙළින් 19%කින් සහ 17.5%කින් ඉහළ ගොස් ඇත.

Table showing the price of rental houses in Australia's capital cities.
The price of rental houses has increased in in all of Australia's capital cities. Source: SBS
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි මධ්‍ය නිවාස කුලී මිල මේ වනවිට19% කින් සහ මෙල්බර්න් හි කොවිඩ් වසංගතයට පෙර පැවති ප්‍රමාණයට වඩා 10.6% කින් ඉහල මට්ටමක පවතී.

ජූනි කාර්තුවේදී, කැන්බරා සහ සිඩ්නි යන නගර අධික නිවාස කුලී සහිත නගර වශයෙන් වාර්තා වූ අතර නිවාස කුලී මධ්‍ය මිල සතියකට ඩොලර් 620 ක් වශයෙන් පැවතින. එමෙන්ම නොදර්න් ටෙරිටරියේ ඩාර්වින් හි සතියකට ඩොලර් 570 ක් වශයෙන් පැවතින.

විශාලතම නිවාස කුලී ප්‍රතිශතය ඉහල යාම පිලිවෙලින් මෙල්බර්න් සහ පර්ත් හි 4.3%ක් සහ 4%ක් වශයෙන්ද වාර්තා විය.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල නිවාස කුලී මිල කොපමණ ඉහල ගොස් තිබේද?

ජුනි කාර්තුව සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල නිවාස කුලී මිල, සමස්ථ මිල ගණන් සමඟ ගත් කල මධ්‍යස්ථ වන බව වාර්තා වේ.

2021 වසරේ මුල් භාගයේ සිට වාර්ෂික වර්ධනය මන්දගාමී වූ නමුත් පෙර වසරට සාපේක්ෂව ප්‍රාදේශීය ප්‍රදේශ වල නිවාස කුලී මිල ඉහල මට්ටමක පවතී.

ඕස්ට්‍රේලියාවේ කුලී මිල ඉහළ යාමට හේතු

PropTrack හි ආර්ථික විද්‍යාඥ Angus Moore මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ කුලී නිවාස සැපයුමට සාපේක්ෂව පවතින ඉල්ලුම ඕස්ට්‍රේලියාවේ කුලී අර්බුදයේ ප්‍රධාන සාධකයක් වන බවයි. ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස පුරප්පාඩු අනුපාතයද 1.5% ක් පමණ වන බවත් Angus පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ මේ අනුව ඕස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගැනීමක් සඳහා, කුලී නිවැසියන් විශාල ප්‍රමාණයක් සොයන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුලී ඉහළ යමින් පවතින බවයි.
Table showing median rental prices in regions for each state and territory.
Median rental prices in Regional Australia have risen by 8.7 per cent in the year to June 2023. Source: SBS
ඔස්ට්‍රේලියාව තුල ඉහළ යන පොලී අනුපාතද මේ සඳහා සෘජු ලෙස බලපාන අතර වැඩි පිරිසකට නිවාස මිලදී ගැනීමට නොහැකිව පසුවේ. මෙහෙතුවෙන් බොහෝ පිරිසක් කුලී නිවාස වල රැඳී සිටීමට කටයුතු කරයි.

ආර්ථික විද්‍යාඥ Angus පවසන්නේ පළමු නිවාස ගැනුම්කරුවන්ද ඉතා අඩුවෙන් නව නිවාස සඳහා මේ වනවිට යොමු වන බවයි. එමෙන්ම පොලී අනුපාත ඉහළ යාමත් සමඟ, ණය ගැනීමේ හැකියාවද 30%කින් පමණ පහත වැටී තිබේ.

ඕස්ට්‍රේලියානු නිවාස කුලී මිල අඩු වන්නේ කවදාද?

කෙටි කාලීනව ගත් කල ඕස්ට්‍රේලියාවේ අගනගර වල ජීවත් වන කුලී නිවැසියන් හට වැඩි සහනයක් අපේක්ෂා නොකරන බව PropTrack හි ආර්ථික විද්‍යාඥ Angus Moore පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිඩ්නි සහ මෙල්බර්න් හි නිවාස කුලී පීඩනය අඛණ්ඩව පවතිනු ඇති නමුත් රටෙහි සෙසු නගර වල නිවාස කුලී ක්‍රමයෙන් මන්දගාමී වන බවක් දක්නට ලැබෙන බවයි.

A rental sign is seen outside a house
Median advertised rents rose to $520 per week nationally in the June quarter, according to new data. Source: AAP / Jono Searle
පසුගිය මාස තුනේ සිට හය දක්වා සීමාව සම්බන්ධයෙන් සලකා බලන විට මෙම ක්ෂේස්ත්‍රයේ ඉදිරිය ක්‍රමයෙන් යහපත් වනු ඇති බවත් වැඩි කුලී නිවාස වෙළඳපොළට පැමිණීමත් ආයෝජකයින් අඩුවෙන් නිවාස විකිණීමත් දක්නට ලැබෙන බවත් ආර්ථික විද්‍යාඥ Angus පෙන්වා දෙයි.

කුලී නිවැසියන් හට ලබා ගත හැකි සහායන් මොනවාද?

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත කුලී නිවැසියන් සඳහා වන උපදේශන ආයතනයක් වන Tenants Queensland හි ප්‍රධාන විධායක නිලධාරී Penny Carr පවසන්නේ දුෂ්කර අවස්ථාවන්හිදී කුලී නිවැසියන් දිනපතා තම ආයතනය සම්බන්ධ කර ගැනීම දක්නට ලැබෙන බවයි.

මේ හේතුවෙන් Penny කියා සිටින්නේ නිවාස කුලී සම්බන්ධයෙන් පීඩනයක් දැනෙන ඕනෑම අයකු උපදෙස් ලබා ගැනීම වැදගත් වන බවයි.

නව වෙනස්කම් සහ නීති සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර දැනගැනීමට මෙමගින් හැකිවන බවත් ඇය පෙන්වා දෙයි.

මින් පෙර කවරදාකටත් වඩා ඔස්ට්‍රේලියාව තුල, ඩොලර් 400ට අඩු කුලී නිවසක් සොයාගැනීම දැඩි ලෙස අපහසු වී ඇති අතර මේ හේතුවෙන් කුලී නිවාස හිමියා සමග සාකච්ඡා කිරීමට උත්සාහ කිරීම සහ ප්‍රාන්ත රජයන් පිරිනමන සහනාධාර හෝ ආධාරක පැකේජ විමර්ශනය කිරීම සිදු කරන ලෙස ඇය කුලී නිවැසියන් හට නිර්දේශ කරයි.

Tenants Queensland හි ප්‍රධාන විධායක නිලධාරී Penny Carr වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ප්‍රාන්ත රජයන් සහ මධ්‍යම රජය නිවාස කුලී ඉහල නැංවීමේ සිමාවන් ක්‍රියාත්මක කළ යුතු අතර නිවාස කුලිය ඉහළ නැංවිය හැකි වාර ගණනද සිමා කිරීමට වහා කටයුතු කලයුතු බවයි.

Share
Published 7 July 2023 10:12am
By Jessica Bahr, Nipuna Dodangoda
Source: SBS


Share this with family and friends